IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘රනිල් - සජිත් එකතු කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.

ආණ්ඩුව පෙරළන්න නම්  එක තැනකට පැමිණිය යුතු බවත් බෙදී සිට රාජපක්ෂලාට එරෙහිව ගේම් ගසන්නට බැරි බවත් දිසානායක මහතා කීය.

ආණ්ඩුව යන මාර්ගය ගැන කලකිරුණු වෙනසක් බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් තමා සමඟත් කතා කරන බව කී දිසානායක මහතා "මහින්ද මහත්තයා" ඉන්නෙත් සතුටින් නොවන බව කීය.

ආණ්ඩුවට දුර ගමනක් නැති අතර කොහෙන් හෝ පිපිරීමක් වන බව කී නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට  ඉතිරිවී තිබෙන්නේ පොඩි "ලයිට් එකක් "පත්තු කරන්න විතරක් බවද සඳහන් කළේය.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (21)

‘‘රනිල් - සජිත් එකතු කරනවා‘‘

කිරිපුතා Thursday, 24 June 2021 07:54 PM

මේ ඇත්තන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳගන්නවා විිනා රටක්, දැයක්, සමයක් ගැන කතා කරන්න වෙලාවක් නෑ.

:       6       335

NMThursday, 24 June 2021 10:30 PM

එජාප "හිටපු" ජාතික සංවිධායක නවීන් දිසානායකට රනිල් - සජිත් එකතු කිරීම සිදුකළ යුතුව තබුනේ මීට බොහෝ කලකට පෙර ඔබ ජාතික සංවිධායකව සිටිනා කාලයේ බව නවීන්ට මතක් කරදීමට කැමැත්තෙමු . නමුත් සත්‍ය වශයෙන්ම ඔබ මෑතකදී දී පවා සිදුකළේ එකතු කිරීම නොව රනිල් පක්ෂයෙන් නෙරපීමට පක්ෂයෙන් පිට සිතන දේශපාලකයින් සමග එක්ව මාධ්‍ය සකච්ඡා තබමින් කළ හැකි උපරිමය කළ එක ප්‍රධාන පුද්ගලයෙකි. ඔබට පක්ෂයේ ඉහළම තනතුරු අවශ්‍ය වූයේ නම් සිදුකළ යුතුව තිබුනේ පක්ෂයේ නායකයා... ඔබලා විසින් පත් කළ නායකයා සමග ජයග්‍රහණයේදී සහ පරාජයේදී එක්ව සිට ඔහුට ශක්තිය සහ ධෛර්යය දීම, හැකියාවන් පෙන්වීම සහ ඔහුගේ විශ්වාසය දිනාගැනීම වේ. නමුත් ඔබලාගේ අරමුණ වූයේ රනිල් පක්ෂයෙන් නෙරපා තරුණයින් කියා ගන්න ඔබලා පක්ෂයේ බලය අල්ලා ගැනීමට සිල්ලර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වේ. එක්සත් ජාතික පක්ෂය පසුබෑමකට ලක්වූයේ රනිල් නිසා නොව දෙවනිපෙළ නායකයින් වන ඔබලා පක්ෂයේ සාමූහික විනය අමුඅමුවේ උල්ලංඝනය කරමින් ජනතාව ඉදිරියේදී සිදුකළ මෝඩ හැසිරීම් සහ කියුම් කෙරුම් නිසා බව හොදින් අවබෝධ කරගන්න.

:       0       0

SIRISENA Friday, 25 June 2021 07:09 AM

ඔබත් මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නොවන නිසා බැරිද සජිත්ට සෙට් වෙන්න. දෙන්නට හොද ගමනක් යන්න පුළුවන්.

:       0       0

suddaFriday, 25 June 2021 11:25 AM

ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත​. ආණ්ඩුව පෙරලලා බලය ගන්නයි කාටත් ඕනෑ. රටට යහපතක් කිරීම ගැන නෙවෙයි එක්කෙනෙක්වත් හිතන්නේ... මෙයාලා අවුරුදු 4කට වඩා බලයේ ඉඳලා මොකද කරේ නොකරේ කියලාවත් හිතන්නේ නැහැ...

:       0       0

සාරසි Thursday, 24 June 2021 08:06 PM

ඔබ පාර්ලිමේන්තුවට එන්න තිබුණේ. කොහොම හරි ඔබයි නායක වෙන්න ඕනෑ. ඔබ නායක වුනොත් ඔක්කොම එයි. සජිත් එහෙම ඉදීයි.

:       562       59

hesaFriday, 25 June 2021 12:33 AM

පාර්ලිමේන්තුවට එන්න කවුරුත් කැමති නිසානේ මේතරම් ඇන කොටා ගන්නේ නායකයින්... නැතිනම් රටට ආදරයකටද..? ජනතා ප්‍රසාදය ගන්න එපැයි මොනදේ කරන්නත්.. ඡන ප්‍රසාදය ගත්ත කෙනා ගොඩ.. ඡනතාවට බැනලා කවදාවත් ඔය හිතෙන තැනට එන්න ලැබෙන්නේ නෑ මේ කපේදී.. ප්‍රධානම සහ එකම දේ එයයි කළ යුතු වන්නේ...

:       0       0

aseFriday, 25 June 2021 11:31 AM

අප වැටී ඇති දරුණු ප්‍රපාතයෙන් ගොඩගත හැකි දැනට සිටින නායකයින්ගෙන් ඔබගේ මාමා වන කරු ජයසූරිය, ප්‍රවීන ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී නියම මහත්මා ගතිගුණ ඇති කෙනෙක්.. ඔහුට සියල්ලම එකතු කරගෙන අපේ දේශය ගොඩගැනීමට ආරාධනා කරන්න.

:       0       0

Asank Thursday, 24 June 2021 08:07 PM

ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි. නායකත්වය වෙනස් විය යුතුයි.. ජනතා ප්‍රසාදය ඇති කෙනෙකුට නායකත්වය දිය යුතුයි..

:       253       388

koralageFriday, 25 June 2021 07:51 AM

මේ නවීන් කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්... රනිල් දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ කෙනෙක්.., මොකද පහුගිය ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද 226,000 ක් ගන්නකොට රනිල් එජාපය සජිත්ට නොදී සජිත් මාස 3ක අලුත් SJB පක්ෂය හදාගෙන ඡන්ද 5600000 ක් අරගෙන ජනාධිපතිවරණයෙන් දෙවෙනි තැනට ආවා. සජිත්තුමෝ මේ හොරගේම්වලට අහුවෙන්නේ නැතුව ඔයාගේ ගමන තනියම යන්න.. ඊළඟ ඡන්දෙදී ඔයාට ජය නියතයි...

:       0       0

Rata Perata Thursday, 24 June 2021 08:58 PM

ඉතාම කාලෝචිත අවශ්‍යතාවක්. සරත් ෆොන්සේකාට හෝ පාඨලිට පක්ෂ නායකත්වය දෙන්න...

:       0       0

dickie bird Thursday, 24 June 2021 09:12 PM

නැතිවුණා නම්, කටවහගෙන ඉන්න..

:       0       0

Gimhantha Sri Thursday, 24 June 2021 09:50 PM

අනිවාර්යයෙන් විය යුතු දෙයක්... එකතු විය යුතුමයි... ජය⁣වේවා..!!!

:       0       0

එරා Thursday, 24 June 2021 09:55 PM

ඔබ සජිත් සමග එකතු වන්න. රනිල්ට ඉන්න කියන්න... රනිල්, විශ්වාස නැහැ.

:       0       0

Suguna Friday, 25 June 2021 06:54 AM

හොද වෑයමක්

:       0       0

මුණසිංහ Friday, 25 June 2021 07:31 AM

ඔය එන්නේ තනතුර අපේක්ෂාවෙන් නේද?

:       0       0

Saththaya Friday, 25 June 2021 08:01 AM

මේ යුගයේ අවශ්‍යතාව , මේ රට මගේ පරම්පරාවේ කියන මතයෙන් සහ දුෂිත ක්‍රියා වලට අය ඡන්ද ගණන් කිරීමට එකතු කර ගැනීම නොවෙයි . දැන් අවරුදු ගණනාවක් ඔය සෙල්ලම කරලා ලංකාවේ මිනිසුන්ව නොමරා මරලා තවමත් ඔවුන්ගේ ලේ උරමින් ජීවත් වන කොටස් දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි . ඒ කියන්නේ යහපත් මිනිසුන්ගේ බලාපොරොත්තුව අවංක අලුත් කණ්ඩායමක් . අවංක සමාජ සේවයක් කරන්න . බලය පසුපස යන දුෂිතයන් නොවෙයි විකල්පය .

:       0       0

Ranga Saparamadu Friday, 25 June 2021 08:51 AM

අපේ මාතෘභූමිය හොඳ වෙයි එහෙනම්...

:       0       0

saman Friday, 25 June 2021 11:28 AM

මාමයි, බෑනයි එක පාරකුත් ගිහින් ඇමතිකම් ගත්තා වගේ දැනුත් ගේමක් ගහන්න නේද ඔය හදන්නේ?

:       0       0

යෝගා Friday, 25 June 2021 11:31 AM

මේවා කෙරෙන වැඩද

:       1       2

hira Friday, 25 June 2021 04:18 PM

එකතුවෙලා එනනකො කට්ටිය

:       1       1

chandra Friday, 25 June 2021 06:33 PM

නුවර එළියේදී මිනිසෙකුට ගහන්න ගිහින්මොකද වුනේ මතකද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 67 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 262 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 54 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 493 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1392 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3537 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site