(යොහාන් භාසුර)
නියාමන ක්‍රමයකට හදුනාගෙන ප්‍රවේශපත් නිකුත් කිරීම හෝ දුරකථනය හරහා ආසන වෙන්කිරීමේ ක්‍රමයට හෝ අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්වීමට දුම්රිය ස්ථානයට පැමිණෙන මගී පහසුකම් සළසන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (25) පැවසීය.
අත්‍යවශ්‍ය සේවා සඳහා වන මගීන් නියාමනය කර ප්‍රවේශපතක් ලබාදී ගමනාගමන පහසුව සැළසීමේ ක්‍රමවේදයක් දුම්රිය ස්ථානධිපතිවරු යෝජනා කර තිබුණ ද දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකර මගී ජනතාව අපහසුතාවට පත්කරමින් දෙපාර්තමේන්තුවට පාඩු කරමින් සිටින බව කී සුමේධ සෝමරත්න මහතා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ මෙම තත්වය දිගින් දිගටම පැවතුණ හොත් මගී ජනතාව අපහසුතාවට පත්නොවන ලෙස දෙපාර්තමේන්තුවට දැනෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
දුම්රිය ස්ථානයට එන මගින් හරවා යෑවීම දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දී තිබෙන දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් පාඩු ලබමින් සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රවේශපත් නිකුත් කර ආදායමක් ලැබිය හැකි අවස්ථාව එය මඟ හැරීම ගැටලුකාරී බවත් සෝමරත්න මහතා කීය.
මරදානේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගම් මූලස්ථානයේදී අද (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති සුමේධ සෝමරත්න මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර සහ එම සංගමයේ සාමාජික සංජය ජයසුන්දර යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘දුම්රිය මගීන්ට ටිකට් දෙන්න‘‘
Saman Monday, 25 October 2021 07:39 PM
මගීන් ගැන ඇයි මේ හදිසි කරුණාවක්...?
WCA Monday, 25 October 2021 10:07 PM
ඔව් දුම්රිය නැතිවෙනකොට කිබුල් කදුළු. දැන් පටන්ගත්ත විතරයි ස්ට්‍රයික් කරන්න හිතන්නේ. අර වහල තිබුනේ කාලේ කලානම් මොකෝ වෙන්නේ. තනිකර බොරුවෙන් ජිවත් වන තවත් ජාතියක්. ඔය වෘතිය සමිති චන්ඩි පාට් දැන් කාලේ හරියන්නේ නෑ.1980-90 ගණන්වල කරපු ගොඩක් වෘතිය සමිති චන්ඩින්ට දැන් අඩුගානේ ස්ට්‍රයික් කියන නමවත් කියගන්න බැරිවෙලා . මෙගොල්ලොන්ටත් වෙන්නේ තවටික දවසකින් ඕකම තමයි දැන්වත් ඔලුව පාවිච්චි කරලා තීරණ ගත්තේ නැත්නම්.
ධර්මසිරි Tuesday, 26 October 2021 08:36 AM
ඊයේ කොළඹ කොටුවෙන් පටන් ගත්ත ගම්පහ, කඩවත, නිට්ටඹුව බස් පොල් පටවලා කිටි කිටියෙ හිරවෙලා ගියේ. ජීවිත ආශාව නිසා මම හව 6.15 ට ආව රඹුක්කන කෝච්චියට නැඟ ගත්තා. කෝච්චිය තනිකරම හිස්. කොටුව ස්ටේශන් එකෙන් සීසන් බලලා ඇතුලට ගත්ත පොඩි ස්ටේශන්වලින් සීසන් නැති අය කෝච්චියට ගොඩ උනා. කරුණාකරලා කෝච්චි ටිකට් දෙන්න. ඒකෙන් රජයට ආදායමකුත් ලැබෙනවා. කෝවිඩ් අවධානමකුත් නැහැ.
siran Tuesday, 26 October 2021 09:57 AM
රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයකට අනුගත වෙනවා හැර එය විවේචනය කිරීම මෙම නිලධාරීන්ට අවශ්‍ය නැත. නිදහස් අධ්‍යාපනය ., රෝහල් මෙන් ප්‍රවාහනය නොමිලේ දෙනවානම් ඊට විරුද්ධ වීම අවශ්‍ය නොවේ. ප්‍රවේශ පත් ලබානොදීමෙන් තමන්ට වන අනියම් ලාභ අඩුවීම මෙම උද්ඝෝෂණ වලට හේතු විය හැකියි. දුම්රිය කෙසේවත් මෙලෙස ඉදිරියට යා නොහැක. වහාම පුද්ගලික අයිතිය ඇති සමාගමක් කලයුතුය. විවිධ ගසා කෑම් තවදුරටත් රටට ඔරොත්තු නොදේ. දිනකට ලැබෙන ආදායම තෙල් සඳහා වත් ප්‍රමාණවත් නැති තත්වයක් තුල මෙම සුදු අලියාට නිසි කළමනා කාරිත්වයක් ලැබිය යුතුය.