(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින "දෙහි බාලේ "නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනකු අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පදිංචි "ජනා" (21)  නමින් හඳුන්වන පුද්ගලයකු සහ (19) තවත් අයකු බව පොලිසිය කියයි.

කොට්ටාව අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයෙකු පිළිබඳව විශේෂ කාර්යාංශයේ නිලධාරියකුට ලද තොරතුරකට අනුව කොට්ටාව මෙත්තාරාම පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී බෙදා හැරීම සදහා අවශ්‍ය මත්ද්‍රව්‍ය තොගයක් පැකට් කිරීමට සූදානමින් සිටි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 700 විද්‍යුත් තරාදියක් , පොලිතීන් පැකට් කිහිපයක්, මත්ද්‍රව්‍ය මැනීම සඳහා භාවිතා කරන විශේෂ හැන්දක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගත් බව පැවසේ.