IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව කබලෙන් ලිපට‘

(අංජුල මහික වීරරත්න)                           

එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී තිබූ ධනාත්මක ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වත්මන්  රජය ප්‍රතික්ෂේප කිරීම නිසා  මහජනයාට දරාගත නොහැකි ජීවන වියදමක් පැටවීම සිදුව තිබෙන බව ඉන්ධන මිල වැඩි  කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි.

රජය  ඉන්ධන මිල ඉහළ දැමීම ඔවුන්ගේ  අසමත් ආර්ථික කළමනාකරණයට එක් උදාහරණයක් බව පවසන එක්සත් ජාතික පක්ෂය මෙය කෙටිකාලයක් තුළ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල කඩා වැටීමක් බවද සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය පොදු ජන පෙරමුණ රජය ප්‍රතික්ෂේප කළද ගෝලීය තෙල් මිල පහත වැටීමෙි වාසිය පාරිභෝගිකයන්ට දීමට වත්මන් ආණ්ඩුව අසමත් වූ බවද එජාපය කියයි.

 



අදහස් (10)

‘ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව කබලෙන් ලිපට‘

NM Saturday, 12 June 2021 06:37 PM

ඉන්ධන මිල ඉහළ දැමීම පමණක් නොව යුරෝපිය රටවල GSP තහනම්... USA ලංකාවට ලබාදී තිබෙන සහන ලංකාවේ කෘෂි ආර්ථිකය විනාශ වීම වැනි අර්බුද ගණනාවකට රජයට මුහුණදීමට සහ ප්‍රශ්න සඳහා විසඳුම් නොමැති නිසා රටේ ජනතාවට ඉතාම අසීරු කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. එපමණක් නොව මේ වනවිට තාක්ෂණික දියුණුවත් සමග ජංගම දුරකථන සහ අන්තර්ජාල භාවිතා කරන්නන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබේ. නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුවනු ඇත. යළිත් 70 - 77 යුගය කරා වර්තමාන රජය ගමන් කරන බව අප මුලසිටම අවබෝධ වී තිබිණි. එදා තිබූ යුගයට වඩා මෙදා අර්බුද ඉතාම සංකීර්ණ වනු ඇති බව කිව යුතුවේ. රටේ පවතින දේශපාලන අස්ථාවර බව නිසා කිසිඳු රටකින් සහයෝගයක් පවා නොලැබෙන තත්වයට රට පත්ව ඇත...

:       492       1128

RaveendraSunday, 13 June 2021 07:31 AM

ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. එලෙසම මධ්‍යස්තව ගැටළු දෙස බලන කෙනෙකුට එහි සංශිප්තය ලෙස වැටහෙන්නේ ඔබ වර්ණාවලියේ යම්කිසි වර්ණයක් සහිත කණ්ණාඩි පැළඳ ගැටළු දෙස නෙත් යොමන බවයි. ඒ බැවින් ඍජුවම ඔබගෙන් මෙම පැනය විමසීමට කැමැත්තෙමු. ඔබගේ අදහස් අනුව කවුරුන් පට්ටියේ බලයට පත්වුවොත් මෙම සියලු ගැටළු විසඳාගෙන අපගේ මාතෘභූමිය සුඛිත මුදිත මෙන්ම දිව්‍යලෝකයක් කිරීමට හැකිවේද යන්න. සූත්තර පුංචා හෝ මෝඩ පුතාණෝ හෝ උපන්දා සිටම කිසිවෙකුට කරදර නොකර දියව් දියව් කියමින් පාරේ රස්තියාදු වෙමින් වටිනා කාලය කාදමන කළුකුරයා ප්‍රමුඛ රතුහැට්ටකාරයන්ගෙන් කවුරුන් අප රටේ ගැටළු ඉක්මණින් විසඳයිද? අපට නම් කවුරුන් පට්ටියේ අසුචි ඔටුන්න "තමන්ගේ කූරවල පැළඳගෙන සිටියාට" අදාලම නැත. අපට අවශ්‍ය වන්නේ අප රටේ ආරක්ෂාව, රටේ දියුණුව හා පුරවැසියන්ගේ දියුණුව පමණි...

:       175       1

ශන්කSunday, 13 June 2021 11:09 AM

මේ රවීන්ද්‍ර හරියට සියල්ල දත් පඬිතුමෙක් වගේ තමයි කතාව... මෙයා තමයි ඔක්කොම දන්නේ. රතු හැට්ටකාරයින් කියලා ජවිපයට බනිනවා. මේ ආණ්ඩු කරන ගොඩක් හොරකම් කරුණු සහගතව ජනතාවට සත්‍ය හෙලි කරන්නේ ජවිපය තමයි. සජිත්ට මෝඩ පුතාණෝ කියලා වෛරයෙන් කියනවා. සජිත් ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 55ක් ගත්තා. එච්චර ජනතා ප්‍රසාදයක් තිබිලත් මෙයා මිනිස්සුන්ට අපහාස කරන්නේ මහා කැත විදිහට. වෙස්වලාගත් හොඳ බයියෙක්.

:       106       328

RaveendraSunday, 13 June 2021 07:54 AM

දියුණු වී ඇති හෝ සංවර්ධනය වී ඇති රටවල ඉතිහාසය දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම රටවල පුරවැසියන්ගේ අනේකවිධ කැපකිරීම්වල ප්‍රතිඵල ලෙස ඒ ඒ රටවල් එසේ දියුණු වී ඇති බව නොරහසකි. අප ජාතියක් හැටියට (මුල් පුරවැසියාගේ සිට සියල්ලන්ම) කැපකිරීම් කිරීමට වැඩිපුරම අකමැති ජාතියක් බවත් නොරහසකි. අප සැමවිට බලන්නේ අපේ බඩ ගැන විතරම නොවේද? රට තුළ කුමක් හෝ නිෂ්පාදනය කිරීමේදී නොයෙකුත් ප්‍රායෝගික ගැටළු ඇතිවීම ස්වාභාවිකය. ඒ කිසිඳු ගැටළුවක් නැහැ. අප සියලුම දේවල් කුරක්කන් ඇටයේ සිට වෙනත් රටවලින් ගෙන අපේ බඩවල් පුරවාගෙන නිකමුන් ලෙස සිටියි නම් යන්න මේ සියලුම ගැටලුවලට ඉතාමත්ම පහසුම පිළිතුරකි. එවිට ඔය එක එක රටවල අර සහන මේ සහන කිසිදා අවශ්‍ය නොවේ.. ඒ ඒ රටවල් වඩාත් මිත්‍රශීලීව ඒ ඒ අයගේ නිෂ්පාදන අපට විකුණා අපේ හොඳම මිතුරන් වනු නියතයි. එබැවින් රට තුළ කිසිඳු නිෂ්පාදනයක් නොකර අප සියල්ලන්ම නිකමුන් ලෙස ජීවත්වීමෙන් ගැටළු 100%ක් විසඳෙනු ඇත. එවිට ලෝකයේ සියලුම රටවල් අභිබවා අපේ රට ලෝකයේ ඉහළින්ම වැජඹෙන දවස මොන මළ යකාටවත් වැළැක්විය නොහැකිය. මහජනතාව අතරේ ගැටළු නැහැ යනු රතුහැට්ටකාරයින්ට ගෙදරට වී බණ භාවනාවක් කරගෙන නිවී සැනසිල්ලේ සිටිය හැකිය. රට තුළ ගැටළු නැත...

:       236       0

Rohana Saturday, 12 June 2021 07:14 PM

නැවතත් සර් ෆේල් වී ඇත.

:       0       68

Anura Saturday, 12 June 2021 07:14 PM

මෙහෙම ගියොත් ජවිපය තුණ්ඩු බෙදලා වැඩ පටන්ගන්න ඉඩ තියෙනවා.

:       0       53

Rata Perata Saturday, 12 June 2021 09:58 PM

කිසිම දැක්මක් නැති රනිල් වික්‍රමසිංහ යහපාලන කාලේ හොරු ටික අල්ලලා හිරේ දැම්මා නම් අද අපිට මේ වගේ කාලකන්නි කාළයක් එන්නේ නෑනේ. දැන් නිවේදන නිකුත් කරලා මොන කෙහෙම්මලක් බලාපොරොත්තු වෙන්නද? දැන් මේ නිවේදනය දැකලා මිල අඩු කරාවිද? හැමෝම අපිව ගොනාට අන්දන එක තමයි හැමදාමත් කලේ.

:       0       40

විජිත් Sunday, 13 June 2021 01:12 AM

කලක් ඕස්ට්‍රේලියාවේ පොලිසියත් එක්ක හැංගිමුත්තන් කරපු, එහෙන් පැනලා ඇවිත් මිනිස්සු මුලාකරලා ඡන්දෙ දිනපු " ගම්මන්පිල " හාදයා විතරක් නොව, රට කමින්, අහිංසක මිනිස්සුන්ට යුක්රේනයෙන් ආනයනය කරපු කොරෝනා බෝවෙන අන්දම බලාගෙන හිටපු පොහොට්ටුවේ පිස්සෝ රැලත්, චීනාට රට විකුණමින් සිටින හොරු රැලත්, පොදුවේ ගත්විට පොහොට්ටුවන් හැත්තෑ බුරුත්තම වහාම තම නොහැකියාව පිළිගෙන ඉල්ලා අස්විය යුතුයි.. නැතහොත්... හෙට, අනිද්දා gst නැවැත්වූ විට රට බංකොළොත් වූ විට කාටවත්ම නොකියාම පැනලා යන්නනම් වෙන්නේ නැහැ.. ජනතාව අවදියෙන්. දුක් විඳලා විඳලා ඇතිම වෙලා. අන්තිමේදී, රටේ අහිංසක, දුප්පත් මිනිස්සුන් පාරට බැස, පොහොට්ටුවන්ව "සම්බෝල" හදාවි..

:       0       108

මුණසිංහ Sunday, 13 June 2021 07:43 AM

දියුණු වී ඇති හෝ සංවර්ධනය වී ඇති රටවල ඉතිහාසය දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම රටවල පුරවැසියන්ගේ අනේක විධ කැපකිරීම්වල ප්‍රතිඵල ලෙස ඒ ඒ රටවල් එසේ දියුණු වී ඇත බව නොරහසකි. අප ජාතියක් හැටියට (මුල් පුරවැසියාගේ සිට සියල්ලෝම) කැපකිරීම් කිරීමට වැඩිපුරම අකමැති ජාතියක් බවත් නොරහසකි. අප සැමවිට බලන්නේ අපේ බඩ ගැන විතරම නොවේද? රට තුල කුමක් හෝ නිෂ්පාදනය කිරීමේදී නොයෙකුත් ප්‍රායෝගික ගැටළු ඇතිවීම ස්වාභාවිකයි. ඒ කිසිදු ගැටළුවක් නැහැ අප සියලුම දේවල් කුරක්කන් ඇටයේ සිට වෙනත් රටවලින් ගෙන අපේ බඩවල් පුරවාගෙන නිකමුන් ලෙස සිටී නම් යන්න මේ සියලුම ගැටලුවලට ඉතාමත්ම පහසුම පිළිතුරකි. එවිට ඔය එක එක රටවල අර සහන මේ සහන කිසිදා අවශ්‍ය නොවේ. ඒ ඒ රටවල් වඩාත් මිත්‍රශීලීව ඒ ඒ අයගේ නිෂ්පාදන අපට විකුණා අපේ හොඳම මිතුරන් වෙනු නියතය. එබැවින් රට තුළ කිසිඳු නිෂ්පාදනයක් නොකර අප සියල්ලෝම නිකමුන් ලෙස ජීවත්වීමෙන් ගැටළු 100% විසඳෙනු ඇත. එවිට ලෝකයේ සියලුම රටවල් අභිබවා අපේ රට ලෝකයේ ඉහළින්ම වැජඹෙන දවස මොන මළ යකාටවත් වැළැක්විය නොහැකිය. මහජනතාව අතරේ ගැටළු නැහැ යනු රතුහැට්ටකාරයන්ට ගෙදරට වී බණක්, භාවනාවක් කරගෙන නිවී සැනසිල්ලේ සිටිය හැක. රට තුළ ගැටළු නැත..

:       109       0

Sri Lanka Sunday, 13 June 2021 01:22 PM

එහෙම බැලුවොත් අද වෙනකොට ලක්ෂ වාරයක් වැටිලා ඇති ඔය විදිහට..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 58 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 665 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 549 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 514 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 264 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 709 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site