IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා   පැවසීය.

මර්දනය හමුවේ අරගලය මර්දනය වුවත්  එහි සංකල්පය අවසන් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඊට කාලයක් ගතවනු ඇති බවත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

අරගලයේ දරුවන් මේ රට නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ  දැරූ  බවත්  රටේ සියලු දෙනා ඒ දරුවන්ට හැකි සෑම අවස්ථාවකම උදව් උපකාර කළ යුතු බවත් ඔහු පැවසුවේය.

දරුවන්ගෙන් පළිගන්න එපා යැයි තමා ජනාධිපතිවරයාගෙන් මහත් ඕනෑකමින්  ඉල්ලීමක් කරන බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හදිසි නීතිය ට මුවා වී දරුවන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයෙන් පැපොල් කෑල්ලක්  කාපු දරුවනුත් අද අත්අඩංගුවට ගන්නා බවට ඔහු චෝදනා කළේය.

මේ රටේ අනාගතය විනාශ කළේ රාජපක්ෂවරුන් බවත් විදේශ රටවල තැන්පත් කර ඇති මෙරට දූෂිත දේශපාලඥයන්ගේ දේපළ  රටට නැවත ගෙන්වා ගැනීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

අද රටේ පෝලිම් නැත්තේ  තෙල් නැති නිසා බවද ඔහු සඳහන් කළේය.



අදහස් (33)

ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Bamunuarachchi Saturday, 13 August 2022 04:47 PM

මෙයා කොන්දේ අමාරුවක් කියලා මහජන මුදලින් කොටි ගානක් දීලා ඉස්තරම්ම බෙන්ස් රථයක ගෙන්වා ගත්තු බව අරගලකාරයින් දන්නේ නැද්ද? සභාපති කෙනෙකුට වාහන කුලිය ලැබෙන්නේ 135000ක් පමණ මෙයාගේ බිරිඳ සභාපති වෙලා 275000 කුලියට වාහන ගත්තු බව අරගල කාරයින් දන්නේ නැද්ද? යුද්ධය කාලේ ආයුධ ගෙන්වීම බෑනාගේ කොම්පැණියෙන් කළබව අරගල කාරයින් දන්නේ නැද්ද? මේ ගොයියා දැන් හදන්නේ අරගලකාරයින්ට එකතුවෙලා තව අංචියක් අඳින්න...

:       70       290

senaSaturday, 13 August 2022 05:40 PM

ඒ වගේ කී කෝටියක් ඔයාගේ ලොක්කො හොරා කාලා ඇතිද?

:       138       67

Rasika Sunday, 14 August 2022 09:05 AM

එහෙම කියලා හොරකම් සුද්ද කරන්න බැහැ. අරගල තියරිය එහෙමද? අපේ එක්කෙනා හොරෙක් නෙවෙයි.., අනිත් අය තමයි හොරු...

:       2       0

BamunuarachchiSunday, 14 August 2022 11:02 AM

මගේ ලොක්කා කොමිස් නොගැහව්වානම් අද රට පාලනය කොරන්නේ ප්‍රභාකරන්

:       3       2

kamalSunday, 14 August 2022 10:05 AM

මේ වගේ තුට්ටු දෙකේ යල් පැන ගිය රාජපක්ෂලාගෙන් යැපෙන බමුණෝ කිසිම සාක්කියක් නැතුව බොරු අභුත චෝදනා එල්ල කරනවා. නමුත් සත්‍යය සදාකල් පවතිනවා. සිස්ටම් චෙන්ජ් එක එනවට බයවෙලා බොරු පතුරුවනවා. අරගලය ඉවර නැහැ. එක හීනෙකින් එළිවෙන්නේ නැහැ. සිස්ටම් චෙන්ජ් එක එන එක රාජ්‍ය මර්දනයෙන් නවත්වන්න බැහැ. ඒක දන්නා නිසා බොරු නීති දාලා මේ කරන පුහු වැඩ සාර්ථක වෙන්නේ නැහැ.

:       2       2

BamunuarachchiSunday, 14 August 2022 04:48 PM

සිස්ටම් චේන්ජ් කොරන්න 2014-2020 දක්වා කාලයක් දුන්නා. කළේ බැංකුව කොල්ල කාලා. ඩොලර් බිලියන 12ටවත් රට ණය කලා . දැන් කවුද සිස්ටම් චේන්ජ් කොරන්න ඉන්නේ? අනුර සහෝදරයද?

:       2       2

යෝගා Saturday, 13 August 2022 05:35 PM

යන විදියට කවදහරි මේ ගොයියා නවතින්නේ අංගොඩ.

:       46       141

දාසSunday, 14 August 2022 02:55 AM

එයා හිටියේ නැත්තම් අදත් යුද්දෙ තමයි...!

:       3       2

""ගිලිහෙන තරුව"" Saturday, 13 August 2022 05:37 PM

ඔබ රටට ආදර්ශවත් විය යුතු පුද්ගලයෙකි. ඔබ අද ඔය කියන වචන යුධ කාලයේ කීවානම් රටට වෙන දෙය ගැන කුමන කතාද...?? ඔබ ඔය සඳහන් කල "" අරගලය "" කියන වචනය වෙනුවට "" කොටි ""යන වචනය එතැනට උපමා කරලා බලන්න..! එවිට මෙසේ ලියවේ... මර්දනය හමුවේ "කොටි".... මර්දනය වුවත් එහි සංකල්පය අවසන් නැතැයිද හෙතෙම සඳහන් කළේය. "කොටි".... ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඊට කාලයක් ගතවනු ඇති බවත් ෆොන්සේකා මහතා පැවසීය. ඔබ ඔභොම කියනකොට එදා ඔබට තරු පැළඳූ අයම අද හරියට දුක්වෙනවා ඇති. !!

:       44       149

Podimalli Saturday, 13 August 2022 05:49 PM

මෙයා 2010 ප්‍රතිඵල එන්න කලින් ජනාධිපති වෙලා මෙහෙම වුණා විකාරෙන් දොඩවනව. දැනුත් උණ තදවෙලා.

:       36       166

මහසෙන් Saturday, 13 August 2022 06:08 PM

මේ මමත්වයෙන් සහ පලිගැනීමේ චේතනාව පමනක් සිතේ දරා ගත් තවත් බලලෝභී කතා කියන පාර්ලිමේන්තු පංචස්කන්ධයක් පමණයි.

:       29       146

ruwan Saturday, 13 August 2022 06:35 PM

මෙයත් කුණු හොයන කුණු කන ජරා ගොඩක්.

:       29       147

සනත් ගමගේ Saturday, 13 August 2022 07:28 PM

වෙල් විදානෙට දැන් පිස්සු හොඳටම තදවෙලා බව පේනවා. කරුණාකරල මානසික වෛද්‍ය වරයෙක් ඉන්නවානම් මේ මනුෂ්‍යයාට උදව් කරන්න. දරුවෝ කාගේද දන්නේ නැහැ. යුධ සමයේ ත් එල්.ටි.ටී දරුවෝ මරන්න අණ දුන්නේ මේ මිනිසා එම නිසා වෙල් විදානේ කම හමුවුනා. දැන් මොන දරුවෝ ගැනද මේ කථාකරන්නේ.

:       0       2

mp Saturday, 13 August 2022 07:43 PM

මෙයා අගෝස්තු 9 ආණ්ඩුව පෙරලුවාද? මේ දේශපාලුවන් ඔක්කොම පල් හොරු. දැන් කෙරෙන්නෙත් වැරදි වැඩ. මිනිහෙකුට දරුවෙක් අධයාපනය සඳහා රට යවා ගන්න බැහැ. විදේශ මුදල් නැති නිසා. මෙහේ අධ්‍යාපනයක් ද ඇත්තේ නැහැ.

:       0       1

Kumar (Gulf) Sunday, 14 August 2022 02:00 AM

උඩින් රට බේරාගත්තු අවංක මනුස්සයෙකුටනේ වැරැදි කතා කියා තිබෙන්නේ...!

:       2       0

රනේ Sunday, 14 August 2022 06:36 AM

"අරගල" කැපවීම්ය. ඒ මවුබිමේ සුබසිද්ධියටයි. "අල" කරන්නන්, පාවා දෙන්නන් ඒ අතර සිටිය ද ජය ගන්නේ "සැබෑ" අදහසයි. එතෙක් "සැබෑ අරගල" නිම නොවනු ඇත...

:       1       0

ලුම්බිණි Sunday, 14 August 2022 06:58 AM

අපට තියෙන්නේ ඉතාම කෙටි මතකයක්. මෙතන ලියන හැමටම අමතකයි යුද්ධය දිනුවේ මෙතුමා කියල.

:       56       8

maheshaSunday, 14 August 2022 08:31 AM

හරි යුද්දේ දිනුවේ මෙතුමා කියමුකෝ.අපි ඒක පිළිගන්නම්.කරුණාකරලා කියන්නකෝ ගුවන් හමුදාව නාවික හමුදාව නිකං බලාගෙන හිටියද කියල.කොටි නැව් 10 ක් නිකන් විනාස වුනාද කියල. මොකෝ මෙතුමා ත්‍රිවිධ හමුදාවට ලොක්ක වෙලා නෙමෙයිනේ හිටියේ.

:       10       12

BamunuarachchiSunday, 14 August 2022 11:08 AM

අපිට හොඳට මතකයි රටේ දේශපාලන ඉතිහාසය. පොන්සේකාට හමුදාපති කම දීලා ඔය තත්වයට ගත්තේ කව්ද? රාජපක්ෂලා එන්න කලින් පොන්සේකා කෙනෙක් ගැන ඔහේ දැනගෙන හිටියාද? පොන්සේකා හොඳ සැල්වේෂන් ආමි එකට කියලා රනිල් කිව්වා මතකද? රාජපක්ෂලා නොඑන්න පොන්සේකා නවතින්නේ සැල්වේෂන් ආමි එකේ.

:       2       3

ලංකාපුත්‍ර Sunday, 14 August 2022 07:09 AM

අරගලය ඇතිවුණේ ඇයි කියලා මුලින්ම සොයන්න ඕන. අපේ රටේ නිදහසින් පසුව 1952 ආහාර අරගලත් ජනගහනය වැඩිවීමට සාපේක්ෂව 1971 හා 1988 තරුණ අරගල දෙකක් ඇතිවුණා. මෙයට රටේ අධ්‍යාපනය රජයේ රැකියාව සදහා පමණක් තිබීම හා 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම හේතු වුනා. 1952 හර්තාලයට හේතුවූ ආහාර නිපදවීම ඩඩ්ලි සේනානායක මැතිතුමා හා සිරිමාවෝ මැතිණිය ආරම්භ කලත් එම කාලවල කර්මාන්ත කීපයක් ඇතිකලත් ඒවා ජනගහනයට සාපේක්ෂව රැකියා දීමට ප්‍රමාණවත් නැහැ. ඉංග්‍රීසි නොදන්නා නිසා වැඩිදුර අධ්‍යාපනය අසීරු වුනා. පත්වෙන පාලකයො අතිරික්ත වුනත් රාජ්‍ය සේවය පුරවමින් රැකියා ප්‍රශ්නය යන්තමින් වසා දැම්මා. විශ්ව විද්‍යාල ඇතිකලත් අනාගත ලෝකය සදහා අවශ්‍ය පාඨමාලා ඇතිනොකල අතර පාඨමාලා කාලය ඉතාමත් දීර්ඝ වුනා. දරුවන්ගේ ජීවිත කාලය අවුරුදු 30 ට ආසන්න වෙනතුරු විශ්ව විද්‍යාලයේ ගතකරන්න වුනා.රැකියා නැතිවුණා .විවෘත ආර්ථිකය හා රත්තො තිබුන කර්මාන්ත විනාශ කලා. තව තවත් රැකියා ප්‍රශ්න ඇති වුනා. දේශපාලුවො නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති කලා .මෙම ප්‍රශ්න විසදන තුරු අරගලය නවතන්න බැහැ. පත්වෙන රජයන් මාරු කරමින් කරන්නත් බැහැ. ආත්මාර්ථකාමිත්වය ඉවතලා 225 ම එක්වී රට හැදිය යුතුය.

:       75       32

චමින්ද Sunday, 14 August 2022 02:19 PM

මෙම අදහස සඳහා මෙතරම් ඩිස්ලයික් දාලා තියෙන්නේ ඒවා බොරුද? බොරුනම් ඔබලාගේ අදහස දක්වන්න...!

:       0       0

BamunuarachchiSunday, 14 August 2022 05:08 PM

1956 සිහල බශාව පමණක් කියන එක මොකක්ද දන්නවාද ? 1956 කලින් රටේ තිබුන තත්වය ඔය ලංකාපුත්‍ර හාදය දන්නවාද? 1956 කලින් මෙරටේ සිංහල බෞද්ධයෝ අපේම රටේ තුන්වෙනි පුරවැසියෝ කියලා දන්නවාද? ඒකාලේ රජයේ රැකියාවකට යන්න විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න ඉංග්‍රීසි භාශාව සමත් වෙන්න ඕනේ. ඒ නිසා සිංහල ළමයින්ට රජයේ රැකියාවකට යන්න විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. දෙපාර්තමේන්තු ප්‍රධානියෝ, කාර්යාල අංශ ප්‍රධානියෝ බෝහෝ දෙනෙක් දෙමළ, බර්ගර් නැතිනම් මැලේ ජාතිකයෝ. කොටින්ම හමුදාපතිත් දෙමළ. නමින් ඇන්ටන් මුතුකුමාරු.ඒ විතරක්ද කතෝලික බලවේගය රට යටත් කරගෙන තිබුනා. ඔන්න ඔයකාලේ තමයි සංඝ වෙද ගුරු ගොවි කම්කරු එකතුවී බණ්ඩාරනායක මහතා බලයට පත් කලේ. එතුමා ඉංග්‍රීසි බාධකය ඉවත් කළා සිංහල කොල්ලෝ කෙල්ලෝ රජයේ රැකියාවල බුරුතු පිටින් ආවා විශ්ව විද්යාලවල ගීයා. ඒවිතරක් ද පිරිවෙන් දෙකක් විශ්ව විද්‍යාල කළා. එහෙම නොකලානම් අනුර කුමාරට යන්න විශ්ව විද්‍යාලයක් නැහැ ගමේ ගොයම් පැල හිටවනවා. සිංහල පමණක් කීම දෙමල භාශාවට විරුද්ධව ආව දෙයක් නොවෙයි ඉංග්‍රීසි භාශාව රජයේ කටයුතුවල යොදා නොගැනීමට ගත තීරණයක්. තව තිබෙනවා ලියන්න.

:       1       1

BamunuarachchiSunday, 14 August 2022 05:21 PM

දෙවන කොටස... ඉංග්‍රීසි බැරුව රැකියාවල් නැතිව ගෙදරට නාකිවුණු සිංහලයින් දැන් රජයේ සේවයට බැඳුණා. ඔවුන්ගේ පුතාලත් විශ්ව විද්‍යාලවලට ගියා. රජයේ සේවයට ගියා. ඔවුන්ගේ ලංකාපුත්‍ර වැනි මුණුබුරාලා දැන් කියනවා සිංහල පමණක් හේතුවෙන් මොවුන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරිවුණාලු. එහෙනම් ඉංග්‍රීසි අනිවාර්ය කාලේ ඔබලාගේ සීයලාට තිබුණනේ ඉංග්‍රීසි ප්‍රගුණ කරලා රජයේ සේවයට බැඳිලා දරු මුණුබුරන්ට ඉංග්‍රීසි උගන්වන්න. ලංකාපුත්‍ර ඔහේගේ වයස කීයද? මම රජයේ සේවයට බැඳෙන කොටත් අංශ ප්‍රධානියා... දෙමළ අනිත්තැන අංශ ප්‍රධානියා බර්ගර්. ඉගෙන ගන්න වුවමනා ළමයි ඉංග්‍රීසි විතරක් නොවෙයි ජර්මන්, ප්‍රංශ භාශාවත් හදාරනවා. අනික් ඒවාටත් උත්තර දෙන්න පුළුවන්....

:       1       0

චමින්ද Sunday, 14 August 2022 08:28 PM

ඔබතුමා ඉංග්‍රීසි පමණක් අල්ලාගෙන ලියනවා අනෙක් කරුණු ගැන මොකද කියන්නෙ

:       0       1

කල්පනා Sunday, 14 August 2022 08:51 PM

දැන් නම් ඕන භාෂාවක් හදාරන්න පහසුකම් තියෙනවා. ඒත් සිංහල දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න බාධා කළ ඉංග්‍රීසි තහනම් නොකර ඉංග්‍රීසි සඳහා පහසුකම් සැලසුවා නම් සිංහල දරුවන්ට සිංහල පමණක් ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ නේද. මෙයින් අනෙකුත් ජාතීත් භාෂා දෙක තුනක් ඉගෙන ගනිද්දී අපේ දරුවො එකම භාෂාවවත් හරියට ඉගෙන ගෙන නැහැ.

:       0       0

චන්දන Sunday, 14 August 2022 07:37 AM

මෙයත් කෙලව ගන්න හදන්නේ . රටේ දැන් තෙල් තිබෙනවා . ගෑස් තිබෙනවා . මේ රටේ ඔය ටික මීට කලින් කලා නම් ඔය අරගල එන්නේ නැහැ . තමා හිතනවා ට වඩා රට වෙනස් . ජවිපෙට වුනේ ඔය ටික . ආයෙ අරගල එන්නේ නැහැ .

:       7       47

ganegoda Sunday, 14 August 2022 11:18 AM

බැංකු හොරුයි පොහොට්ටුවේ හොරුයි රජයෙන් ඉවත් වෙනකම් අපි පාරට බහිනවා!

:       3       5

Rata Perata Sunday, 14 August 2022 12:39 PM

මෙතන අදහස් දීපු ගොඩක් උගත්තු ෆොන්සේකාට බැනලා අරගල වලට උදව් කරනවා කියලා. ඒත් කම්බ හොරු ටිකක් පාලනය කරන රටේ උන්ට විරුද්ධව මොකක්ද කරන්න ඕන කියලා එකෙක් කියන්නේ නැහැ. "හොරු බව දැන දැනත් වන්දනා කිරීම තරම් වහල්කමක් නැහැ" කියලා මහත්මා ගාන්ධි කියලා තියන එක ඇත්තම තමයි. අපේ රටේ පුරවැසියොවත් නොවන මිනිස්සු රටේ නායකයා කරගෙන අරගත්තා ඇරිල්ල දැක්කනේ. ඒ දවස්වල රනිල්ලා තමයි ලොකුම දූෂිතයා බැංකු හොරා, mcc ගෙනාපු මිනිහා. ඒ ත් දැන් මිනිහා වන්දනා මාන කරනවා, වටේ ඉන්න වෙනකාට හරි බනිනවා.

:       3       1

fairoos Sunday, 14 August 2022 01:54 PM

ඇත්ත කතාව හැබැයි ලංකාවේ ඉන්න වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ.

:       2       2

mp Sunday, 14 August 2022 01:58 PM

මේ මිනිහට මොළේ කොලොප්පන්.

:       2       3

Raja Sunday, 14 August 2022 02:26 PM

ඔහු කියන කතාව හරි. රටට උවනනා වී ඇත්තෙ නව නායකයන්‍. ජනතාව හිතන්නේ මේ ඉන්න අය රට ගොඩ ගනි කියලද? ජනාධිපති මුලු ජිවිතයම කලේ මොනවාද? කොහොමද රට ණය බරින් මිදෙන්නෙ? අරගලයට ස්තූති වන්න මැරෙන්න කලින් ජනාධිපති වුනා ලේ තැවරුනු අත් සමග.

:       1       3

HARAMANIS Sunday, 14 August 2022 03:20 PM

මෙහෙම ගියොත් මෙයත් පුතාණෝගෙ ගොඩට වැටෙනවා...

:       0       2

Lal Wednesday, 17 August 2022 06:46 AM

You have done your service to the country ... Now retires ...getting useless

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 0 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 31 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1314 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3144 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1266 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 213 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site