
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය හොරගස්මුල්ලේ ටයර් වෙළෙදසලක අද පෙරවරුවේ ඇතිවූ හදිසි ගින්නකින් ටයර් පුරවා තිබූ ගබඩා පරිශ්‍රය හා ලොරි රථයක් ඇතුළු දේපල රැසක් විනාශවී රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවී ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
මෙම ගින්න ගබඩා පරිශ්‍රයෙන් හටගෙන ඇති අතර සිද්ධිය දැනගත් වහාම දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා ඇතුලු පිරිසක් එහි පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න පැතිර යාම වැලැක්වීමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇත.
ගින්න හටගත් පරිශ්‍රය හා වෙළෙදසල අතර තිබූ දෑවැන්ත විදුලි ජනන යන්ත්‍රයක් ඇතුලු ටයර් තොගයක් ඉවත් කිරීමට ජනතාවගේ සහාය ඇතිව හැකිවූ බව පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කලේය. ජනතාවගේ සහාය නොලැබුනේ නම් හානිය විශාල වනු ඇතැයිද ඒ අතර ගින්න මැඩ පැවැත්වීමට සහායක් නොදක්වා වීඩියෝ කිරීමේ පමනක් යෙදුනු පිරිසක් සිටීම කණගාටුවට කරුනක් බවද ඔහු කීය. ඔවුනගේද සහාය ලැබුනේනම් මීටත් වඩා විනාශය අවම කරගන්නට ඉඩ තිබූ බවද ඔහු කීය.
ගම්පහ නගර සභාව, මීගමුව නගර සභාව ඔවුන්ගේ ගිනි නිවන රථ යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට එක්ව සිටි අතර දිවුලපිටිය ප්‍රදේශීය සභාවේ ජල බවුසර මගින්ද මහත් සේවාවක් සැලසුනු බවද ස්ථානාධිපතිවරයා සදහන් කළේය.



2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරගස්මුල්ලේ ටයර් වැඩපොළක ගින්නක්