(නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු මගින් හබරණ ප්‍රදේශයේදී රුපියල් පන්දාහේ නෝට්ටුවක් සංසරණය වීම පිළිබඳ පොලිසියට ලද තොරතුරක් අනුව මෙම සැකකරු හරහා අනෙකුත් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර, හබරණ ප්‍රදේශයට පැමිණ ඒවා මාරු කරගෙන ඇති බවටත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවද හබරණ පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොර සල්ලි සමග හතරක් මාට්ටු
ගමේ එකාලා Thursday, 18 September 2025 03:39 PM
ඒ කාලේ හොර සල්ලී තියාගෙන අහුවෙච්චි ළාමක ටින් ටින්ගේ නංගිගේ ඒවද කවුද දන්නේ ?