(ඩයනා උදයංගනී)
රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන සඳහා අවශ්‍ය සේලයින් ඇතුළු නික්ෂේපන ද්‍රාවණ රට තුළම නිපදවීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට අවශ්‍ය සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ හා මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මගින් ශරීරගත කරන මූලික නික්ෂේපන ද්‍රාවණ බෝතල් මිලියන 43ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලාවක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පහසුකම් සපයා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
එම කර්මාන්ත ශාලාව ඉදිකරන කෙලූන් ලයින් සයන්සස් නැමති පුද්ගලික සමාගමේ නිෂ්පාදන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති අතර එය සිය නිෂ්පාදන ලබන මස සිට වෙළඳපලට සැපයීමට සැලසුම් කර ඇතැයි ද රමේෂ් පතිරණ මහතා කීවේය.
මෙරටට අවශ්‍ය නික්ෂේපන ද්‍රාවණ එම සමාගම වෙතින් සපයාගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට බලය පැවරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා පැවසීය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මීට අමතරව රජයේ රෝහල්වලට අවශ්‍ය ශල්‍ය ගෝස් මීටර කෝටි තුනක් දේශීය සැපයුම්කරුවන් 461 දෙනකුගෙන් රුපියල් කෝටි 77ක මුදලකට මිලදී ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සේලයින් - නික්ෂේපන ද්‍රාවණ මෙරටදීම නිපදවීමට පියවර
Lionel Tuesday, 27 July 2021 09:58 PM
හොඳට තියෙයි