(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරොනා වසංගතය සමඟම අප රට වෙනුවෙන්, අප වෙනුවෙන් විශාල මෙහෙවරක යෙදෙන සුව විරුවන් සහ රණවිරුවන් සිය සේවා ස්ථානය කරා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන පෞද්ගලික බස් රථ හිමිකරුවකු අපට හමුවිය.
ඔහු නමින් වසන්තය. සෑම දිනකම පෙරවරු 6.15 කළුතරින් ගමන් ආරම්භ කරන තම බස් රථය කලුතර නාගොඩ රෝහල ,කලුබෝවිල ශික්ෂණ රෝහල, ,මහරගම අපේක්ෂා රෝහල ,හා රාගම රෝහල කරා කඩවත දක්වා සුව විරුවන් සහ රණවිරුවන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු පවසයි.
කළුතර බණ්ඩාරගම කැස්බෑව නුගේගොඩ , මහරගම හා කොට්ටාව හරහා අධිවේගී මාර්ගය ඔස්සේ රාගම රෝහල අසලට බස් බස් රථය ගමනාන්තය බව ඔහු කීය.
නැවත සවස 4 ට රාගම රෝහල අසලින් ගමන් ආරම්භ කර පිළිවෙතින් අනෙකුත් රෝහල් කරා පැමිණ සුව විරුවන් රණවිරුවන් කළුතර දක්වා ප්‍රවාහනය කිරීමට ඔහු කටයුතු කරයි.
එම රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ඥාතීන් ද නොමිලේ ප්‍රවාහනය කරන බව සමීර වසන්ත මහතා අප හා පැවසීය
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුව විරුවන්ට - රණවිරුවන්ට ශක්තියක් වූ වසන්ත
SL Monday, 06 September 2021 08:39 PM
ආදායම් අඩුවෙලා, වැටිලා ඉන්න වෙලාවක...!! ලොකු දෙයක්
Raveendra Monday, 06 September 2021 08:48 PM
පුද්ගලික බස්රථ හිමියන් පිලිබදව අප හදතුල ඇත්තේ ඉතාමත්ම අප්‍රසන්න හැගීම් සමුදායකි. එනමුත් මේ කරදරකාරී , අවදානම් අවස්ථාවේ පාඩුයි පාඩුයි කියමින් හොටු පෙරමින් අඩ අඩ ඉන්නවාට වඩා තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරමින් ඔබ දෙදෙනා කරන්නේ මිලකළ නොහැකි සේවයකි, ඔබලාට යහපතක්ම වේවා.... ඔබලාගේ අබුදරුවන්ට මෙන්ම දෙමාපියන්ටද යහපතක්ම වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම අදහස් " ගැමුණුට " පුද්ගලිකවම කියවීමට හැකි වේවා.......
Sriland Monday, 06 September 2021 11:03 PM
මෙන්න මේ නිව්ස් එක හොදම උදාහරණයක් කොරෝනා කාටවත් බෝවෙන්නේ නෑ කියන්න. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.
PereraTuesday, 07 September 2021 01:58 AM
මෙහෙමත් මෝඩයෝ ඉන්නවානේ ලංකාවේ.
RaveendraTuesday, 07 September 2021 05:58 AM
ඔබගේ අදහස් කියවීමේදී අපට නම් හැගෙන්නේ ඔබත් අර පුතානෝ වගේම වෛද්‍ය විද්‍යාවේ අගතැන්පත් විශේසඥ වෛද්‍යවරයෙක් බවය. මොකද අපේ පුතානෝ රටවසියන්ව රවටමින් උද්ගෝෂණ වැඩ වර්ජනවලට සහබාගි කරගත්තේ එසේ මෙම රෝගය බෝ නොවෙන බව හොදින්ම දෑන සිටි නිසාවෙනි . දැන් නම් එහි ප්‍රතිපල ඔබ, අප හොදින් අත්විදිනවා නොවේද ?
Geetha Tuesday, 07 September 2021 12:44 AM
සසර ගමන ඔබ දෙදෙනාගේ කෙටි වේවා. දේව ආශීර්වාදය ලැබේවා.!
නන්දසිරි Tuesday, 07 September 2021 06:23 AM
සසර ගමන කෙටි උනාම කොහොමද මේ වගේ යහපත් වැඩ කරන්නේ ..
Perera Tuesday, 07 September 2021 01:57 AM
රජයෙන් අඩුම ගානේ ඩිසල් ටිකවත් මොහුට නොමිලේ දිය යුතුයි.
sunil Tuesday, 07 September 2021 10:19 AM
මෙවැනි පරාර්ථකාමී අයට සැවොම උදව් කලයුතුයි. අඩුම වශයෙන් මේ සම්බන්ධව යන වියදම් සහ ඔවුන්ගේ එදිනෙදා ජිවන වියදම් පියවගන්න ක්‍රමයක් දියත් කල හොත් පරිත්‍යාගශිලින් සොයා ගත හැකිවේවි.