
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමූපකාර බැංකුවල උකස් ව්‍යාපාර කටයුතු නැවතත් ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සමූපකාර බැංකුවල උකස් බලපත්‍රය 2024 වසරේදී අවලංගු කර ඇති හෙයින් එම බලපත්‍රය ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.
සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව කී අමාත්‍යවරයා සමූපකාරය දියුණු කිරීම සඳහා සමූපකාර පනත සංශෝධනය කරන බවද සඳහන් කළේය
සමහර උකස් ගත්ත බඩු නැතිවී තිබෙනවාත් සමහර උකස් ගත්ත බැංකු වැසී ඇති බවත් මහජන බැංකුව ලබා දුන් ඒ අවස්ථාව අහිමි කළේ මේ ඇතිවූ සමාජ ප්‍රශ්නය නිසා බවත් ඔහු කීවේය.
සමූපකාර බැංකුව එකොළොස් දාහක් තිබෙන බවත් ඒවායේ ලක්‍ෂ අසූවක් සාමාජිකයන් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd