(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමාගමකට බදු සහන ලබාදීම සඳහා ඉදිරිපත් කෙරුණු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් නොදීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය අද (3) ලබා නොදුන්නේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට (4) විවාදයට ගැනීමට නියමිතව තිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (04) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදරිපත් කරනු ලැබීය.
මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීන්ගෙන් මෙහිදී කරුණු විමසා සිටියේය. එහිදී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමතිය ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළේය.
මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබද දත්ත තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන්නේය.
රටක ආර්ථික ප්රගමනය සදහා පවතින ප්‍රධානතම ආයතනයක් වන ආයෝජන මණ්ඩලය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව කාරක සභාපතිවරයා පැවසීය.
මේ අනුව හෙට (4) පෙ.ව 9.00 සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිනම් අදාළ ගැසට් පත්‍රයට අනුමතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේදී අද(4) විවාදයට ගැනීමට නියමිත 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයට සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සදහන් නියමයන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සමාගමකට බදු සහන දෙන නියමයට මුදල් සභාවේ අනුමැතිය නෑ