(නිමල කොඩිතුවක්කු)
රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (14) පැවසීය.
හැකියාව දක්ෂතාවය සහිත තරුණ පරපුර සඳහා කොන්දේසි විරහිතව රටේ මෙහෙයවීමේ වගකීම පැවරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි විහිදුම් බලකායේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහෙයි කියමින් වහල් භාවයෙන් යුතු තරුණ පරපුරක් වෙනුවට තරුණ අදහස් සමඟ නව ප්රගතිශීලි වැඩසටහනක් සමගි විහිදුම් බලකාය සමගින් ක්‍රියාවට නංවන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
සමගි විහිදුම් බළකායේ වැඩසටහන හා එක් වන්නයි පාට පක්ෂ භේදයකින් තොරව සියලුම තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කීවේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක්
ajith Friday, 14 January 2022 05:30 PM
සජිත් ජනාධිපති වරයා කියන්නේ රටේ දේශපාලන අනාගතය අනාගත්තු අයට දෙන්න එපා අලුත් අලුත් කණ්ඩායමකට දෙන්න කියලා . මේ දිනවල එයාට ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පේනවා
මහසෙන් Friday, 14 January 2022 06:27 PM
තරුණ තරුණියන්ගෙන් පමණක්ම සැදුම්ලත් එකම පක්ෂය.හොරු නෑ,වංචාකාරයෝ නෑ,බොරු නෑ.එකම විශ්වාසය මේ අපේ වෙන්න ජනපති.
දාස Friday, 14 January 2022 06:55 PM
අපිට ආරාධනා කරන්න ඉස්සෙල්ලා මහත්තයෝ අර ති. අත්තනායක කියන කෙනා පක්ෂයෙන් පන්නා දමන්න.
chandima Friday, 14 January 2022 07:07 PM
ඔය එන්න කිව්වට ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් වෙන්න වෙන්නේ නාකි උන්මනේ...!!!
RaveendraSaturday, 15 January 2022 06:14 AM
ඔව් ඉතින් ආපු ගමන්ම හොර කරන සිරිතක් නැහැනේ... ටික ටික හොරා කාලා පට්ට හොරු පිළිබඳව පශ්චාත් උපාධිය සමත්වෙන කොට කොහොමත් 60,70 වෙලා. එහෙම තමයි මන්දබුද්ධිකයින් 226ම වැඩ පිළිවෙල...
පිටිගල මිලානෝ Friday, 14 January 2022 08:18 PM
ෆොන්සේකාට නායකත්වය දෙන්න.
මොට්ටපාල Saturday, 15 January 2022 03:13 PM
එහෙම වුණොත් නම් ජනතාව ඔබතුමා වටා රොක්වේවි. කොහොමත් ඔබතුමා ළඟ හොඳ බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා දැන් සිටම කණ්ඩායම පුහුණු කරලා අනාගත වැඩ පිළිවෙළ සකසා ඔවුන් දැන්වත් කරල තියන්න. J.R. අගමැති වුණු විගසම ඇමතිවරු පත්කළා වගේ මැතිවරණය අවසන් වූ අවස්ථාවේ සිටම වැඩ කරන්න. ඒ අතර එ.ජා.ප සාමාජිකයින් කැඳවා ගැනීමට හෝ කටයුතු කරන්න..
Bamunuarachchi Friday, 14 January 2022 09:43 PM
සජබයට එකතු වුනොත් උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු ජොබ් එකක් ලැබෙයි.
Lal Friday, 14 January 2022 10:01 PM
පිස්සු හැදිච්ච තරුණ තරුණියෝ ඉන්නවනම් ඔන්න අවස්ථාවක්,මෙයාගේ පස්සෙන් යන්න....
Sam Saturday, 15 January 2022 06:23 AM
මතක නැද්ද මීට අවුරුදු 3 කට ඉස්සරත් ඔය කියන විදියට රට ගොඩදාගෙන ගොඩදාගෙන ගියබව...?
චන්දන Saturday, 15 January 2022 06:53 AM
තරුණයින්ට ආරාධනා කරන්න ඕන නැහැ. එයාලා සුදුස්සා තෝරා ගන්නවා. නිකං දඟලන්නේ නැතිව ඉන්න.
සලීම් Saturday, 15 January 2022 07:36 AM
හිටපු විගණාධිපතිතුමා කියලා තිබුණා ලංකාවේ නායකත්වයට හොරකම් දුෂණය නාස්තිය නැති පවුල් පාලනයක් නැති අවංක මොනයම් කෙනෙක් පත්වුණත් මේ රටේ තියෙන සම්පත් වලින් රට ගොඩ ගැනීම කළ හැකියි කියලා. මේ කතාව රටේ ජනතාව තේරුම් ගත්තොත් මේ හොරුන්ගෙන් රට බේරාගෙන අපිට මේ දරුණු අගාධයෙන් රට බේරගන්න පුළුවන්. ඒ විකල්පයට දැනට හොරකම්, නාස්තිය නැති ජනතා ප්‍රසාදය ඇති කෙනා විපක්ෂ නායකතුමාම පමණයි.
RaveendraSaturday, 15 January 2022 03:30 PM
ඔබ ප්‍රේම්ගේ (ප්‍රේමදාසගේ) වකවානුවෙන් පසු මෙලොව එළිය දුටු කෙනෙකු විය යුතුමයි...
Nihal Saturday, 15 January 2022 08:02 AM
ඒ කාලේ මිය ගිය තරුණයින් ටයර් සෑයෙන්ද එන්න කියන්නේ..?
වීරවිජේ Saturday, 15 January 2022 09:51 AM
ගෙවල් වලට ගිහින් සතුටින්ද ඉන්නේ කියලා හොරෙන් එබිල බලන බලකාය හදන්නද? නැත්තම් උසනම් සිකුරිටි, මිටි නම් කම්කරු බලකාය හදන්නද?