IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රිලනිපයේ සහායත් රනිල්ගෙ ආණ්ඩුවට

(අජන්ත කුමාර අගලකඩ)

නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබූ බව දැනගන්නට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට  පෙරවරුවේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයි දැනගන්නට ඇත.

මෙ අතර ,වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානය රැස්වීමට නියමිතව තිබුණ ද එය අද පෙරවරු 10ට කල් දමා ඇත.

අගමැතිවරයා හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාව හේතුවෙන් එම සාකච්ඡාව හෙටට කල්දමා ඇතැයි දැනගන්නට ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනකු නව ආණ්ඩුවට එක් වීමට කලින් තීරණය කර තිබූ අතර ,පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා සියලු දෙනාම ආණ්ඩුවට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර, පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමා ආණ්ඩුවට සහාය දක්වන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා  ප්‍රකාශ කළේය.ආණ්ඩුවට සහාය පළ කරන බව කීවේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් තීරණය කර තිබුණේ ආණ්ඩුවට සම්බන්ධ නොවී ආණ්ඩුවේ හොඳ දේවල්වලට පමණක් සහාය දැක්වීමට ය.

 



අදහස් (32)

ශ්‍රිලනිපයේ සහායත් රනිල්ගෙ ආණ්ඩුවට

ana Sunday, 15 May 2022 07:45 PM

දින 52 ආණ්ඩුවෙන් පසුව යළි රනිල් අගමැති කළ දා මෛත්‍රි කළ කතාව මතක් වුණා.

:       26       82

abMonday, 16 May 2022 07:54 AM

ශ්‍රී ලංකාවේ පවතින යුගයේ අවශ්‍යතාව මත වෙනස් නොවූ පුද්ගල අවශ්‍ය අවශ්‍යතාව මත වසර ගණනාවක සිට පවතින්නාවූ දුෂිත දේශපාලන යුගයක අවසාන ජවනිකාව ඉදිරි දින කිහිපයතුල තිරගතවීමට නියමිතව තිබේ.

:       0       20

gamunuMonday, 16 May 2022 08:38 AM

අගමැතිවරයාට අස්තාවර දේශපාලකයන් සමග එක්ව ඉස්තවර ආණ්ඩු ගොඩනැගිය හැකිද ?

:       17       1

saman Sunday, 15 May 2022 07:47 PM

මේ ගොල්ලොත් ආණ්ඩු පක්ෂයේ අයමනේ... නිකන් බොරුවට ඡන්දෙ නැතිවෙයි කියලා වෙලාවෙන් වෙලාවට ස්වාධීන නාඩගම නැටුවට ආණ්ඩුවේම ඉඳලා ඊළඟ ඡන්දෙන් ජනමතය බලාගන්න පුළුවන්නේ...!

:       58       83

fairoos Sunday, 15 May 2022 08:21 PM

දැන් කරලා තියෙන හරිය මදැයි. තවත් රට බංකොළොත් කරන්නේ නැතිව දීලා ගියොත් හොඳයි.

:       82       58

සේනක ඉතාලිය Sunday, 15 May 2022 08:25 PM

හරි හරි හිටං හුටන් මහත්තයෝ, අපි හෙට අනිද්දා විතර ඔයාගේ ගෙවල් පැත්තටත් එනවා. ළඟළඟම "හිටං හුටං ගෝ ගමත් "එයි.

:       89       58

sashi Sunday, 15 May 2022 08:45 PM

මං නම් හිතුවේ මෙයයි, අර දයාසිරි කියන ඒවා අහලා මේ අය යනවද නිකන්ම ගෙදර. කැපවීම කරනවද ජනතාව වෙනුවෙන්.

:       0       69

Buddika Sunday, 15 May 2022 09:01 PM

අමුතුවෙන් ආණ්ඩුවට යන්න දෙයක් නැහැ. මේගොල්ලෝ කොහොමත් ආණ්ඩුවේ.

:       39       55

nanda Sunday, 15 May 2022 09:05 PM

කිරි පිටි පැකට් එකක් නැවත මිල වැඩි කරලා දුප්පත් පවුලක දරුවකුට කිටි වීදුරුවක් දෙන්නේ කොහොමද.?

:       31       38

මැක්ස්Sunday, 15 May 2022 09:56 PM

කොල කැඳ වීදුරැවක් දුන්නොත් නරකද?

:       22       67

siri Monday, 16 May 2022 06:36 AM

ආදේශක යෝග ගෙන හරි රට දියුණු කරනවානම් කමක් නැහැ

:       0       15

aseMonday, 16 May 2022 07:49 AM

දරුවන්ගේ මොලය වැඩ්මට අත්‍යවශ්‍ය සත්ව මේද කොල කැඳවල ?? එසේනම් ඉන්දියාවේ වගෙ සත්ව මේද අඩංගු පෙති දෙන්න නැත්නම් මොන්ගල් ජාතියක් අනාගතයේ

:       20       0

Rexi Sunday, 15 May 2022 09:17 PM

අපිනම් ඕක වෙනබව හොඳටම දන්නවා.

:       10       48

Eran Gamage Sunday, 15 May 2022 09:21 PM

සහය දුන්නෙ නැත්තම් පාස්කු ප්‍රහාරයට චූදිතයෙක් විදියට ඇතුලට දානව​​.

:       48       58

Ajantha Sunday, 15 May 2022 09:24 PM

මේ අය එලවන්න ඕන ඔක්කොටොම කලින්.

:       47       38

ana Sunday, 15 May 2022 09:28 PM

අර අනුරගේ පයිල්වලට නඩු දාන්නේ කවද්ද?

:       65       40

muhanMonday, 16 May 2022 08:19 AM

නඩු දාලා තියෙන ෆයිල් ටිකක් තමයි අනුර පෙන්නුවේ.

:       0       33

C.K.Lankaputhra Sunday, 15 May 2022 09:40 PM

මුන් ඔක්කොම හොරු මල්ලී.

:       66       55

ravin Sunday, 15 May 2022 09:52 PM

විශ්වාස නොකලයුතුම පුද්ගලයන්ගෙන් ලැබෙන විශ්වාසවන්තකම කුමක්ද.?

:       21       50

sg Sunday, 15 May 2022 11:28 PM

කාලෝචිත, හොඳ තීරණයක්.

:       0       3

Prabha Monday, 16 May 2022 02:01 AM

වැල යන පැත්තට මැස්ස ගහන්න දස්සයා.

:       11       3

Raja Monday, 16 May 2022 03:07 AM

සහය දුන්නෙ නැත්තම් පාස්කු ප්‍රහාරයට චූදිතයෙක් විදියට ඇතුලට දානව​​.

:       11       3

ජගත් විජේසූරිය Monday, 16 May 2022 04:27 AM

වෛරයෙන් වෛරය අමතක කර රට හදන්න. හොරකම් නවත්වන්න.

:       0       29

siri Monday, 16 May 2022 06:33 AM

ඩොලර් බිලියන 07ක් තිබිලත් අවුරුදු 2ක් යනකොට රට බංකොලොත් කරලා රටේ මිනිස්සු පාරට දැම්මීමේ වගකීම මේ කණ්ඩායමටම තියෙනවා

:       19       5

kanchana Monday, 16 May 2022 07:57 AM

නොදෝමකින් විතරක් ....මේකලා කතා කරන්නේ කටින්ද නැත්නම් දත් නැති කටින්ද....?

:       13       3

Ras Monday, 16 May 2022 08:39 AM

රනිල් ට ඇති කොන්දක් වත් රට හදන්න හැකියාවක් වත් නැහැ. ඔය තනතුර ගත්තේ තියෙන අධික බල ලෝභය නිසා. කොහොම වුනොත් මේ පත් කල ආකාරයට එකග විම හොද දෙයක් නෙමේ. ඒක නිසා පාර්ලිමෙන්තුව තුල මේ වෙනුවෙන් ඡන්ද විමසිමක් කරන්නම ඕන. දිගු කාලින ස්තාවරත්වය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම වගේ කෙනෙක් අගමැති කරන්න ඕන. වැඩි පිරිසකගේ සහය ගන්න ඔහුට පුලුවන්. සජිත් නැතුව වෙනත් කෙනෙක් විපක්ශ නායක වෙනවා කියන කතාවේ මූලික අදහස තමයි රනිල්ට බහුතරය නැහැ කියන එක...

:       5       0

P Ilangaratne Monday, 16 May 2022 11:17 AM

මජර දේශපාලනයක් කරන්නෙ. ලැජ්ජයි.

:       0       6

Rata Perata Monday, 16 May 2022 11:22 AM

ශ්‍රිලනිප, ස්වාධීන මන්ත්‍රීවරුවරුන්ට වැඩිය සර්පයෙක් විස්වාස කරන එක ලේසියි.

:       0       7

Don Monday, 16 May 2022 11:39 AM

දැන් තියෙන්නේ රනිල්ගේ ආණ්ඩුවට ගිහින් සිරිසේන ඇමතිකමක් ගන්නයි.

:       0       6

යාපා Monday, 16 May 2022 11:45 AM

ඇත්තටම රටට ආදරේ මිනිස්සු මේ වෙලාවේ කුලල්ගාගන්නේ නෑ.

:       1       22

yaha Monday, 16 May 2022 12:35 PM

රට කන්න ආපු අය.

:       4       8

Lelwala Tuesday, 17 May 2022 05:02 PM

මේ අවසථාවේ රටේ තත්වය බලා නව අගමැති වරයාට සහය ඵල කිරිම වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 110 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 75 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 102 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 93 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 423 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1342 1

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site