
(අංජුල මහික වීරරත්න)
මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතීන් විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම සදහා වෛද්‍යවරුන් ලබා දෙන දායකත්වය නිරන්තරයෙන් අගයකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් උසස් තලයකට ගෙන ඒම සදහා වෛද්‍ය සංගම්වල ධනාත්මක අදහස් සහ යෝජනා අතිශය වැදගත්වන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මණ්ඩල නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ජාවකදීය. එම සාකච්ජාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම සාකච්ජාව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමක් පරිදි සංවිධානය කර තිබූ අතර එහි දී සංගමයේ නියෝජිතයන් සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුනට බලපාන වෘත්තීය ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය.
එමෙන් ම තම සේවා කටයුතු සිදු කිරීමේ දී රජයේ රෝහල් පද්ධතියේ මෙන්ම සෞඛ්‍ය ආයතන වල අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.
2025 නොවැම්බර් මස 04
631
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෛද්‍ය සංගමය සුව ඇමති හමුවෙයි