IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලි සේවක බෝනස් අත්හිටුවයි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බවත් එසේ නොවුණ හොත් විදුලිබල මණ්ඩලය ආයනයක් ලෙස කඩාවැටීමේ අවධානයක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවැසීය.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් උගත් පිරිසක් වීම නිසා වර්තමාන තත්වය අවබෝධකරනු ඇති බව කී රත්නායක මහතා එම තත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ ද සාකච්ඡා කළ බව ද සඳහන් කළේය. 



අදහස් (21)

විදුලි සේවක බෝනස් අත්හිටුවයි

Pradeep Tuesday, 09 August 2022 05:32 PM

Who is paying the Payee tax? For them

:       3       91

BamunuarachchiTuesday, 09 August 2022 05:58 PM

Ceylon Electricity Board pays the payee tax for them which is very unfair

:       0       29

Bamunuarachchi Tuesday, 09 August 2022 05:54 PM

ප්‍රසාද දීමනා පමණක් නොව නිලධාරීන් උපයනවිට ගෙවීමට ඇති බදු මණ්ඩලයෙන් ගෙවීමත් නවත්වන්න. තවත් ආයතන ගණනාවක මේ විහිළුව සිදුවන බව කෝප් කමිටුවේදී හෙළිදරව් වුනා. එහිදීත් සිදුවුනේ කොලේ වහපු එක පමණයි

:       1       31

යෝගා Tuesday, 09 August 2022 06:27 PM

විදුලිබල මණ්ඩලයේ ඉන්නේ උගත් හොරු. ඒකයි තිත්ත ඇත්ත

:       5       146

පුරවැසියා..... Tuesday, 09 August 2022 07:18 PM

ලාභ ලබන ආයතන වෙනුවෙන් ප්‍රසාද දීමනා ගෙවීම සිදු කළ යුතු නමුත් පාඩු පිට පවත්වාගෙන යනු ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට සේම පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රසාද දීමනා ගෙවීමක් සිදු කරන බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු රජයේ අවධානය යොමු විය යුතුය.

:       4       117

චින්තක Tuesday, 09 August 2022 08:23 PM

වැටුප් අතිකාල හා විවිධ දීමනා ගෙවා වසර අවසානයේ ප්‍රසාද දීමනාවක් දීමට ආදායමෙන් වියදම් ගෙවා අවසන්ව සියලු බදු ගෙවීමෙන් පසුවත් ශුද්ධ ලාභයක් ඇත්නම් සතුට ගෙන දෙන දීමනාවක් විය යුතුයි. එසේ නොමැති නම් එවැනි කිසිම දීමනාවක් නොගෙවිය යුතුයි. එසේ කරන්නට කවුරුන් හෝ අකමැති නම් එම ආයතන පෞද්ගලීකරණය කල යුතුමයි

:       0       65

Rasika Tuesday, 09 August 2022 10:01 PM

මණ්ඩලේ සල්ලිවලින් ගෙවන ලද Payee Tax නැවත අයකරගන්න

:       3       167

මහේෂා Wednesday, 10 August 2022 08:00 AM

නිකන් තියෙන ඉර එළියෙන් වැඩක් ගන්න අකමැති කොමිස් වෙනුවෙන් තෙල් වලින්ම කරන්ට් ගන්න හදන මහත් හොරුන්ගේ රාජධානිය.

:       0       27

Sas Wednesday, 10 August 2022 08:20 AM

අද රටේ බොහෝ අය කථා කරන්නේ රාජ්‍ය සංස්ථා සේවකයින්ට ගෙවන දීමනා , බෝනස් ආදිය පිළිබඳවයි. නමුත් රටේ බොහෝ අය නොදන්නා තවත් කරුණක් ඇත. ඵනම් රටෙහි සමහර දෙපාර්තමේන්තු වල සේවකයින්ද අතිවිශාල මුදලක් විවිධ දීමනා ලෙස මාසිකව තමන්ගේ වැටුපට අමතරව ලබා ගන්නා බව යන කරුණයි. තැපැල් දෙපාර්තමේන්තුව , දුම්රිය දෙපාර්තමේන්තුව සහ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ අතර ප්‍රධානවේ.

:       0       20

අනුර Wednesday, 10 August 2022 09:16 AM

ඇයි මහත්තයෝ අර මනු කියවීමට අමතරව නිවැරදිව කියවීමට ලබාදෙන දීීමනා සහ විදුලි ඉංජිනේරුවන්ට ගෙවනු ලබන අසීමිත දීමනා අවලංගු කලොත් නරකද? විදුලි බිල හරියටම ගෙවන අපිව මරන් කන්නේ නැතිව?.......

:       1       38

ක.ක Wednesday, 10 August 2022 09:31 AM

ඉතා හොඳයි

:       0       13

K B R Samarasinghe Wednesday, 10 August 2022 09:32 AM

කණගාටුවට කරුණ නම් මේ ඔක්කොම පව් අපිට ගෙවන්න සිදුවන එකයි

:       0       33

Upul Gunaratne Wednesday, 10 August 2022 09:48 AM

අපේ සල්ලි හුරාගෙන කියයි ලාබයි කියලා බෝනස් ගෙවයි.

:       0       29

පුරවැසියා... Wednesday, 10 August 2022 09:55 AM

රසිකාගේ යෝජනාව බොහොම හොඳයි. මණ්ඩලය මගින් ගෙවු මුදල් සේවකයින්ගෙන් අය කිරීමට නොහැකිවේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ යුතුය. මන්ද මණ්ඩලය මගින් උපයන විට බදු ගෙවීම යනු ජනතාව විසින් දැරීමය. මෙය විශාල වරදකි.

:       0       29

sena Wednesday, 10 August 2022 10:57 AM

විදුලි බිල 300% කට වැඩි කරලා සේවකයින්ගේ දීමනා කපලා- පසුගිය කාලයේ කඩපු නිවාස තට්ටු තුන හතරට හදන්න වගෙයි යන්නේ

:       4       8

DUKGANNA RALA. Wednesday, 10 August 2022 11:00 AM

විදුලිබල මණ්ඩලය මගින් උපයන විට බදු ගෙවීම අනුමත කළ තකතීරු අමන රැල වහාම දඬුකඳේ ගැසීමට වර්තමාන පාලකයන් ක්‍රියා කළ යුතුය. මුන්දැලා පිනට කියලා දීලා තියෙන්නේ බහුතරයක්, කප්පරකට දුක වැළදගෙන ඉන්න අහිංසකයින්ගේ රීරීමාංශයි

:       0       15

සරත් පෙරේරා Wednesday, 10 August 2022 01:12 PM

ලංවිම පමණක් නොවේ පාඩු ලබන හැම ආයතනයකම ඉහළ කළමනාකාරිත්වයේ සිට කම්කරුවන් දක්වා ගෙවනු ලබන දීමනා අඩු කිරීම හෝ කපා දැමීම සිදු කළ යුතුයි. පාඩු ලබන්නේ එම ආයතනවල අකාර්යක්ෂමතාව, මුල් බැසගත් හොරකම්, වංචා, දූෂණ සහ මැතිවරණවලදී පක්ෂ ජයග්‍රහණය කරවීමට වැඩ කරන දේශපාලන බත් බැලයන් මෙම ආයතනවලට පත් කිරීම මෙන්ම සියලුම සේවකයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද හේතුවෙනි. IOC ඉන්ධනහල් උදාහරණයකට ගන්න. ඒවා ලාභ ලැබීමත්, CEYPETCO පාඩු ලැබීමටත් හේතු සොයා බලන්න. එම අඩුපාඩු නිවැරදි කරන්න. මෙම ආයතනවල ඉන්න කාලකන්නි වර්ජන කළ යුත්තේ ඔවුන්ට ම එරෙහිව බව මගේ අදහසයි. වරප්‍රසාද අඩු නොකිරීමට නම් මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කරලීමේ වගකීම සේවකයන් මතම පැවරිය යුතුය.

:       0       10

කරුණාසේන Wednesday, 10 August 2022 04:58 PM

අමුතු නීතියක් මොකටද? ලාභයක් නැත්නම් බෝනස් ගෙවීම වැරැදි වැඩක්. ලාභයක් නැතුව බෝනස් ගෙවීම කරලා තියෙනවා නම් අනුමතිය දීපු අයට දඬුවම් කරන්න ඕනෑ..

:       1       7

Bamunuarachchi Wednesday, 10 August 2022 06:44 PM

බෝනස් ගෙවන්නේ ආයතනයක් ලාභ ලබනවානම් පමණයි. මේ සංස්ථා මණ්ඩල පාඩු ලබලත් බෝනස් ගෙවනවා. වහාම මේ ආයතන රජය යටතට ගන්න.

:       3       4

විපරමා Wednesday, 10 August 2022 11:53 PM

විදුලි මාෆියාව ගැන දන්නෝ හොඳාකාරවම දනිති... කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තව බෝනසුත් ගෙවන්නේ අහවල් දේකටද?

:       0       0

HARAMANIS Sunday, 14 August 2022 03:17 PM

දැන් හරි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න හිතුණු එක හොඳයි. CEB එක ගැන නම් රටේ ජනතාවට තියෙන්නේ පුදුම ලැජ්ජාවක්... මේකෙ ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 7 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 626 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 507 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 489 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 256 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 703 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site