(යොහාන් භාසුර)
අපදා තත්වය හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 30 ක් පමණ බලපෑමට ලක්ව ඇති බවත් එහිදී ඌව පළාතට විශාලතම හානිය වී ඇති බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (2) පැවසීය.
ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේදී අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
මෙම මස 10 වැනිදා වන විට විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට සැළසුම් කර ඇති බව ද කී ඒ මහතා ඉතා ඉක්මණින් පිළියම් සොයා යථා තත්වයට පත්කරන බව කීය.
විදුලි පද්ධතිය යථා තත්වයට පත්කිරීමට විශාල ශ්‍රමයක්, ධනයක් සහ උපකරණ අවශ්‍ය බවත් මෙරට ඉතිහාසයේ දකුණු පළාත හැර සෙසු පළාත් අටේම විදුලි පද්ධතියට දින දෙකක් තුළ සිදුවූ විශාල හානිය යථා තත්වයට පත්කිරීමට විශාල අභයෝගයක් බවත් අමාත්‍ය ජයකොඩි මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් විශාල පරිශ්‍රමයක් දරමින් විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආපදා අවස්ථාවේදී ජනතාවගේ ආරක්‍ෂාව සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවත් ඒ මහතා පැවසීය.
ඇතැම් සම්ප්‍රේෂණ පද්ධති සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබෙන අතර ඇතැම් සම්ප්‍රේෂණ කුළුණු ඇති ප්‍රදේශවලට ළගාවීම ද අපහසු තත්වයක් පැවතුණ බවත් වික්ටෝරියා විදුලි බලාගාරය ජලයෙන් යටවීමේ අවදානමකට පත්වූ බවත් ඒ මහතා කීය.
වික්ටෝරියා විදුලි බලාගාරය යටවීම පාලනය නොකළේ නම් මහියංගන ප්‍රදේශය අපදාවට පත්යීමට ඉඩතිබූ බව කී අමාත්‍යවරයා රංටැඹේ මහියන්ගනය සම්ප්‍රේෂණ මාර්ගයට වැඩි අලාභ වී කු`ඵනු සහ රැහැන් විනාශ වී ඇති බව ද සඳහන් කළේය.
අම්පාර, මහියංගනය සහ වව්නතිව් යන ප්‍රදේශවලට විදුලි සැපයුම දින කීපයක්ම අඩාලව පැවැති අතර තාවකාලික පිලියමක් ලෙස බදුල්ල මොනරාගල සම්ප්‍රේෂණ පද්ධතිය හරහා තාවාකාලික සැපයුමක් දී ඇති බවත් උකුවෙල බෝවතැන්න සම්ප්‍රේෂණ මාර්ගය කුළුණට සම්පූර්ණයෙන්ම හානිවී ඇති බවත් ඒ මහතා කීය.
කොටුගොඩ විදුලි උපපොළ තාවකාලිකව වසා දැමූ අතර රට පුරා ග්‍රිඩ් උප පොළවල් රැසකට අලාභහානි වී ඇති බවත් දකුණු පළාත හැරුණාම සෙසු පළාත් අටටම මෙවැනි ව්‍යවසනක් වූ පළමු වතාව මෙය බවත් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
285
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1248
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විදුලි පාරිභෝගිකයන් සියයට 30 කට හානිවෙලා