IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනා

අජන්ත කුමාර අගලකඩ

මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් ,වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇත.

ඉන්ධන මිල සූත්‍රය වහාම කරන ලෙස යෝජනා කර ඇති ඇමැතිවරයා කොළඹට එන වාහන සීමා කළ යුතු බවට ද යෝජනා කර ඇත.

රාජ්‍ය ආයතනවල රැස්වීම් ,සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත් , ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමා කරන ලෙසත් යෝජනා කර ඇති ගම්මන්පිල මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය ආයතන වලට නියම කරන්නැයිද ඉල්ලීමක් කර ඇත.

මේ අතර, වාහන තදබදය අඩු කිරීමට වහා පියවර ගත යුතු යැයි ද, කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීමට කර්මාන්තකරුවන් දිරිගන්වන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

වාණිජ බැංකුවලට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් මහබැංකුවට ගෙන, ඖෂධ ,වෛද්‍ය උපකරණ හා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතන වලට ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමැතිවරයා විනෝද ගමන් ,නෑදෑයන් හමුවීම්, විනෝද චාරිකා ,ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බවද පෙන්වා දී ඇත.

මේ අතර,කොවිඩ් වසංගතය බෝවිම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට ,පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භුමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මේ වන විට ඉහළ යමින් පවතින බවත්, දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 74ක් ලෙස පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 86 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇමතිවරයා ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400 ක් වැය කරන්නට සිදුවන බවද සඳහන් කර ඇත.

 



අදහස් (65)

විදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනා

vikum Sunday, 23 January 2022 10:35 PM

කිසිඳු ප්‍රතිපත්තියක් නැති කයිවාරු කාරයෙක්... මෙගා නාට්‍යකරුවෙක් වගේ...

:       2       64

වර්ණකුලසූරිය Monday, 24 January 2022 05:10 PM

පාලකයින්ට ප්‍රතිපත්ති නැතිඑක තමයි අපේ කරුමය. ඉන්ධන ගැටළු, වාහන තදබදය වගේ රටක ආර්ථිකයට මෙහෙවින් වැදගත් වන්නේ කාර්යක්ෂම දුම්රිය පද්ධතියක්... විදුලි දුම්රිය පද්ධතියක් අපේ මූලික අවශ්‍යතාවයක්... අපේ පාලකයින්ට ඒ ගැන අවබෝධයක්, උනන්දුවක් නැති එක කණගාටුයි. දියුණු රටවල් දුම්රිය ගමනාගමනයට දක්වන කැපවීම බලන⁣කොට අපි ගැන කණගාටු හිතෙනවා. එහෙත් අපි මූලික තැන දෙන්නේ ක්‍රිඩාංගණ, නෙළුම් කුළුණුවලටයි. අපේ පැරණි කියමනක් වන තද වුණාම පිට්ටනි සෙවීම අපේ පාලකයින්ගෙන් නිතරම අපි දකින්නෙමු... පිට්ටනියක් සොයා ගැනීමටවත් දැන් අපට කාලයක් නැති තරම්ය.

:       0       13

NMMonday, 24 January 2022 05:34 PM

බලශක්ති ඇමති උදය විසඳුම් ලබාදීමට නොහැකි බව පවසා තනතුරෙන් ඉල්ලා අස්වෙන්න.

:       0       7

Jcn Sunday, 23 January 2022 11:05 PM

මැති ඇමැතිලා V8 පදින එක නවත්තන්න.. රථ පෙලපාලි යන එක නවත්තන්න යෝජනා කරන්න අමතක වෙලා මුන්නැහේට...

:       0       82

Nandalal DE SILVA - France Monday, 24 January 2022 12:24 AM

බලශක්ති ඇමති හැටියට ඉන්න ගම්මන්පිල මේ කියන අන්දමට ඇමතිගේත් මහ බැංකු අධිපතිගේත් වැඩ භාරගෙන වගේ...

:       1       40

සුද්දාMonday, 24 January 2022 12:44 PM

ඒ අය වැඩේ කරන්නේ නැත්නම් කවුරු හරි කරන්න ඕනෑනේ.

:       5       9

sathyapalaMonday, 24 January 2022 02:26 PM

මහා බැංකු අධිපතිව පත් කෙරුවේ අපිද

:       0       15

Demuni Uduwara Monday, 24 January 2022 02:33 AM

අකාර්යක්ෂමතාවයේ අවසාන ඵලය!

:       1       43

ජගත් ලියනගේ Monday, 24 January 2022 03:23 AM

තව ටික දවසකින් අපි වැසිකිළි යන එකටත් සීමාවල් දායිද දන්නේ නැහැ , වතුර භාවනාව අඩු කරන්න කියල .

:       2       42

nihal Monday, 24 January 2022 03:27 AM

මහජන මුදලින් පඩි කන තමුන්ලා, ඉදිරියේ ඇතිවන අර්බුධ දකින්නේ නැතිද.?

:       0       42

C.K.Lankaputhra Monday, 24 January 2022 06:28 AM

හැබැයි මැති ඇමැති සහ ජනාධිපතිවරයාගේ වාහන භාවිතය සීමා කරන්න, මම කියන්නේ වාහන පෙරහැරවල් ගැන ඇමැතිවරයාට කිසිම යෝජනාවක් නැහැ.

:       0       48

sharm warn Monday, 24 January 2022 08:57 AM

අනිවාර්යෙන්ම, වහාම පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ බැකප් වාහන අඩුකරන්න.

:       0       46

සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 January 2022 09:12 AM

සියල්ල දත් අති පණ්ඩිතයන් රැළ කෑමොර දී බලය ලබාගෙන කරනා කටයුතු වෙනුවෙන් ස්වභාව ධර්මයේ හෝ ආශිර්වාදයක් නොලැබෙන හැටි ... පුදුමයි ඒත්, ඇත්තයි.

:       3       44

wicky Monday, 24 January 2022 09:19 AM

පොදු ප්‍රවාහන සේවය හදනකන් කොච්චර මිල වැඩිකළත් වැඩක් වෙන්නේ නැහැ. මොන ගාස්තුව ගෙවන්න කිව්වත් වැඩක් වෙන්නේ නැහැ.. ඇයි මේ මෝඩයින්ට ඒක නොතේරෙන්නේ..? මෙයාලා පාවිච්චි කරන වාහනවලින් ලීටරයකට කිලොමීටර් කීයක් යන්න පුළුවන්ද? අන්න එව්වා තමයි සීමා කරන්න ඕනෑ. ඔන්ලයින් කරන්න කිව්වාට කෝල් එකක් ගත්තාම එස්.එල්.ටී. එකෙන් සැරෙන් සැරේ කනෙක්ෂන් එක රීසෙට් කරන්වා. ඉතින් කොහොමද ඔන්ලයින් වැඩ කරන්නේ...? එස්.එල්.ටී එක කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්... කරන්න දෙයක් නැහැ කියලායි. බලපෑමක් නෑ කියලා කිව්වාට කෝල් එක කට්වෙන එකෙන් බලපෑමක් නැද්ද? ඔය එක ඇමතියෙක්, නිලධාරියෙක් තියෙන නියම ප්‍රශ්නේ බලන්නේ නැහැ. ඔහේ කියවනවා. විදුලිය කපන්න ඕනෑ නම්, කපන්න ඕනෑ... මොකද, මේ රටේ විදුලිය කපන්න වූ පළමු අවස්ථාව මේක නෙවෙයි. අපේ විභාග කරන කොටත් කරන්ට් කැපුවා. එහෙමයි කියලා අපි විභාග නොලියා හිටියේවත්, ආණ්ඩුවට බැන බැන හිටියේවත් නැහැ.

:       0       43

RaveendraMonday, 24 January 2022 01:40 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය...

:       3       10

anura Monday, 24 January 2022 09:22 AM

ඔබතුමා කර ඇති යෝජනා, බලශක්ති අර්බුදයක් නොමැති අවස්ථාවලට ද ගැලෙපෙන බව මම සිතමි. සමහර සම්මන්ත්‍රණ පැවැත්වීමට ගමනා ගමන වියදම් වලට අමතරව, ආහාර, ඉඳුම් හිටුම්, ශාලා පහසුකම් ලබා ගැනීම , ආරක්ෂාව සැපයීම වැනි නාස්තිකාර වියදම් රාශියක් සිදුකරනවා. පැමිණෙන අය නිදිකිරා වැටෙමින් දේශකයින්ගේ හඬට සවන් දෙනවා. ඇත්තටම ඒවාට පැමිණෙන අයට ප්‍රශ්න ඇසීමට පවා ඇති අවස්ථා සීමිතයි. මේ සියල්ල නවීන සන්නිවේදන භාවිතයෙන් ලාබදායි ලෙස හා පහසුවෙන් කළ හැක. කෝවිඩ් තර්ජනය ඒමටත් පෙර බොහෝ රටවල් කාර්යාලවල සේවකයින්ගේ සේවා ලබා ගන්නේ ඔවුන් නිවෙස්වල තබාගෙනයි. අපේ රටේ බොහෝ ගැටළුවලට විසඳුම් සොයන්න උත්සාහ කරන්නේ ගැටළු උත්සන්න වූවාට පසුයි. නමුත් එවැනි සමහර අවස්ථා වලදී පවා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ අවස්ථා දැකිය හැක. උදාහරණ වශයෙන් පසුගිය කෝවිඩ් තර්ජන උග්‍ර වූ සමයේ රට වසා ඇති විට කවමදාකවත් පරිගණක හෝ ජංගම දුරකතන භාවිතා නොකළ අය පවා දුරස්ථ ලෙස එම උපකරණ භාවිතයට පුරුදු වුණා. විශේෂයෙන්ම කුඩා දරුවන් පවා එයට හුරු වූයේ කලින් එම ක්‍රමයක් කවමදාකවත් භාවිතා නොකර සිටි පරිසරයකයි. මෙම ක්‍රමයේ අඩුපාඩු තියෙන බවත් පිළිගන්න ඕනේ...

:       3       29

සනත් ඉතාලිය Monday, 24 January 2022 01:34 PM

හරවත් අදහස් දැක්වීමක් දැක්කෙ ඔබගෙ විතරයි. මෙතන හැම එකටම කුලියට ලියන උනුයි, පාට කන්නඩි ගොට්ටොයි දාල තියන අදහස් දැක්කම අපේරට ගැන කලකිරෙනව. මොනතරම් වටිනා කාලෝචිත යෝජනාද මේව ඒවට බැකපෙකක් නොදී ඒව විවේචනය කරන 43සේනාන්කෙ කුලීහේවායො මෙතන රගනව.

:       16       1

සත්‍ය ගවේෂී.Monday, 24 January 2022 02:30 PM

මෙතන හැමෝම කුලියට ලියන්නේ නෑ.රට මෙහේ ලෙල්ලට එරිලා.ඔබ කැමති වීණා වාදනය අසන්නට.හොරු,තක්කඩි සමග ඔබත් රඟනවා. කරුණාකර නින්දෙන් අවදිවන්න.මේ දේශපාලකයන් වර්ණනා කර කර ඉන්න කාලය නොවේ.ඒ නිසා අප ඉන්නා මේ භයානක තත්වයෙන් ගොඩ එන්නට සුදුසු දේ ලියන්න.අපට කාගේත් දේශපාලනය ගැන අවශ්‍ය නැහැ.ඒත්,රට ගොඩගත හැකි අවංක දක්ෂ කවුරුන් හෝ ඇති.දැන් හෝ නොරැවටී බුද්ධියෙන් කටයුතු කරමු.මිනිස්සු බඩගින්නේ.ඒත්,ඔයාලා වර්ණනා කරන අය සුර සැප විඳිනවා.රට වලපල්ලේ. ඇයි මේවා ගැන හිතන්නේ නැත්තේ. ස්තූතියි.

:       0       15

amara Monday, 24 January 2022 09:56 AM

බැරිනම් යන්න...

:       7       39

Hafeel Monday, 24 January 2022 10:18 AM

ඔන්න ඉතුරු අවුරුදු තුනේදී හොඳටම කරන යෝජනාව. මේවා ඩයනා ගමගේගේ යෝජනාවට හොඳ ආරම්භයක්...

:       3       30

Hafeel Monday, 24 January 2022 10:19 AM

මේවා කරන්න ඇමති කෙනෙක් මොනවටද? ආණ්ඩුවක් අවශ්‍යද?

:       3       36

යෝගා Monday, 24 January 2022 10:35 AM

එහෙම නම් මෙයාට දැන් තේරිලා වගේ ජනාධිපතිගේ පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියලා.

:       0       27

Premasiri Monday, 24 January 2022 11:08 AM

දැන් පේනවා නේද යහපාලනය කාලයේ ඇමතිවරු කොතරම් දක්ෂ අයද කියලා

:       8       34

RakithsMonday, 24 January 2022 12:52 PM

ඔව් එයාලා හොරාකන්න දක්ෂයි...

:       14       6

sharm warnMonday, 24 January 2022 03:27 PM

අනේ ඔව්... යහපාලනේ එවුන් හොරෙන් කැපුවා. මහින්ද සුළඟින් ආපු අයනේ.. එළිපිට කන්නේ ඔය ලස්සනට... ආත්ම ගෞරවයක් නැහැ..

:       1       3

saman Monday, 24 January 2022 12:20 PM

ඔබතුමාට, ජනතාවට කරදරයක් නොවෙන විදියට ඔය රාජකාරිය කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන එක නේද හොඳ..? ක්‍රිකට් කණ්ඩායමක වුණත් දිගින් දිගට අසාර්ථක ක්‍රීඩකයින් තියාගන්නේ නැහැනේ.

:       0       19

RamaMonday, 24 January 2022 12:47 PM

ප්‍රශ්නය තිබෙන්නේ ඩොලර් නැතිකම. ඒකට බලශක්ති ඇමතිට බැනලා වැඩක් නෑ. සාගර කාරියවසම් කිව්වා බැසිල් ආවාම ඔය ප්‍රශ්න සියල්ලම විසඳෙනවා කියලා.

:       4       7

fairoos Monday, 24 January 2022 12:36 PM

සර් සහ නඩය ෆේල්... මේ ආන්ඩුව ඉන්නකන් රටට සෙතක් නැහැ.

:       1       27

BamunuarachchiMonday, 24 January 2022 03:43 PM

සර් නොවෙයි හම්බයින් ඉන්න කිසිම රටකට සෙතක් නැහැ... මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න ඉඩදෙන්න හොඳ නැහැ.

:       14       4

විපරමා Monday, 24 January 2022 06:44 PM

රටම හොරාකාපු දූෂිත නායකයින්, හම්බයින්ගෙන් හිගාකන්න යනකොට, අපේ රටේ ජනතාව හම්බ රටවල රැකියා කරලා විදේශ විනිමය එවනකොට වහල්ලුන්ට නම් හොඳ ඇති...!!! 

:       1       5

BamunuarachchiTuesday, 25 January 2022 10:24 AM

හලෝ හොරු අල්ලනවා, ලම්බෝගිනි හොයනවා කියාගෙන ආපු යහපාලයින්ට ජෙප්පනට අවරුදු 5 දුන්නානේද හොරු අල්ලන්න. මොකද හොරු ඇල්ලුවේ නැත්තේ? කෝ අල්ලපු ලම්බෝගිනි?

:       1       0

BamunuarachchiTuesday, 25 January 2022 06:24 PM

විපරම් කරලා බැලුවොත් මෙයත් හම්බයෙක් වගේ...?

:       1       0

Deepal Nirosh Monday, 24 January 2022 12:49 PM

මේ සියළු යෝජනා ඉතා යහපත්, එමෙන්ම ඉන්ධන අර්බුද අවස්ථාවන්ට නොව රටේ සාමාන්‍ය කාලවලටත් ඉතා හිතකරයි. ඇත්තටම මේ සියල්ල කෝවිඩ් වසංගත වාතාවරණය යටතේ අප ක්‍රියාත්මක කළ දේවල්. ඉතින් පසුගිය සමයේ රටට හිතකර ලෙස හඳුන්වා දුන් යෝජනා නැවත ඉවත් කර ගත්තේ ඇයි ද කියන එකයි ගැටළුව...

:       3       7

Shan Monday, 24 January 2022 01:12 PM

මොන මිනිහා වුණත් කරන හරි දේ අගය කරන්න දැනුමක් නැති මේ කුහකයෝ මංගලගේ මිල සූත්‍රය විවේචනය කරපු හැටි අපට හොඳට මතකයි. අන්තිමට කැරකිලා ඒවම තමයි මේ මෝඩ රැළට කරන්න වෙන්නේ... වැඩ බැරි බූරුවෙක් ගෙනැල්ලා රට කෑවා.

:       3       21

Yugantha yukthika Monday, 24 January 2022 01:39 PM

ඇත්ත කතාව...

:       1       12

BamunuarachchiTuesday, 25 January 2022 10:39 AM

මංගල, මිල සුත්‍ර ගෙනාවේ ලෝකය, රට වසංගතයකින් කඩා වැටුන වේලාවකද?

:       1       0

Renuka perera Monday, 24 January 2022 01:15 PM

සෞභාග්‍යයේ දැක්ම නම් මරු... රට රකින අපේ විරුවා...!

:       0       14

BamunuarachchiMonday, 24 January 2022 06:28 PM

රටට කොරෝනා හැදුණු කාලේ ඔහේ හිටියේ තාත්තා ගාවද? කොරෝනාවෙන් ලෝකෙම ආර්ථිකය කඩා වැටුණා. ජෙප්පෙක් වුණාට කමක් නැහැ ගොන්කම ලෝකෙට පෙන්වන්න එපා. අපිට විදේශීය විනිමය ගෙනා සියලුම මාර්ග නැතිවුණා. කවුරු රට පාලනය කළත් රටට ඔය හෙනේ වදිනවා... විශේෂයෙන් ඔහෙලා වගේ මිනිස්සු ඉන්න කම්...

:       7       1

Saman weerasekara Monday, 24 January 2022 01:38 PM

විරුවෙක් කියලා පඹයෙක් ගෙනාවාම ඔහොම තමයි. ප්‍රශ්න පිට ප්‍රශ්න. කවදාවත් කෙලින් තීරණ නෑ. ප්‍රශ්නවලට විසඳුම් නෑ...

:       1       17

Yugantha yukthika Monday, 24 January 2022 01:39 PM

ඉන්ධන මිල වැඩි කරන්න. ලීටරය රුපියල් 100කින්වත්. එමගින් ඉන්ධන පරිභෝජනය අඩු වේවි..! එම අතිරික්තය විදුලිය නිපදවීමට යොදාගන්න...

:       10       2

BamunuarachchiTuesday, 25 January 2022 10:58 AM

තෙල් නිපදවන සෞදි අරාබියේ පෙට්‍රල් ලීටරයක් රුපියල් වලින් 125. ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් වලින් 266 යි. ඇමරිකාවේ රුපියල් වලින් 195 ලංකාවේ රුපියල් 177. අපි ඉන්දියාවේ ගානට ගෙනාවාට කමක් නැහැ

:       0       0

Raveen nishshanka Monday, 24 January 2022 01:41 PM

රටත් කාලා අපිවත් කලා තොපි රටෙන් පිට වෙයල්ලා .අපි පුන්නක්කු කකා වහල්ලුගෙන් වහල් වැඩ බල බල මෙහෙට වෙලා ඉන්නම්

:       2       14

kamal anuruddha Monday, 24 January 2022 01:42 PM

පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කරමු .එතකොට පෞද්ගලික වාහන වලට යන ඉන්ධන ප්‍රමාණය අඩු වේවි .එය මේ අවසතාවේ සහනයක් වේවි

:       0       8

Saman weerasekara Monday, 24 January 2022 01:47 PM

හරි නම් ලයිට් කපන්න ඕනේ වහල්ලුන්ගේ ගෙවල් වල. අනික් මිනිස්සුන්ව මේවාට ගාව ගන්න හොඳ නැහැ..

:       0       16

අප්පුහාමි Monday, 24 January 2022 01:59 PM

මෙයාව විදුලිබල ඇමති කරල බලමුද දෙන පොරටෝක් අහන්න. මං හිතන්නේ එයාගේ දේශපාලන ජීවිතයෙ අවසාන කාලයයි මේ

:       0       7

අප්පුහාමි Monday, 24 January 2022 02:04 PM

ඇත්තෙන්ම ඇමතිතුමෝ අතීත රාජ්‍ය සේවයේ තුන්දා නීතිය හත්දා නීතිය වැනි රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතා වැඩිකිරීමේ ක්‍රමයක් කාර්‍යාල කළමනාකරණයේ තිබුනා.දැන් එහෙම දෙයක් කිසිවකු දන්න බවක් වත් නැතුවත් සාකච්ඡා සම්මන්ත්‍රණ කෙලවරක් නැහැ. කාර්‍යාලයකට ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් යැව්වත් පිළිතුරු නැහැ අඩු තරමින් රාජකාරි ලිපියක් යවා දින 14 කින් පිළිතුරක් නැත්නම් සිහිකැදවීමක් කල යුතුය.පිළිතුරක් එවියයුතුය රටේ තියෙන්නෙ එහෙමත් නොකරන කාර්‍යාල නිසා මේම රජයේ කාර්‍යාල මොකටද .ඉන්ධන ප්‍රශ්න ආදී ගැටලු විසදෙන තෙක් ඔබතුමා කියපු කාර්‍යාල විශේෂයෙන් වසා දමන්න.

:       1       4

kamal anuruddha Monday, 24 January 2022 02:18 PM

මරු

:       0       3

sathyapala Monday, 24 January 2022 02:24 PM

ඉහල ඉඳන් පහලට වනතුරුම අකාර්යක්ෂම තාවය , දුෂණය,නාස්තිය හා හොර කමේ විපාක

:       0       7

BamunuarachchiTuesday, 25 January 2022 10:30 AM

ඉතින් ජෙප්පෝ හොරු අල්ලන්න අවුරුදු 5 යහපාලකයින්ට දුන්න නේද? උන් හොරු ඇල්ලුවාද?

:       1       0

BamunuarachchiTuesday, 25 January 2022 06:33 PM

මොකෝ උත්තර නැත්තේ...?

:       1       0

Soma dubayi Monday, 24 January 2022 02:52 PM

කිසිඳු සීමා කිරීමකින් තොරව අපේ ජනාධිපති තුමා විදුලිය දෙන බව විශ්වාසයි .බොරු කටකතා වලට අහුවෙන්න එපා

:       10       0

sharm warnMonday, 24 January 2022 03:24 PM

මෙන්න මෙයාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යවන්නලා.එලෝ විකාරෙන් මෙලෝ ඇත ගාන බමුණාගේ සහෝදරයෙක් වගේ

:       0       1

Surain Monday, 24 January 2022 03:27 PM

ඔබත් ජාතිවාදය අවුස්සලා ජනතාව බේදභින්න කරපු අයෙක්ද? මිල සූත්‍රය ගැන මංගල මහත්තයට කොපමණ එවලද කරන කෙසේ වෙතත් මේ ගෙවන්නේ පාස්කු ප්‍රහාරයේ යුක්තිය වෙනුවෙන් මොර ගසන කාලයයි. මට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය දඬුවම් කරනකොට වරද නොකළ සියල්ලට එහි ප්‍රතිඵල දරන්න වෙනවා. අහෝ මගේ රට..!

:       1       4

BamunuarachchiMonday, 24 January 2022 06:23 PM

මොකක්ද හලෝ ජාතිවාදය අවුස්සනවා කියන්නේ? එකෙක් රටෙන් 2/5 ඉල්ලන එක ජාතිවාදය නොවෙයිද? තව එකෙක් ශරියා නීතිය ඉල්ලන එක ආගම් වාදය නොවෙයිද? සිංහලයා ඒවා දෙන්න බැහැයි කියන එකද ජාතිවාදය? මොන අමනයෙක්ද මේ? සුළු ජාතිකයා හදන්නේ උගේ කොටස වැඩි කරගන්න. සිංහලයා හදන්නේ තමන්ගේ කොටස රැකගන්න. මේ අමනයින්ට පෙනෙන්නේ රැකගන්න හදන එකා ජාතිවාදී කියලා....

:       6       3

BamunuarachchiTuesday, 25 January 2022 06:31 PM

අහෝ මගේ රට නම් සුළු ජාතිකයින් රටට කරපු දේ රටේ ඉතිහාසයෙන් ඉගෙන ගන්නවා. ක්‍රිස්තු පූර්ව 135 ඉඳන් රටේ ඉතිහාසය කියවනවා. එතකොට තේරේවි.. සිංහලයාට ඔවුන්ගේ රට එයාට නැතිවෙන හැටි.. හම්බයින් ඉඩම් හිමියන් වෙන හැටි. දැන් තමයි සිංහලයෝ හම්බයින්ට ඉඩම් දීම ප්‍රතික්ෂේප කරන්නේ...

:       1       0

Rohana Monday, 24 January 2022 03:42 PM

අපේ මිනිස්සුන්ට ඛනිජ තෙල් සහ විදුලිය පිරිමහන්න කතාකරන්නේ අර්බුදයක් ඇතිවුණාම පමණයි. අර්බුදය නැතිව ගිය වහාම නැවතත් සුපුරුදු ක්‍රමයටම වැඩ කරන්න පටන් ගන්නවා. විදුලිය සහ ඛනිජ තෙල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට අවශ්‍ය දිගු කාලීන සැලසුම් පිළිබඳව කතාකළත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ නිසා මේ අර්බුද හැමදාමත් දකින්න ලැබෙනවා...

:       0       1

Bamunuarachchi Monday, 24 January 2022 03:44 PM

සීමා පැනවුණු පළමු වතාව මෙය නොවෙයි. ඒ නිසයි බොහෝ ආයතනවල ජෙනරේටර් සවිකර තිබෙන්නේ...!

:       12       3

...........Monday, 24 January 2022 05:03 PM

බමුණෝ ජෙනරේටර් වතුරෙන් වැඩ කරනවැයි, එහෙම නම් මටත් කියන්න. මටත් එකක් ගන්න ඕනෑ...

:       1       7

BamunuarachchiMonday, 24 January 2022 06:15 PM

හොරෙන් ගත්තේ නැතිනම් විදුලි බලයත් නොමිලේ හම්බවෙන්නේ නැහැ. විදුලිබලයටත් ගෙවන්න ඕනේ. ඒ සල්ලි, භූමිතෙල් වලට වියදම් කරනවා. වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වුනේ නැද්ද? පව් කියලා හිතෙනවා. කිව්වොත් මැටි කතාවක් තමයි.

:       8       2

podi Hamine Monday, 24 January 2022 03:46 PM

අනේ ඔබතුමා 2015-2019 කාලේ ඇඳුම් ඇඳගෙන නේද මිල සූත්‍රයට විරුද්ධව වීදි බැස්සේ? දැන්නම් හිටු කියලා වදිනකොට රිදෙන රිදිල්ල ... පව් අනේ..!

:       1       6

BamunuarachchiMonday, 24 January 2022 06:36 PM

එතකොටත් කොරෝනා නිසා ආර්ථිකය වැටී තිබුණාද? රටට ඩොලර් ඒමේ අවහිරතා තිබුණද? සංචාරක ව්‍යාපාර කඩාවැටී තිබුණද? රට වහලා තිබුණද? නැහැ. 6.5% ආර්ථික වර්ධනයක් සමග බාරගත්ත රට... කෑවේ යහපාලක ගොයියන්. ඒ කාපු නිසයි සූත්තර දාන්න වුනේ තේරුණාද? ඔයගොල්ලන්ට පුළුවන්ද රිදෙන්න ගහන්න. නමටම ගැලපෙනවා අදහස්... මොඩයා කියලා මරන්නයැ.

:       5       1

Wimal Monday, 24 January 2022 05:02 PM

රෙද්දක් ඇඳන්ද දන්නේ නෑ මිල සූත්‍රය ගැන කියන්නේ? මංගල සමරවීර ඕක ගැන කියද්දී මේ උන්දැලා ඒකට කියපු කතා අපිට නම් මතකයි. මේ යෝජනා ක්‍රියාත්මක වෙන්න ඕනේ මීට බොහෝම කාලෙකට කලින්...

:       1       5

BamunuarachchiTuesday, 25 January 2022 10:37 AM

මංගල, මිල සුත්‍ර ගෙනාවේ ලෝකය, රට වසංගතයකින් කඩා වැටුන වේලාවකද? විහින්ම 6.5% තිබුන ආර්ථිකය 1.5% බස්සපු නිසාද? උත්තර දෙන්න බලන්න? හරි උත්තරය දුන්නොත් මල් කළඹක් දෙනවා බැරිඋනොත් අං තට්ටුවක් පලනදවනවා.

:       1       0

Dasa P Monday, 24 January 2022 05:46 PM

රටේ තියෙන සියලුම වී8 වාහන රාජසන්තක කර ප්‍රති අපනයනය කළොත් නරකයිද? වී8 එකකට ඉන්දියන් මරුටියක් නොමිලේ දෙමු...

:       1       2

lucky Tuesday, 25 January 2022 12:24 PM

ඔය බයිලා මොනවා කීවත්, හරි ඉදිරි දැක්මක් විදුලි අර්බුදය විසදීමට බලධාරීන්ට නැති බව පෙනී යයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 698 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 292 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 299 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 233 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 372 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 416 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site