(නිමන්ති රණසිංහ)
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා පොලිස් සැරයන් අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය සුදුසුකම් ලැබ තිබේ.
ලෝක ශුරතා දුන්නෙන් විදීමේ තරඟාවලිය තරඟාවලිය ඊයේ 20 සිට ලබන 26 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ (Yankton South Dakota) යන්ක්ටන් දකුණු ඩැකෝටා නගරයේ දී පැවැත්වෙන අතර , එහි compound දුන්නෙන් විදීමේ ඉසව්ව නියෝජනය කරමින් මෙම නිලධාරිනිය හෙට (22) ඊට සහභාගි වනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඇය 2010 වර්ෂයේ දුන්නෙන් විදීමේ ක්‍රීඩාවට යොමුවී වසර පහක්ම දුන්නෙන් විදීමේ ජාතික ශූරිය බවට පත්වී ශ්‍රී ලංකා පොලීසියට කීර්තියක් අත්කර අත්කරදුන් නිලධාරිනියක බව ද පොලිස් මූලස්ථානය පවසයි.
2016 සහ 2019 වර්ෂවල දකුණු ආසියාතික දුනු ක්‍රීඩා උළෙලේදී දුන්නෙන් විදීමේ රිදී පදක්කම ද ඇය විසින් ලබා ගනු ලැබුවාය.
ගාල්ල හිමිදුම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වී ඇත්තේ 2003 වර්ෂයේදී ය .
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පොලිසියේ සැරයන්වරියක්
Senarath Wednesday, 22 September 2021 12:32 PM
ඔබට ජය පතමි.
fairoos Wednesday, 22 September 2021 12:33 PM
සුබ පැතුම්..!!!