IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ලස්සන ජීවිතයක් දෙන්න ඇවිත් මිනිස්සු අසරණ කළා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න ජන වරම් තුනකුත් අරගෙන අද නිර්මාණය කර තියෙන්නේ දුක් විදින රටක් අසරණ ජීවිතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු අයවැය  විවාදය අමතමින් පැවසීය.

"මේ අයවැය ගැන කතා කරන්න පෙර 2025 අයවැය ක්‍රියාත්මක කළේ කොහොමද කියා සොයා බලන්න ඕන.ඒ අයවැය යෝජනා වල මූල්‍ය ප්‍රගතිය සහ භෞතික ප්‍රගතිය ගැන මා ප්‍රශ්නයක් ඇහුවා. 

උත්තරේ දෙන්න කල් ඉල්ලුවා.පසුගිය  අයවැයෙන් පාසල් අධ්‍යාපනය නවීකරණය කරන්න මිලියන 500 ක් වෙන්කර තියෙනවා.එයින් දැනට පාවිච්චි කරලා තියෙන්නේ සීයට විස්සයි.උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලයක පාඨමාලා හැදෑරීම සඳහා මිලියන 200ක ශිෂ්‍යත්ව දෙන බව කියා තිබුණා.එහි ප්‍රගතිය සීයයට 15යි.ඔට්ටම්  දරුවන් සඳහා දිවා සුරැකුම් අධ්‍යස්ථාන පිහිටුවීමට මිලියන 250ක් වෙන්කර තිබෙන නමුත් එහි ප්‍රගතිය සියයට 30යි.2025 අයවැයේ ප්‍රගතිය මේක නම් 2026 අයවැය  යෝජනා ගැන කවර කතාද? යනුවෙන් සජිත්  ප්‍රේමදාස මහතා කීය.



අදහස් (8)

ලස්සන ජීවිතයක් දෙන්න ඇවිත් මිනිස්සු අසරණ කළා

Nihal Tuesday, 11 November 2025 01:14 PM

ඔහෙලා දසක ගනනාවක් හපයක් කරලා ගිය රටක් තමයි නිවැරදි මගක යන්නේ ඕහෙලා හිටියනම් හොරාකෑමට අමතරව පවුල් පුම්බන්නම විශාල මුදලක් විනාශ කරනවා

:       3       12

Rata Perata Tuesday, 11 November 2025 01:17 PM

මේ අසරණයට කවුරුහරි පිහිට වෙන්න. මෙයාට ඉක්මනට බෙහෙත් ටිකක් අරගෙන දෙන්න.

:       3       15

චින්තක Tuesday, 11 November 2025 02:03 PM

මේ මනුස්සයා රටටම විහිළුවක්...

:       0       0

de silva Tuesday, 11 November 2025 02:32 PM

ඔබ නිකන් නිෂ්ඵල කතා කියමින් කාලය ගතකරනවා... ඔබ රාජ්‍ය තාන්ට්‍රික ගමනක් ඉන්දියාවට ගිය බව ඔබගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වන හර්ෂද සිල්වා දන්නේත් පත්තරෙන්, ඉස්සෙල්ලා ඔබ හැසිරෙන ආකාරයත් රනිල් දැනට වසර 10 කට පෙර හැසිරුණු ආකාරයත් අතර වෙනසක් නැහැ. අද ඉන්න බුද්ධිමත් තරුණ පරපුරට ඔය සෙල්ලම් වලින් වැඩක් නැහැ. මෙහෙම ගියොත් පක්ෂය විසින් ඔබව එළියට දමනු ඇත. අන්තිමට ඔබට ඉතුරු වෙන්නේ ඔය පිටුපසින් සිටින 8 සමත් අමු මාළු කන, හැමදාම ඔබ පසුපස යෑම සහ මළ ගෙවල්වලට ගොස් රෑට ගංජා ගැසීම හැර වෙන දේශපාලනයක් නොදන්නා ධීවර මහත්මයා වැනි සගයන් කිහිප දෙනෙක් පමණි. ඔවුන් අද දේශපාලනේට ගැලපෙන්නේ නැහැ...

:       0       0

ගමේ එකාලා Tuesday, 11 November 2025 03:22 PM

ළාමක ටින් ටින් ගේ කියුම් කෙරුම් ගැන අපි පහුගිය කාල පුරාවටම දුටුවා. සදාකාලික විපක්ෂ නායකයා ,බොරුව සමාජගත කෙරුවට වැඩක් වෙන්නේ නැහැ.ජනතාව අවදියෙන් ඉන්නේ,

:       1       7

දිනේෂ් Tuesday, 11 November 2025 04:00 PM

කවුරු කොහොම කිව්වත් රට හරි පාරේ යනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම අදාල අණ පනත් සම්මත වෙනවා. බහුතරයක් මිනිස්සුන්ට දැනෙන තරමට බඩු මිල වෙනස් වෙලා නැත්තේ, ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිල තිබුන නිසයි. ආර්ථික ස්තායිතාව ඇති වෙමින් තියෙනවා...

:       0       0

කපුරුහාමි Tuesday, 11 November 2025 04:35 PM

හිටපු දූෂිත දේසපාලුවෝ ,ආරක්ෂයෝ පිරිවරාගෙන, මහා හයියෙන් සද්දේ දාගෙන , පාරේ යන අහින්සකයෝත් හප්පාගෙන ගියේ. දැන් එහෙමද? නිදහසේ යන්න ලැබීමත් සැනසීමක්...

:       0       0

ranil Wednesday, 12 November 2025 04:49 PM

ඔබට බැහැ, පුළුවන් කෙනෙකුට කරන්න දීල ඉවත් වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site