IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංකා සහල් නිෂ්පාදකයෝ සහල්වලට පාලන මිලක් ඉල්ලති

(නිමල් ජයරත්න)

රජය මුහුණ පා සිටින ඩොලර් අර්බුදය හමුවේ සහල් ආනයනය කිරිම වහාම නතර කර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලෙසත් පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීමට තමන් සතුව පවතින ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද පැවැසීය.

පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේදි මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් එම සංගමය එසේ සඳහන් කළේය.

ඒ අනුව සහල් ආනයනය නොකර කැකුළු සහල් සඳහා රුපියල් 105ක්ද නාඩු සහල් කිලෝවක් සඳහා 130ක් ද කීරි සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 160ක උපරිම සිල්ලර මිලක් පනවා වහාම ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස එම සංගමයේ ලේකම් ඩබ්ලිව්.ඩී.කේ. මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.

රජය රටින් සහල් මෙට්‍රික් ටෝන් ලක්ෂයක් ගෙන්වීමට සූදානම් ඊට ඩොලර් මිලයන හතිලියක් වැය වන බවත් එම සහල් තොගය ලංකාවේ සහල් පාරභෝගියකයන්ට ප්‍රමාණවත් වන්නේ සති දෙකකට පමණක් බව ද මුදිත් පෙරේරා මහතා පැවැසීය.

 



අදහස් (15)

ලංකා සහල් නිෂ්පාදකයෝ සහල්වලට පාලන මිලක් ඉල්ලති

යෝගා Tuesday, 28 September 2021 08:38 PM

අන්තිමට හාල් මෝල්හිමියෝ ටික පාස් ! මහජනතාව ෆේල් !

:       2       9

පැරකුම්Wednesday, 29 September 2021 10:10 AM

නෑ හොඳටම කරපු එක්කෙනා ෆේල්…!!!

:       2       5

SL Tuesday, 28 September 2021 08:44 PM

සහල් ගෙන්වන්න. මේ අය ජනතාව හූරන් කනවා. 160ට දෙන්නම් කියන කීරි සම්බා කිලෝව දැන් දෙන්නේ 225. කුහකකම එතැනින්ම පෙනෙනවා.

:       0       13

Bamunuarachchi Tuesday, 28 September 2021 08:53 PM

මෝල් හිමියන්ට ගෙවනවාට වඩා අඩු මුදලකට සහල් පිටරටින් ගෙන්වන්න පුලුවන් නම් පිටරටින් ගෙන්වමු.

:       2       13

සිල්වා Tuesday, 28 September 2021 09:04 PM

රටට අවශ්‍ය තරම් සහල් රට තුළ තිබේනම් ආනයනය අවශ්‍ය නැත.

:       13       3

Ruwan Tuesday, 28 September 2021 09:36 PM

දැන්ද පාලන මිල ඕනි වුනේ?

:       0       12

BamunuarachchiWednesday, 29 September 2021 08:43 AM

පාලන මිල ඉල්ලන්නේ මේගොල්ලන්ගේ සහල් මිලට.

:       0       2

Jay Tuesday, 28 September 2021 10:32 PM

අද නේද සංගමේ හදාගත්තේ? බැනර් එකේ තීන්ත වේලිලත් නැහැ.

:       0       12

දාස Wednesday, 29 September 2021 06:20 AM

මේ තව බෝයිස්ලා කට්ටියක්... ඩඩ්ලි ලොක්කා තව කට්ටියක් මෙහෙයවනවා.. අලගියවන්න බොරු කයිවාරු විතරයි. අන්තිමට ඩඩ්ලි ගොයියා ඉදිරියේ විරුව දණගහනවා.. ඒකයි නාට්‍යයේ අවසන් ජවනිකාව...

:       0       0

Bamunuarachchi Wednesday, 29 September 2021 08:40 AM

අවශ්‍ය තරම් හා තිබුණට මෝල් කාරයෝ කියන ගණන්වලට හාල් ගන්න මිනිස්සු ළඟ සල්ලි නැත. එම නිසා මොල්හිමියා ගැන හිතන්නේ නැතුව සහල් පිටින් ගෙන්වමු. එතකොට ගොවියා සහල් රජයට විකුණාවි.

:       2       3

Perera Wednesday, 29 September 2021 09:10 AM

රජයේ වී අලෙවි මණ්ඩලයක් තියෙන්නේ මොන මගුලකටද ?

:       1       3

BamunuarachchiThursday, 30 September 2021 10:00 AM

වී අලවි මණ්ඩල 10 තිබුනත් වැඩක් තිබෙනවාද හලෝ ගොවියා වී ටික විකුණන්නේ මෝල් හිමියාට නම්? මැටි කතා.

:       0       0

Jude perera Wednesday, 29 September 2021 10:20 AM

හාල් ගෙනල්ලා කොමිස් ගහන්න යන්නේ

:       1       2

fairoos Wednesday, 29 September 2021 12:34 PM

එතකොට මොනවටද ආණ්ඩුවක්...? හදිසි නීතිය සම්මත කරගෙන නන්දසේන විකාර කරනවද?

:       0       0

SUNIL MILANO Wednesday, 29 September 2021 01:56 PM

මේ වී මෝල් හිමියන් මට්ටු කරන්නම්... සියලුම මහා පරිමාණ මී මෝල් රාජසන්තක කල යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 259 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 122 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 86 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 325 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 344 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 630 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site