
(අංජුල මහික වීරරත්න)
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(12)සහතික විය.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව පිලිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
ශ්‍රී ලංකාව , පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටී.
දැනට එහි එක් තරගයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරග ගණනාවක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය මහතා සමග පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.
ආරක්ෂක ලේකම් සම්පත් තුයිය්කොන්තා මහතා පාක්ස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර තිබේ.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණ දැක්වු සහය සිහිපත් කළ ජනාධිපතිවරයා ඊට කෘත ගුණ දැක්වීමක් ලෙසද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.
එසේම තරඟයේ පැවැත්වෙන කාලය ඇතුලත ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවටද ජනාධිපතිවරයා සහතික වී තිබේ.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් ප්‍රතිඥාවක්