(යොහාන් භාසුර)
ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට අද (17) අළෙවි කළ බව දැනගන්නට තිබේ.
රාජසන්තක කළ විස්කි මෙසේ අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට විශාල පාඩුවක් වීම නිසා ආර්ථික වැටී තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආයතනයක් මෙවැනි දෙයක් කිරීම විවාදයට තුඩු දෙන බවත් මෙය රේගු දෙපාර්තමේන්තුව උත්සව සමයේ පුරුද්දක් ලෙස කරගෙන යන දෙයක් බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
කොළඹ කොටුවේ පිහිටි රේගු මූලස්ථානයේ සේවක සේවිකාවන් මුලු පුරවාගෙන විස්කි අද දින රැගෙන ගිය බවත් ඇතැමුන් අඩු මිලට ලබාගන්නා විස්කි රැගෙන ගොස් වැඩි මිලට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රේගුවෙන් අඩුවට විස්කි
Bandara Friday, 17 December 2021 07:49 PM
ඇතැමුන් නොවේ ඔක්කෝම කරන්නේ ආපහු විකුණන එක. දැන් ඕවා එළියෙ විකිණෙන්නේ අධික මිලගණන්වලට. රජයට සත පහක ආදායමක් නැතුව හිඟන අඩවියක ඉන්න වෙලාවේ මේවා වෙළඳ පොළ අගයට විකුණලා අමතර ආදායමක් හොයාගත්තා නම් මොකද?!!! හැමතැනම වෙන්නේ යටිකූට්ටු වැඩයි, වංචාවයි විතරයි.
gunarathnaSaturday, 18 December 2021 12:08 PM
දැන් මේ විස්කි වලින් කොපමණ ප්‍රමාණයක් දෙන්න ඇතිද?සේවකයෝ 1500 ක් දීලා ගෙනියනකොට දේශපාලුවෝ සතයක්වත් නොදී අරන් යන්නේ
Don Friday, 17 December 2021 07:57 PM
අප්පට හුඩු... මරු ආයතනේ... කියන්න වදන් නෑ. අනිකුත් රාජසන්තක කළ බඩුත් මේ උත්සව සමයේ රේගු සේවකයන් අතරම බෙදාගෙන ගොස් ගොඩ පලයල්ලා.
ජයසුමන Friday, 17 December 2021 08:16 PM
දුක් මහන්සි වෙලා මැද පෙරදිග මිනිස්සු ගේන විස්කි සේවකයන්ට නීතිමය කරුණක් මත රාජසන්තක කරලා තමන්ගේ පුද්ගලික පරිහරණයට ගෙනියන්න පුළුවන්ද? වෙන්දේසි කරන්න ඕනෑ නැද්ද?
අප්පුහාමි Saturday, 18 December 2021 12:09 PM
මේ ආයතනයේ පමණක් නොවෙයි එවැනි තවත් ආයතන අනන්ත තියෙනවා. උදාහරණයකින් කියනවා නම් මහා භාරකාර දෙපාර්තමේන්තුව ඉන් එකක් .මේවා ඒවායේ වැඩ කරන අයගෙ බූදල් කියලා හිතා ඉන්නෙ.ඇත්තටම මෙවැනි භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නොහැකිද. මුදල් ඇමතිවරයා මොකද කියන්නෙ
Ratne Friday, 17 December 2021 08:18 PM
රාජසන්තක වූ විස්කි, රේගු සන්තක කිරීමක්...
චාමර Friday, 17 December 2021 08:31 PM
මේ අයගේ ගෙවල් වල අයටත් හෙන ගහනවා...
siri Friday, 17 December 2021 08:32 PM
වෙසක් වලට එපා නම් නත්තලටත් එපා කියලා නේද කිව්වේ...?
MO77 Friday, 17 December 2021 08:34 PM
බලය තියෙන හැමකෙනාම වංචාවට පුරුදුවෙලා ඉන්නේ. සමහර ආයතන හොර ගුහාවල්. රාජ්‍ය ආයතන සියල්ලම කැමරා පද්ධතියකින් නිරීක්ෂණය කළ යුතුයි. සියලුම සේවා ඩිජිටල්කරණයට ලක්කර online payment එකක් හඳුන්වා දිය යුතුයි. මෙම විස්කි ඩිජිටල් පද්ධතියක් හරහා ජනතාවට මිලදී ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. මෙය තමයි එකම විදිය වංචා, දූෂණ අඩුකර ගැනීමට.
පිටිගල මිලානෝ Friday, 17 December 2021 08:38 PM
රාජසන්තක කිරීම යනු මහජන සන්තක කිරීම මිස රේගු සේවක සන්තක කිරීම නොවේ. මෙලෙස රජ සන්තකයේ ඇති දෙයක් සොරාකෑම දඬුවම් ලැබිය යුතු සහ රැකියාවෙන් පහ කළයුතු වරදකි. හැබැයි ඉතාලියේ ඉන්න අය නම් විස්කි කන්ටේනර් ඇතුලේම දාලා තමයි ලංකාවට යවන්නේ. රේගු මහත්තුරු ඉතාලි කන්ටේනර් කරුවන්ට හරිම කරුණාවන්තයි.
saman Friday, 17 December 2021 08:42 PM
ඔයිට වඩා හොඳ ජාවාරමක් වෙනවා. රජයේ ආයතනවල දූෂිත නිලධාරියෙක් අල්ලගෙන භාණ්ඩ අඩු මිල දාලා ගේනවා. ඊට පස්සේ රේගුවෙන් ඒ බඩු අල්ලගෙන කොටි ගානක දඩ ගහනවා. ඒ දඩෙන් භාගයක් රේගු නිලධාරින්ට. ඒ භාගයෙන් 20% විතර අර ගේන දූෂිත නිලධාරියාට දෙනවා. රජයේ මුදල් හොර පාරෙන් සාක්කුවලට දා ගන්නවා. බෝතල් වගේ නොවෙයි. පරම්පරා 10ක් විතර ගොඩ යනවා එක ඩීල් එකකින්...
Agent SmithFriday, 17 December 2021 10:30 PM
ඔබ ඇත්ත කියන්නේ නම් සාක්ෂි සහිතව මා අමතන්න. මම ඔවුන්ව යුක්තිය ඉදිරියට ගෙන ඒමට කැමතියි.
samanWednesday, 22 December 2021 10:50 PM
මේවා නීත්‍යානුකූල හිල්. නීතිය කරවන අය ගහන ගේම්. කෝප් එකටත් මේවාට මුකුත් කරන්න බැරිව හිරවෙලා ඉන්නේ. ඒ අයත් දන්නවා...
nihal Friday, 17 December 2021 11:07 PM
රේගුවේ සෙට්එක ඩිස්ලයික් දාගෙන යනවා. ලැජ්ජාවක් නැහැ.. මේ අයට වැරැද්දට වැරැද්ද කියන්න. බෝතලේකට ආත්මය පාවලා දෙන්න ලැජ්ජාවක් නැහැ. නිවුස් එකට කොමෙන්ට් වැටෙනකොට හරි ලැජ්ජයි...
Asela Friday, 17 December 2021 11:44 PM
මේ වගේ පුවත් පලකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි..!!!
vikum Friday, 17 December 2021 11:52 PM
කුඩුත් ඔහොම්මම වෙයි නේද යන විදියට... සර් කෝ? නැහැනේ...!!!
Kasun Saturday, 18 December 2021 12:02 AM
බොරු කියන්න එපා. මේවා නිකන් බෙදාගන්නේ.. ගිය අවුරුද්දේ මගේ ඇස් දෙකෙන්ම මේක දැක්කා. මම ගියා ප්‍රධාන කාර්යාලයට... මම කළින් එවපු බඩුවලට අය කරලා තිබ්බ ඩිපොසිට් එකක් ගන්න ශාඛා කාර්යාලයට.. මට මතක විදිහට 7වෙනි හෝ 8 වෙනි මහලේ තිබ්බේ. සෙට්එක ලිස්ට් එකක් හදාගෙන හැමෝටම බෙදනවා. සල්ලිවලට නෙමෙයි.., නිකන් බෙදාගන්නේ. කවුද ඕවා හොයලා බලන්නේ නීතියක් නැති රටේ...?
Ruhunu Saturday, 18 December 2021 01:59 AM
අල්ලන කුඩු වලටත් වෙන්නේ ඔය ටිකම තමයි
Gamini Saturday, 18 December 2021 03:08 AM
හිටන් පත්තරෙන් හරි යමක් දැක්කා. දැන් ඉන්න කෙනා මෙලෝ රහක් නෑ...
Perera Saturday, 18 December 2021 06:20 AM
ජොනී තොගයම ගත්ත ගානද ඔය ?
Eran Saturday, 18 December 2021 09:20 AM
රේගුවේත් රාජපක්ෂලාගේත් වෙනසක් ඇත්තේම නැත..කොහෙන් හෝ ගසා කෑමට උපන් හපන් පිරිසකි..අර නාගානන්දට නින්ද ගිහින් වෙන්න ඇති මේ ගැන කට නොඇර ඉන්නෙ...
කිරි පුතා Saturday, 18 December 2021 10:20 AM
රේගුවේ සිදුවන දේවල් අතර මේක සුළු දෙයක් වෙන්න ඇති. රේගුවේ වැඩ කරන හැම කෙනෙක්ම හොඳ සල්ලි කාරයෝ. මේවා කවදාවත් හදන්න පුලුවන් දේවල් නෙවෙයි.ඔවුන්ට සාධාරණව සලකන්නෙ කවදා හරි සංස්කාර තමයි.
shall be punished Saturday, 18 December 2021 10:45 AM
දේශපාලකයින්ට බැන බැන හිටියට රාජ්‍ය සේවකයාගේ හොරකම් උපරිමයෙන්ම තියෙන තැනක් රේගුව. මේවා නියාමනය කලයුතු හිටපු ජනාධිපති මහින්දත් මෙම ආයතනයට ගිහින් කල ප්‍රසිද්ධ ප්‍රකාශයක් මතක් වෙනවා " ඇල්ලුවත් ගොඩ, යැව්වත් ගොඩ " රටට ලැබෙන බදු මුදල් බිලියන ගානක් රේගුවේ ඉන්න හොරු හින්ද රටට අහිමි වෙනවා. මේ රේගුව සහ ඔවුන් ගේ සේවය විධිමත් විනිවිධ පරිපාලනයකට කර හොර මගඩි වහා ම නැවැත්විය යුතුයි. 225 බත් කන හරක් ට තියෙන්නේ මේවා නියාමනය කිරීම ,නීතිය ක්‍රියාත්මක කිරීම රේගුව නම් හොරු - හොරු නම් රේගුව.
siri Saturday, 18 December 2021 03:55 PM
කරනවා නම් තවත් හොඳ වැඩක් තියෙනවා. පිටරටින් ගෙන්වලා වරායේ හිරවෙලා තියෙන ඔය සුඛෝපභෝගී වාහන සේරම දෙකයි පනහ ගානේ වරාය සේවකයින්ට විකුණලා දැම්මා නම් වරායේ ඉඩකඩ ප්‍රශ්නයත් විසඳාගන්න පුළුවන්. මේ යන විදිහට ඒකත් ළඟදීම කෙරෙයි වගේ. යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියලනේ කියන්නේ...
සෙනෙවිරත්න Saturday, 18 December 2021 07:03 PM
වහ ටිකක් දාලා බෝතල් එව්වා නම් ඔය ජරාවැඩේ නවත්තන්න තිබුණා. අර තැපැල් දෙපාර්තමේන්තුවේ කෙනෙක් පන්නපු බෝතලයක් බීලා මලා වගේ වෙන්න..
Bamunuarachchi Monday, 20 December 2021 09:04 PM
මෙහෙමවත් බීලා විඳවපල්ලා. රාජසන්තක කලේ නොමිලේ ගෙනාව විස්කිද? කව්රුවත් මුදලට ගෙනා විස්කි මොවුන් කුණුකොල්ලෙට ගෙන බීම.., බඩට ශාප වදින වැඩක්.