IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රූල් ඇතුළේ අකුරු නොලිව්වැයි ගුරුවරිය දරුවකුට පහරදීලා

(සුජිත් හේවාජුලිගේ සහ  නිමල් ජයරත්න)

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හත් හැවිරිදි දරුවකුට පන්තිභාර ගුරුවරිය   රූල්   තුළ අකුරු නො ලියූ බව පවසමින්  පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා වන  මංජුල කුමාර රත්නායක මහතා පොලිසියට ළමාරක්ෂක අධිකාරියට සහ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇත.

මේ සිද්ධියවී ඇත්තේ පසුගිය 20 වෙනිදාය

සිද්ධියෙන් තුවාල ලැබූ එම දරුවා රෝහල් ගත කරනු ලැබ සිටියි. මේ සම්බන්ධයෙන් විවිධ අංශවලට පැමිණිලි කර ඇතත් ඊට විසඳුමක් නොමැතිවීම හේතුවෙන් දරුවා පාසලට  නොයා නිවසේ රැඳී සිටින බව දරුවාගේ පියා පැවසීය.

මේ සම්බන්ධයෙන් දරුවාට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසද  ඔහු ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රංජිත් නිශ්ශංක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙය සුළු සිද්ධියක් බවයි.

සිද්ධිය සමථයට පත් කරවා ගැනීමෙන් පසුව දරුවා පාසලට එවීමට මවුපියන් කැමැත්ත පළ කර ඇති බවත්  දරුවාට ඇත්තේ සෙම සහ හතිය බවත්  ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසලමුදලි මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ සිද්ධිය පිළිබඳව විදුහල්පතිවරයා තමා දැනුවත් කර නැති බවයි.

මේ සිද්ධිය ගැන දරුවාගේ පියා තමා දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට දිඹුලාගල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාට උපදෙස් ලබා දුන් බවත්ය

සිද්ධියට මුහුණ දුන් දරුවාට සාධාරණය ඉටු කිරීමට තමා කටයුතු කරන බවද  ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අප ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි බොහෝ අවස්ථාවලදී  විමර්ශන සඳහා අදාළ පොලිසිවලට යොමු කරන බවයි.

පොලිසිවලින් සාධාරණය ඉටු නොවන්නේ නම්  අධිකාරිය පෞද්ගලිකවම මැදිහත්වී  විමර්ශන පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

පොලීසියේ පරීක්ෂණවල අඩුපාඩු කමක් පෙනෙන්නේ නම් මවුපියන්ට  ඒ සම්බන්ධයෙන්  ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ හැකි බවද මහාචාර් ය උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (14)

රූල් ඇතුළේ අකුරු නොලිව්වැයි ගුරුවරිය දරුවකුට පහරදීලා

rishan Tuesday, 27 September 2022 07:45 PM

ළමයින්ට ගහලා හදන්න ඕනෙ කාලෙ හදන්න ඕනේ...

:       1       0

අජන්ත ගුණවර්ධන Tuesday, 27 September 2022 08:24 PM

මීට අදාළ විමර්ශන සති දෙකක් තුළ අවසන් කර ඉදිරිපත් කර ඉදිරිපත් කරන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් දිඹුලාගල කළාප අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දී ඇත. ඒ අනුව කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබාදීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වනු ඇත.

:       2       0

chandana Tuesday, 27 September 2022 09:21 PM

හොඳ වෙලාවට අපේ තාත්තා පොලිසි ගියේ නැත්තේ. එහෙම වුණා නම් තාත්තා ටීචර් එක්ක හැමදාම පොලිසියේ. අද මට මේක ලියන්න වෙන්නෙත් නැහැ. වෙලාවට මේකේ රූල් නැහැ

:       2       3

රෝහිත අබේ කලුතර Tuesday, 27 September 2022 09:39 PM

මම හිරේ නොගියේ... ගුරුවරු මට ගහපු නිසා...!

:       2       1

Sk Wednesday, 28 September 2022 05:27 AM

ළමයා ගෙදර. ප්‍රශ්නය එකම තැන... ආයතනවල නිලධාරීන් බෝල පාස් කරකර ඉන්නවා.

:       1       3

Chinthaka Wednesday, 28 September 2022 06:01 AM

ලුණු මිරිස් නැතුව හොද්ද හදන්න මංජුල කුමාර සූදානම් වෙලා කියන්න පුළුවන්... මෙහි දැක්වෙනවා දරුවට තුවාල වුණා කියලා. ඒක කෙසේවත් පිළිගන්න බැහැ. සොයා බලන්න.. මෙම පියාත් හරියට ඉගෙනීමක් නොකල අයෙක් නේද කියලා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.. කොහොම වුණත් මේ දරුවා අනාගතයේ මැරයෙක් වීම වළක්වන්න සක්කරයාටවත් බැහැ.

:       6       3

ChinthakaWednesday, 28 September 2022 01:00 PM

අද පුවතක් තියෙනවා හෝකන්දර ප්‍රදේශයේ පුතෙක් තාත්තාට උදැල්ලකින් ගසා මරා දමලා... අම්මටත් පිහියෙන් කොටලා කියලා... ඩිස්ලයික් දාපු අය බලන්න මෙම ළමයාත් කවදා හෝ එහෙම නොකරාද කියලා..?

:       2       3

Kumara Wednesday, 28 September 2022 09:23 AM

තුවාල වෙන්න ගහලා දරුවා රෝහල් ගතකළා නම් ගුරුවරිය අත්අඩංගුවට ගත යුතුයිනේ. මේ කතාව ටිකක් ගැටලු සහගතයි. එහෙම නැතුව යම් වරදකට ගුරුවරයෙක් පාරක් දෙකක් ගැහුව පලියට පොලිසි යන දෙමව්පියන් දරුවන්ට දෙන පණිවිඩය නරක එකක්. ඒ විදියට හදන දරුවො අම්මා තාත්තා දඩුවමක් දුන්නු දවසක ඒ අයට විරුද්ධව අත උස්සන්න වුණත් ඉඩ තියෙනවා...

:       0       5

kapila fonseka Wednesday, 28 September 2022 09:47 AM

අපි ගුටිකාපු විදිහට අපේ තාත්තලා පොලිසි ගියානම් ගුරුවරු තාම හිරේ... අපේ ගුරුවරුන්ට අපි තාම ආදරෙයි..

:       1       9

dhamneth Wednesday, 28 September 2022 11:47 AM

මේක හරිම සංකීර්ණ ප්‍රශ්නයක්... ගුරුවරයෙක් ළමයෙකුට ගහන විට තුවාල සිදුවුවත් ගුරුවරයන් අතින් එහෙම වෙනවා කියන එක මීට පෙර නම් අසා නැහැ. මේ ගුරුමහත්මියත් එකම ගමේ නම් පවුල් අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ළමයාට නිසි ආකාරයට අකුරු ලියන්න බැරිනම් ඒකටත් ගුරුවරුන්ට චෝදනා කරන්න පුළුවන්... තවම මේ ළමයාට හරියට අකුරු ලියන්නවත් බැහැ.

:       0       5

Nihal Wednesday, 28 September 2022 01:52 PM

හොද ගුරුවරු අතරෙ අලුගොසුවොත් ඉන්නව, කාටත් මතක ඇති පසුගිය කාලෙ දරුවො දූශනය කරපුව, සමහරක් ගෙදර ප්‍රස්නනම් දරුවන්ට තඩිානව

:       0       2

Nihal Wednesday, 28 September 2022 01:58 PM

මේ දවස්වල ගොඩක් දරුවෝ කුසගින්නේ එන්නේ... ගහන්න එපා...! 

:       0       2

Nihal Wednesday, 28 September 2022 02:08 PM

මීට කළිනුත් දුප්පත් දරුවෙක් සපත්තු දාගෙන ආවෙ නෑ කියලා දරුවගේ බෙල්ලේ එල්ලලා තිබුණා.. එම දරුවාට දිඹුලාගල පොලිසියේ ඕ.අයි.සී. සපත්තු දෙකක් අරන් දීපු සිද්ධිය පුවත්පත්වල පලවුණා.

:       0       1

Lal Silva Thursday, 29 September 2022 10:55 AM

මගේ දරුවාට අකුරු සම්බන්ධයෙන් ගුරුවරියට අවුරුදු 35කට පෙර පැහැදිලි කිරීම: කොම්පියුටරේ, කැල්කියුලේටරයක් මේ ප්‍රශ්න විසඳනවා, ළමයාට කරදර කරන්න එපා! ඒ අවුරුදු 35කට පෙර, නමුත් ලංකාවෙ දියුණුව, තාම එතනමයි!!! විදුහල්පතිට සුළු සිද්ධියක්, ගණන් ගන්නෙත් නෑ. තව අවුරුදු 35කට ලංකාව මෙතනම තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 518 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1275 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 667 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 134 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 528 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 325 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site