IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්‍රභාකරන් සමඟත් ’’චැට්’’කළා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ "චැට් "එකක් දැමුවේ  යැයි ද හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

තමා රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  රාසමාණික්කම්  මහතා වැරදි ප්‍රකාශයක් කර තිබූ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තමා නොව රාසමාණික්කම්  මහතා නම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පදිරිප්පු ආසන සංවිධායක කම ලබාගත් බවද කීය.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා (දෙජාසං) පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී රාසමාණික්කම්  මහතා සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තනි තනිව හමුවී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක බවට පත් කිරීම සඳහා සඳහා සහයෝගය පළ කරමු යැයි පැවසූ බවයි.



අදහස් (14)

රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්‍රභාකරන් සමඟත් ’’චැට්’’කළා

Ras Friday, 06 May 2022 01:19 PM

එදා ඔහේ දින්නත් අවූරුද්දක් යන්න ඉස්සෙල්ලා රවී, මලික් කට්ටුව ඔහේව ගෙදර යවනවා. හැමදාම වුනේ ඕක තමයි...

:       6       18

SUNIL MILANO Friday, 06 May 2022 01:23 PM

මේ මිනිස්සු කිසිම හිරිකිතයක් නැතිව ඇඟට පතට නොදැනී බොරු කියන හැටි. චැට් එකක් දැම්මා.. ඒ කියන්නේ මෙයත් ළඟ ඉඳලා තියෙනවා.

:       6       7

චන්දන Friday, 06 May 2022 01:32 PM

රාජපක්ෂවරු කොහොම වුනත් තමුන්නැහැලා නම් ප්‍රභාකරන් එක්ක චැට් කරපු හැටි රටම දන්නවා...

:       17       22

Nihal Friday, 06 May 2022 01:32 PM

ඔබතුමා කොටි එක්ක ගහපු ගිවිසුමෙන්, ත්‍රිවිධ හමුදාවේ දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා... අද වගේ මතකයි.

:       12       24

de silva Friday, 06 May 2022 01:37 PM

ඔබතුමා එදා හොරු සමග දින 100 ජාතික ආණ්ඩු හැදුවේ නැතිනම් අද රටට මෙහෙම වෙන්නේ නැහැ. ඔබතුමා හොරු ඉක්මණටම අල්ලලා හිරේ දැම්මා නම් මේ ප්‍රශ්න අද නැත. දැන් ඇති, කරුණාකර ගෙදර යන්න. ඔබතුමා හිටියොත් ලබන සැරේ එජාපයට 3%වත් නැතිවෙනවා.

:       8       24

Hafeel Friday, 06 May 2022 03:26 PM

ඔබතුමා සමග මමත් එකඟයි. එවකට කතානායක නිල නිවසේ ඔහුගෙන් කට උත්තර ගන්න පහසුකම් ලබා දුන්නෙත් මෙයා නේද? විමල්ව හොර පාස්පෝර්ට් සිද්ධියේදී පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ ආරක්ෂා කළා. තාජුදීන් ඝාතකයින් ආරක්ෂා කළා කියලා හිටපු ජනාධිපති මෛත්‍රි ඒ කාලේ ප්‍රසිද්ධියේ කිව්වා... රටට සාපයක් වෙලා දැන්..!

:       5       10

ravin Friday, 06 May 2022 01:37 PM

කවුරු කොහොම කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුවේ. තවද බුදුරජාණන් වහන්සේ ...,"නඡජ්ජා වසලෝ හෝති, නඡජ්ජා හෝති බ්‍රාහ්මණෝ... කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ"... කියලත් වදාරා තිබෙනවලු...

:       3       10

සකල ගුරු Friday, 06 May 2022 02:07 PM

ඒක කලේ පක්ෂයේම සිටි මිලින්ද කියන පුද්ගලයා කියලයි ජනතාව දන්නේ.. ඒ නිසා තමයි මහින්දලා එයාට තානාපති තනතුරක් දුන්නේ කියලා හිතෙනවා.

:       2       20

රටවැසියා Friday, 06 May 2022 02:21 PM

ප්‍රභාකරන් අද ජීවතුන් අතර හිටියා නම් මේ රට මේ විදියට " චැට් " කරකර " ලැට් " වලකට වැටෙන්නේ නැත. ඔහු පළමුව කරන්නේ " උතුර " එකමුතු දෙමළ ජාතියටත්... " නැගෙනහිර " තෙලෙන් රටට උදව්කරන මුස්ලිම් ජාතියටත්... " දකුණ " කුලල් කාගන්නා අසමගි සිංහලයාටත් බෙදලා දීලා වැඩ කරලා පෙන්නපන් කියනවා..!!

:       4       8

SUNIL MILANO Friday, 06 May 2022 02:22 PM

සකල ගුරු නෙවෙයි... සකල ඥාණ. අනේද කියන්නේ..!

:       4       5

sharm warn Friday, 06 May 2022 02:29 PM

යහපාලන කාලේ හොරුන්ව හුරතල් කරලා දුන්නු සහයෝගය මදැයි. ඒකනේ එදත් නීතිවිරෝධීව පාර්ලිමේන්තුවට ආවම රාජපක්ෂ හොරු සද්ද නැතිව ඉන්නේ. බැසිලුත් ඒ පාරෙන්මනේ ගත්තේ..

:       5       11

Dharma Friday, 06 May 2022 03:07 PM

කැලෑවැදිලා හිටපු කරුණාව, උපක්‍රමශීලිව ප්‍රභාකරන්ගෙන් වෙන්කරපු නිසා BBC එකත් එක්ක තිබ්බ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රභාකරන් රනිල්ව නම් කරේ " කපටි නරියා" කියලයි. යුරෝපයම එල්ටීටීඊ එක තහනම් කරන තැනට තල්ලු කරපු රනිල් කළ හොඳ නරකට වඩා බොහෝ වැඩි නිසා රනිල් ලංකාවට ණය නෑ කියලා අපි දන්නවා...

:       2       8

SUNIL MILANO Friday, 06 May 2022 03:18 PM

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම්. මෙලහකටත් ලංකාවෙන් භාගයක් විතර මරලා. තවත් අය අබ්බගාතයෝ. රාජපක්ෂ පවුල මේ හැම අපහාසයක්ම විඳින්නේ... බලගතු රටවල් යුද්ධය නවත්වන්න කියද්දිත් අවසාන කළ නිසයි. රාජපක්ෂවරු නිහඬව සිටින්නේ සමහරක් සමග වැඩකර පලක් නැතිනිසයි.

:       13       5

රත්නතිලක Saturday, 07 May 2022 07:00 PM

ඔයත් දැන් අවුරුදු 40-60 ක් කළානේ දේශපාලනේ... මම සිංහලයෙක්, ඉතින් කටට එන්නේ සුද්ද සිංහල... ඒ කට වහගෙන ඉන්නම්. මං ගාව තාම ගොඩයන්න විසඳුම් තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1231 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 167 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site