(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව අගමැති ලෙස පත් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව යළි රැස් වන ලබන අඟහරුවාදා (17)පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට පළකරන බවට එසේ ගෙන එන යෝජනාවේ සඳහන් වෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී නව රජයට සහාය පළ කරන මන්ත්‍රී පිරිස සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සහය දැක්වීමට නියමිතය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රනිල්ට සහාය පතා යෝජනාවක් පාර්ලිමේන්තුවට
Deepal Nirosh Friday, 13 May 2022 05:37 AM
අන්තිමේදි මිනිස්සු නිකරුනේ ගාලු මුවදොර නිදි මරාගෙන කෑ මොර ගහලා... ගමේ තොටේ ගෙවල් දොරවල් ගිනි තබාගෙන විනාශ වුණා විතරයි...
Mahee Friday, 13 May 2022 06:25 AM
ලැබෙයි ලැබෙයි. ඡන්දයකින් එන කෙනෙකුට වුණත් ඇමරිකාව විෂ් කරන්න කාලයක් ගන්නවා. මේකට විනාඩි 10න් විෂ් කළා කියන්නේ වැඩේ බාගෙට ගොඩ. අනිවාර්යයෙන්ම මාසේ යද්දී ජනාධිපති. පුළුවන් දේශපාලන වශයෙන් අනාථ වුණා තීන්දු ගන්න. මිලේනියම් කෝපරේෂන් ගේන්න ඔය පාඩු ලබන ඒවා විකුණන්න.., පෙන්ෂන් කපන්න ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් ගේන්න ඔය imf කියන ඔක්කොම කරන්න පුළුවන්. ආයේ පොරට චාන්ස් එකක් ඕනෙත් නෑ. දැන් ඕවාට විරුද්ධ වෙලා වැඩකුත් නැහැනේ... කන්න සල්ලි තියෙන්නෙ සතියකට...
darmaFriday, 13 May 2022 04:48 PM
සිරාම කතාව... පොර ඔය ටික කරාවි...!
මුදියන්සේ...... Friday, 13 May 2022 08:01 AM
පාට, පක්ෂ පසෙකලා රට වෙනුවෙන් සිතිය යුතු කාලයක් එළැඹ ඇති බව සිතට ගත යුතුයි. වැටී සිටින වලෙන් ගොඩඒමට කටයුතු කරමු...
Bandara Friday, 13 May 2022 10:48 AM
සජිත්ට වඩා රනිල් කොහොමත් හොඳයි. සොරුන් රැකීම තමයි තියෙන වරද...!
පද්මසිරි ගුණරත්න Friday, 13 May 2022 11:36 AM
රනිල්ව අගමැති කළ තැන පටන් කරන කියන සියළුම දේවල් කිසිම ඵලක් ප්‍රයෝජනයක් නැති අර්ථ විරහිත දේවල් පමණයි. රටට, දැයට ආදරය ඇති රටේ දියුණුව තම දේවකාර්ය සේ සලකන උතුමන්ගෙන් තොර දුෂ්ඨයින් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටීම රටේත්, ජනතාවගේත් අභාග්‍යයකි...
සාගර හේමන්ත කුමාර Friday, 13 May 2022 02:57 PM
මේ අවස්ථාවේ රට ස්ථාවර කිරීමට ගතහැකි හොඳ අදහසක්...