IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රජයේ නිලධාරීන්ට රට යන්න වරම්

(අංජුල මහික වීරරත්න)

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායී ලෙස විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා  ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර  පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට බදුන් විය.



අදහස් (11)

රජයේ නිලධාරීන්ට රට යන්න වරම්

පිටරැටියා Friday, 19 August 2022 05:45 PM

ඔහොම ආපු කට්ටිය ඉන්නවා..., හැබැයි කී දෙනෙක් ආපහු ගියාද කියලා දන්නෝ දනිති.

:       1       4

Prase Friday, 19 August 2022 05:50 PM

රට පටලවා හරි රාජ්‍ය ආයතන ටික පුද්ගලීකරණය කරන්න ... ආණ්ඩුවට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!

:       2       7

කම්මැලි උන්දැලා,,,Friday, 19 August 2022 08:36 PM

රජයේ නිලධාරින් කියන්නේ හරිම කම්මැලි උන්දැලා ටිකක්... මෑතකදී මගේ යාළුවෙක් ගියා ඒ රටේ කොමසාරිස් කාර්යාලයට පාස්පෝට් එකේ වලංගු කාලය දිගු කරගන්න. කවුන්ටරය ඇරලා පැයක් ගියේ නැතිලු ඒක බාරගත්ත එක්කෙනා ගිහිල්ලා දැන් තේ බොන වෙලාව කියලා කවුන්ටරය වහලා ! හැබැයි එතන 15 වැඩිය අය පෝලිමේ හිටියා කිව්වා .... විනාඩි 30 කට පස්සේ එයා එළියට ඇවිල්ලා කොණ්ඩය පීරලා සාරියේ පොට හරියට ඇදලා කටුව ගහලා පුටුවේ ඉඳගෙන කිව්වාලු ලන්ච් එකට වහන්න ඉස්සරවෙලා බාරදෙන ඒවා ඉක්මණට බාරදෙන්න කියලා..! හවස 4ට පාස්පෝට් එක අරගන්න ගියාම කිව්වලු තාම ඒකෙ වැඩ ඉවර නැහැ කියලා.. මගේ යාලුවා කීවලු ඔයගොල්ලන් ලංකාවේ වගේ මෙහෙ වැඩ කරන්න එපා කියලා.. හේතුව ඕක කරන්න යන කාලය වැඩිම වුණොත් පැයයි කියලා! ඉතින් ඔය වගේ අයව විදේශ රැකියාවලට ගනීද..?

:       0       0

චින්තක Friday, 19 August 2022 06:03 PM

ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට හා උසස් පෙළ අසමත් දරුවන්ට රැකියා නැතුව ත්‍ර්‍රීවීලර් පැදවීම කරන්න යොමුවෙනවා... තවත් පිරිසක් ඉක්මණින් ධනවතුන් වෙන්න කුඩු ජාවාරම කරන්නේ.. තවත් පිරිසක් පාසල් කාලයේම ඒවාට හුරුකරලා. එහෙම පාසල් හැරගිය පිරිස් වෙනුවෙන් (සෑම වසරකම විභාග ප්‍රතිඵලය අනුව දරුවන් පරීක්ෂණයකට යොමුකර) විධිමත් රැකියා පුහුණුවක් දී විදේශ රැකියාවක් සඳහා යොමුකළොත් රටේ ප්‍රශ්න ගොඩක් විසඳේවි කියලා හිතෙනවා..

:       0       27

City Friday, 19 August 2022 07:23 PM

චින්තක මේක දෙමාපියන්ගේ වගකීමක්.

:       0       0

pakeer Friday, 19 August 2022 10:25 PM

මේ නිකමුන්ව රට යැව්වාම ඒ රටවලුත්ඉවර වෙයි. එක්කෝ මොවුන් හැදේවි.

:       0       0

Mo77 Saturday, 20 August 2022 06:35 AM

රට රැකියා වලට ගිය සහ නැවත සේවයට වාර්තා කළ පිරිසට ද, අදාල කාල පරිච්ඡේදය නොසලකා නැවතත් විදේශ රැකියාවකට යාමට අවසර දෙන්න. ඔවුන් ප්‍රේෂණය කලයූතු ඩොලර් ප්‍රමාණය සමාන්‍ය ප්‍රමාණය වගේ 1.5 ක් කරන්න.

:       0       0

de silva Saturday, 20 August 2022 08:02 AM

ප්‍රකෝටි ගනන වියදම් කර රජයෙන් හදපු රැකියා පුහුනු මද්‍යස්ථාන තිබුනට , එවගෙ පිටවන සිසුන්ගෙ ප්‍රමිතිය ඉතා දුර්වලය , උදාහරන වශයෙන් ගත්තොත් නයිට එකෙන් පිටවන කෝකි පටමාලව හදාරපු සිසුන්ගෙන් 50% එලවලු සමග බත් වෙලක් උයගන්න බැහැ , මෙසන් බාස් කෙනෙකුට ගඩොල් පේලි කිහිපයක් නිසි ලෙස බදින්න බැහැ , සහතික ඇත වැඩ නම් නැත.

:       0       0

Lalith M Saturday, 20 August 2022 09:35 AM

මමත් රාජ්‍ය සේවයේ සිට විදේශ රැකියාවලට ගිය අයෙක්. කිසිම ප්‍රශ්නයක් නැතිව කාර්මික, ක්‍රියාකාරී ඉන්ජිනේරු, පරිගණක සේවාවල අයට ඕනෑතරම් රැකියාවලට යන්න පුළුවන්... ඒත් රාජ්‍ය සේවයේ බහුතරය කලා, වාණිජ අධ්‍යාපන පසුබිම් සහිත පුටුවට බරවුණු අයවලුන්... වැඩිපුරම කාන්තාවන්. මේක අනාගතයේ ව්‍යසනයකට හේතුවක් විය හැකියි. තරුණ පිරිමි විදෙස්ගත වී ආපසු එන සහතිකය කුමක්ද..?

:       1       1

Prabha Saturday, 20 August 2022 01:50 PM

අතිකාල කරන්නයි, වැඩ වෙලාවේ නිදියන්නයි බලාගෙන එන්න නම් එපා..

:       0       3

ජේ.එච්.කේ.සී.ආර්.ලංකා Sunday, 21 August 2022 01:21 PM

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන රජයේ සේවකයින් ලබාගත් දේපළ ණය සම්පූර්ණයෙන් ගෙවා විදෙස් ගත වීම, මේ අවස්ථාවේ විදෙස් ගත වීමට සිටින අයට කරන බාධාවකි. ඔවුන් විදෙස් ගතව උපයන මුදලින් එය ගෙවා දැමීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට කරන දිරිමත් කිරීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 6 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත



දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 254 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 469 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 598 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 583 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site