IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රජයේ නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

(සුජිත් හේවාජුලිගේ )

සියලු  ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී   ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතව ඇතැයි  රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම වැඩපිළිවෙළේදී ගෙවතු වගා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

නව වසර ආරම්භයේදී රජය වේගවත් සංවර්ධන ගමනකට අවතීර්ණ වන බවට රජයේ  දේශපාලනඥයෝ රැසකද මෙයට පෙර ප්‍රකාශ කළහ.

 



අදහස් (11)

රජයේ නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

SL Saturday, 15 January 2022 03:34 PM

ඒක හොඳයි...!!! 

:       5       0

සකලසිරි Saturday, 15 January 2022 05:22 PM

මිනිස්සු ඡන්දය දුන්නේ එම අවස්ථාවේ ඉදිරිපත් කළ වැඩ පිළිවෙළට මිස වෙනත් එහෙකට නොවෙයි. ඒ නිසා ඡන්දය අවස්තාවේ ඉදිරිපත් කළ වැඩසටහන පරාජයට පත්වුනාද? ෆේල් කියන්නෙ ඕකට තමා. ගෙවතු වැඩත් ගමේ සංවිධායක හරහා කලොත් හබක් තමයි.

:       0       16

විපරමා Saturday, 15 January 2022 07:31 PM

තව ආර්ථික ප්‍රතිපත්ති අහවල් දේකටයැ. සෞභාග්‍යයේ දැක්ම කියලා තිබුණේ කරන්න යන දේවල් ගැන.. ඒකත් රිවස් වෙලා...

:       0       15

ගමේ එකාලා Saturday, 15 January 2022 08:30 PM

පවුල් පාලන ආණ්ඩුව හරියට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරුවා නම් අද අපේ රටේ මෙතරම් ආර්ථික ව්‍යවසනයක් ඇතිවෙන එකක් නැහැ.

:       3       12

MO77 Saturday, 15 January 2022 09:30 PM

O/L අසමත් මුදල් ඇමති සහ ආර්ථිකය පිළිබඳ දැනුමක් නැති ාමාන්‍ය ගණකාධිකාරී වරයෙක් වන කබ්රාල් උන්නැහැ, මේ ආර්ථිකය ගොඩ ගන්න බැරි තරමට විනාශ කරනවා. ගජ මිතුරන්ට වෙළෙඳපොළ අනුව විනිමය අනුපාතයට වඩා අඩුවෙන් ඩොලර් දීලා වැඩි මිලට භාණ්ඩ විකිණීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේ අතර අමාරුවෙන් ඩොලර් උපයන ිදේශීය ශ්‍රමිකයන්ගේ ඩොලර් ගසාකෑමට සලස්වනවා. මේක නිසයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ.

:       0       0

Sobhitha Saturday, 15 January 2022 10:41 PM

මේ අය සංවර්ධනේ කරන්නේ කොළ කෑලි වලින්. ඒකයි මෙච්චර දැක්මවල්. ඇත්තටම වැඩක් කරනවනන් දක්මවල් ගැන පම්පෝරි ගගහ ඉන්ඩ දෙයක් නෑනේ

:       0       0

බද්රානි Sunday, 16 January 2022 05:55 AM

නටන්න බැරි එවුන් පොළොවේ ඇද අරින්න තව ගානක් පිටරටින් ණය ගන්න වගෙයි මේ දඟලන්නේ?

:       0       0

amarasinghe Sunday, 16 January 2022 06:27 AM

විශ්මිත ගෑස් බෝම්බ, පොහොර නැව් කතාව, තෙල්නැව බලාසිටියිදි ගිනිබත්විම, මහරැ එල්ලුම් ගහේ නැගුනු කතාව, නිල් ජෙට් කුරුල්ලා .....කතන්දර පොත් පිංචකට මුලාශ්‍රඇත.

:       0       0

Hafeel Sunday, 16 January 2022 12:12 PM

එහමනම් ගෙවී ගිය අවුරුදු දෙකෙන්ම කලේ පරණ ආර්ථික වැඩපිළිවෙළක්ද?

:       0       1

fairoos Sunday, 16 January 2022 12:28 PM

"ගෙවතු වගා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත"රටේ ආර්ථිකය ගොඩ දාන්න යන්නේ මෙහෙම ද?රටට අබ සරණයි

:       0       0

Sambo Monday, 17 January 2022 07:49 AM

හැමදාම අලුත් ප්‍රතිපත්ති ,ගැසට් වගේ තමයි.කිසිම සැලසුමක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 7 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 21 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 69 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 393 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 165 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 107 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site