(ගයාන් සූරිය ආරච්චි)
යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සඳහා වඩුක්කෝට්ටේ පොලිසිය අද අහසට වෙඩි තබා ඇත.
ගැටුමට මැදි වු බව කියන තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉඩමක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇති වී තිබූබව පොලිසිය පවසයි.
කුල භේදය හේතු කරගෙන කාලයක් තිස්සේ මෙම ගම් දෙක අතර ගැටුම් පවතින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම දෙපිරිස අතර ගැටුම පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් එම ස්ථානයට ගොස් තිබූ අතර එම පිරිසේ කණ්ඩායම් පොලිසියටද ගල්මුල් වලින් පහර දී ඇති බවත් අනතුරුව එම පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය කටයුතු කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් කිසිවකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර එම ගැටුම සම්බන්ධයෙන් තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක්