(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති සියලු පෙත්සම් හෙට (28) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කලේය.
ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති , සමගි ජනබලවේගය මහලේකම් සහ පාර්ලිමේන්ත්ු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික වෘත්තීය සංගමයේ සභාපති හා සමන් රත්නප්‍රිය , ලංකා බැංකු සේවක සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු වන කෝට්ටේගොඩ විතාන , ඇතුළු හයදෙනෙක් ගොනු කළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ දර්ශන වේරදූවගේ, නීතීඥ සුනිල් වටගල, නීතීඥ ශාන්ත ජයවර්ධන, නීතීඥ විරාන් කොරයා , නීතීඥ සුරේන් ප්‍රනාන්දු සහ ජනාධිපති එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී අධිකරණයේ ස්වාධීනව පෙනී සිටි විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටියේය මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතළත් කර දින 7 ක කාලයක් තවමත් ඉකුත් වී නොමැති බැවින් අද (27) දින පෙත්සම් සලකා බැලීමට නොහැකි බවත්, අද දිනත් පෙත්සම් ගොනු කිරීමේ අවසන් දිනය බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව තමන් ද පෙත්සමක් ඉදිරිපත් කර න බවද ඒ මහතා අධිකරණය හමුවේ කීවේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (27) දිනයෙන් අවසන් වන බැවින් සියලු පෙත්සම් හෙට (28) කැදවීමට නියෝග කළේය.
මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති "මුදල් සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් , එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුදල් සංශෝධන පනතට එරෙහි සියළු පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට