(මහින්ද නිශ්ශංක සහ දෙවලපොල කීර්ති ප්‍රනාන්දු)
පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති .
සාමාන්‍යයෙන් පාන් ගෙඩියක් ග්‍රෑම් 450 ක බරකින් සමන්විත වුවත් බොහෝ පාන් ගෙඩිවල බර ග්‍රෑම් 300, 333, 350, 400, අතර මට්ටමක පවතින බවද වාර්තා වේ.
ප්‍රධාන බේකරි වල නිෂ්පාදනය කරන පාන් ගෙඩියේ බර ග්‍රෑම් 450ක් වුවද කුඩා බේකරි වල නිෂ්පාදනය කරන පාන් වල බර අඩු මට්ටමක පවතින බව ද දැනගන්නට ඇත
මේ සම්බන්ධව කළ විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන කියා සිටියේ පාන් වල බර අඩු මට්ටමක තිබේ නම් එය ඉතා අසාධාරණ බවත් රුපියල් 190ක්, 200 ක්, වැනි මිලකට ග්‍රෑම් 450 කට වඩා අඩු බර පාන් අලෙවි කිරීම මහජනයා සූරා කෑමක් බවත් මේ නිසා රජය මැදිහත්වී අඩු බර පාන් වැටලීමට වහා පියවර ගන්නා ලෙසද සංගමය වගකිවයුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසයි .
මේ වන විට මිළ වැඩි කිරීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අලෙවිය ද 50% කින් පමණ පහළ බැස ඇතැයි ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා
ravin Wednesday, 10 August 2022 04:35 PM
හොද අදහසක්. පලමුව මේ සභාපති කියන කෙනාගේ බේකරිය පරික්ෂා කරන්නකෝ. ප්‍රමිතිය, නිෂ්පාදන සෞඛ්‍ය කොටින්ම කිව්වොත් පිටි ටික ලබා ගත්ත තැන සිට පාන් ගෙඩිය පාරිභෝගිකයා මිලදී ගන්න අවස්ථාව දක්වාම දැඩි පරික්ෂණයට ලක් කොට ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් පලකරන්න.
Bamunuarachchi Wednesday, 10 August 2022 07:06 PM
පාන් බනිස් කනවා වෙනුවට බත් ටිකක් හදාගෙන කන්න පුරුදුවෙන්න. වත්තේ ගස්වල පොල් තිබෙනවානම් කඩේ හාල් තිබෙනවානම්. බේකරි උඩුකුරුඥන් උනත් අපිට කමක් නැහැ.