(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය කියයි.
මෙම තරුණිය සංචාරක හෝටලය ආසන්න අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමඟ ගොස් සිටියදී එහිදී ඇණවුම් කර තිබෙන මිශ්‍ර පානයකට කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර අනතුරුව ඇයව අතවරයට පත් කර ඇතැයි කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.
අතවරයට පත්විදෙස් තරුණිය ඇගේ මිතුරිය සමග අප්‍රේල් 30 වන දින මෙරටට පැමිණ එදිනම කටුනායක ගුවන් තොටුපොළේ සිට සංචාරක සමාගමක් සමඟ ඇල්ල වැල්ලවාය බදුල්ල, නුවර , නුවරඑළිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කර නැරඹීමෙන් අනතුරුව මැයි10 වන දින බෙන්තොට තරු පන්තියේ සංචාරක හෝටලයක ඉතිරි දින ගනන ගතකිරීමට
නැවතීමට පැමිණ සිටියදී වෙසක් පෝයට පෙර දින අසල අවන්හලකට ගොස් සිටියදී මෙම අතවරයට මුහුණ පා ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය සදහන් කළේය.
සිද්ධිය වූ දින එම තරුණිය ඇගේ මිතුරිය සමග මෙකී අවන්හලට ආහාර ගැනීමට ගොස් සිටියදී දෙදෙනා ඇනවුම්කර තිබෙන මිශ්‍ර පානයක් බීමෙන් පසු අසාමාන්යමත්ගති තත්ත්වයකට පත්ව තිබෙන බවත් පසුව එක් තරුණියක් තමන් නැවතී සිටි හෝටලයට පැමිණ පියවි තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තම මිතුරිය නොමැති බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දී පසුව හෝටල් කළමනාකාරිත්වය බෙන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසිය මැදිහත්වීමෙන් අතවරයට ලක්වූ තරුණිය බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර අවන්හල් හිමිකරු සහ සේවකයන් දෙදෙනා වන වයස අවුරුදු 40, 28, සහ 23 හැවිරිදි තිදෙනා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මියන්මාර් තරුණියකට අතවර කළැයි බෙන්තොට හෝටලයක තුනක් අත්අඩංගුවට