IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හිංසන සිද්ධිය: කමිටුව මැතිසබේ ලියකියවිලි අවුස්සයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම විමර්ශනයට  අවශ්‍ය කෙරෙන ලිපි ලේඛන රැසක්   පාර්ලිමේන්තුවෙන් පසුගිය සතියේදී  ලබාගෙන ඇත.

කමිටුව පුරා මාස දෙකකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේදී  රැස්වී  සිද්ධිය පිළිබඳව දීර්ඝව  විමර්ශන පැවැත්විය.

මෙම විමර්ශනයේදී තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බුද්ධික නවගමුව මහතා සහ  එහි අනෙකුත් ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තුවේ විවිධ අංශවල දහයකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිණ.

මේ අතර  හිරිහැරයට ලක්වූ බව පැවසෙන පැමිණිලිකාර  නිලධාරිනියගේ වාර්ෂික දිරි දීමනා පමණක් අඛණ්ඩවම වර්ෂ දෙකක්  පරීක්ෂණ අවසන් වනතුරු  තාවකාලිකව අත්හිටුවා  ඇති අවස්ථාවක සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට දිරි දීමනා අඛණ්ඩව ගෙවීමේ පරිපාලනයේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සේවකයෝ මවිතය පළ කරති.

එසේම චෝදනාවට ලක් වූ ඇතැම් නිලධාරීන් විමර්ශනය පැවැත්වෙන අතරතුර විදේශ සංචාරවලද නිරතවී ඇතැයි  චෝදනා කරන සේවකයෝ සාමාන්‍යයන් විමර්ශනයක් පැවැත්වෙන අතරතුර එසේ විදේශ ගමන් සඳහා අවසර දීමට නීතියේ ඉඩ කඩක්  නොමැති බවද  පෙන්වාදෙති.

තවද ඕනෑම නිලධාරියකුට හෝ පිරිසකට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ලවන  අවස්ථාවක එම නිලධාරීන් වැඩ තහනමට ලක්කර පරීක්ෂණ පැවැත්වීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද  එවැන්නක්  මෙහිදී අනුගමනය කර නැතැයි ආරංචි  මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ පිළිබඳව කරුණු සොයා බලන බවයි.



අදහස් (0)

හිංසන සිද්ධිය: කමිටුව මැතිසබේ ලියකියවිලි අවුස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 617 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2306 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1716 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site