(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට සහාය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
කොමිසමේ සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කොමිසම සෑහීමට පත් නොවීම පිළිබඳවත් මැතිවරණ පැවැත්වීම සඳහා රාජ්‍ය සංවිධානවලින් ලැබෙන සහයෝගය මදකම පිළිබඳවත් මෙම ලිපියෙන් විශේෂයෙන් දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.
සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳ විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම විය යුතු බව පැවසූ පුංචිහේවා මහතා තර්ජනයට ලක්වූ සාමාජිකයන්ට ලැබෙන පොලිස් ආරක්ෂාව ගැන සෑහීමට පත්විය හැකි බවද සඳහන් කළේය.
කවුරු කුමක් පැවසුවත් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව කටයුතු කරන බවද ඔහු කීවේය.
මුදල් ලේකම්වරයා පාර්ලිමේන්තු මුදල් කමිටුවට පැමිණි අවස්ථාවේදී මුදල් දුෂ්කරතාවය පැවසුවත් මැතිවරණයට මුදල් දිය නොහැකි යැයි නොපැවසූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට නොව පළාත් පාලන අමාත්‍යවරයාට බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මැතිවරණයට සහාය ඉල්ලා මැකෝ ජනපතිට ලියයි
LGPJ Wednesday, 01 February 2023 05:31 AM
නිශ්චිත ආදර ලිපියක් !!!