(නිමල කොඩිතුවක්කු)
රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමටත්, අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තුලින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමටත්, කඩා වැටුණු ජන ජීවිත නැවත පිළිසකර කිරීමටත් ඇතුළු බොහෝ ජනතාවාදී කටයුතු තිබියදී, කඩිමුඩියේ වාහන ගෙන්වීම පිළිබඳව සමඟි ජනබලවේගයේ දැඩි විරෝධය පලකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
එම තීන්දුව වහාම අත්හිටුවා, එම මුදල් කොරෝනා මර්ධනය ඇතුලු ජනතා සුබවාදී කටයුතු වෙනුවෙන් යොදවන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"තම ජනතා විරෝධී පිළිවෙත ආණ්ඩුව දිනෙන් දිනම ඔප්පු කරමින් සිටින අතර වගකිවයුතු විපක්ෂයක් ලෙස ආණ්ඩුවේ එවැනි කටයුතු ඉදිරියේ මුණිවත නොරකින බවට සහතික වෙමු.
වසර දෙකක් තිස්සේ රටේ සමස්ත ජනතාව පීඩාවෙන් පීඩාවට පත්ව ඇති අතර උදා වී ඇත්තේ ජනතාව පටි තද කරගන්නා මොහොත නොව,පාලකයින් පටි තදකරගතයුතු කාලය බව ආණ්ඩුවට නැවත සිහිපත් කරමු.
ආණ්ඩුව වහාම කළ යුත්තේ මනා කළමාණාකාරීත්වයකින් යුතුව ජනතාවාදී තීන්දු ගැනීම බවත්,ජනතාව උදෙසා ගනු ලබන තීන්දු වලට නූතනවාදී විපක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව සහය දෙන නමුත් ජනතා ද්‍රොහී කටයුතු වෙනුවෙන් අංශුමාත්‍රයක සහයක් අප ලබා නොදෙන බවත් ආණ්ඩුවට අවධාරණය කරමු" යැයිද එහි සදහන් වේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නවතා එම මුදල් කොරෝනා මර්දනයට යොදවන්න
Dhammika Monday, 14 June 2021 11:56 AM
ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියලා තිබ්බා ඇරපු LC කැන්සල් කරන්න බෑ එහෙම උනොත් BOC එක BLACK LIST වෙනවා කියලා. පුළුවන් නන් අන්න ඒක නවත්තන්න අශ්වයා ගියාම ඉස්තාලේ වහන්නේ නැතුව. නැත්තන් අපි දැන් දන්නවා කාගේ කාගෙත් හැටි. කලින් අවුරුදු 5 අපි දැක්කානේ ඔයාලා කරපු විදිහ.
fairoos Monday, 14 June 2021 12:30 PM
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
Rata Perata Monday, 14 June 2021 12:33 PM
සජිත් ප්‍රේමදාස වාහන ගෙන්වන එකට එකඟ වෙලා දැන් මොනවද මේ කියවන්නේ? ආණ්ඩුව වගේම විපක්ෂයත් ජනතාව ගොනාට අන්දන්න හදන්නේ...
SUNIL MILANO Monday, 14 June 2021 01:22 PM
කෝටි 32 වෙඩි නොවදින කාර් ගෙන්වන්න අත උස්සපු අය අද... බබාලා වෙන්න හදනවා..!!!
wimal Monday, 14 June 2021 02:10 PM
මේ කවුද? අඟහරු ලෝකයෙන් පාත්වෙච්ච කෙනෙක්ද කොහේද? බුදු අම්මෝ මිනිස්සුන්ට තියෙන ආදරේ... මේ අය සේරම මකබෑවිලා ගියදාට තමයි මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් සිදුවෙන්නේ...
මුණසිංහ Monday, 14 June 2021 03:31 PM
ඔයාල ආණ්ඩුව කරපු හැටි අපිට හොඳින් මතක තිබෙනවා. ඔය කයිවාරු ආණ්ඩුව ක් ගන්න කම් විතරයි
දිසා......ගම්පහ Monday, 14 June 2021 03:56 PM
විපක්ෂයේ ඉන්න විට එන්නේ මාර අදහස් තමයි.
Sri Lanka Monday, 14 June 2021 05:34 PM
කොරෝනාවලට වියදම් කළොත් ඔක්කොම සල්ලි යන්නේ කොරෝනා සමාගමට... වාහන ගෙනාවොත් අපේ මිනිස්සුන්ට ජොබ් ටිකක් වැඩිවෙනවා. ඒ ගැන හිතන්න.