IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මැති ඇමැති පවුල්වල පාර්ලිමේන්තු සවාරි නවත්වයි

(සුජිත් හේවාජුලිගේ )

මැති ඇමැතිවරුන්ගේ පවුල්වල සමීපතම ඥාතීන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවා ඇත.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

පසුගිය මාර්තු මස 24 වැනිදා පැවති  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයක් අනුව දෙනු ලැබූ  එම අවසරය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් මස පළමු වැනිදා සිටය.

මැති ඇමැතිවරුන්ගේ  ළඟම ඥාතින් පාර්ලිමේන්තුව දැකබලාගැනීමට එසේ පැමිණ සිටින අවස්ථාවේදී  එහි අමුත්තන්ගේ  භෝජනාගාරයෙන් ආහාරපාන සපයා දෙන ලෙසටද වේත්‍රධාරිවරයා චක්‍රලේඛයකින් මෙයට පෙර දැනුම්දී තිබිණ.

මැති ඇමැතිවරුන්ගේ ඥාතීන්ට  පාර්ලිමේන්තුව දැකබලාගැනීමට ඉදිරියේදී අවසර ලබාදුන්නත්  පවතින තත්වය අනුව ආහාරපාන සපයාදීමට නොහැකි තත්වයක් පවතින බව  පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.මේ අතර පාර්ලිමේන්තුවේ මහජන ගැලරි විවෘත කිරීමද රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන කල් දමා ඇතැයි  වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරි  මෙයට පෙර විවෘත කිරීමට  සියලු  කටයුතු  සූදානම් කර තිබිණ.පාර්ලිමේන්තුවේ මහජන ගැලරි  වසා දැමුණේ  කොවිඩ්  රැල්ල වේගවත් වීමත් සමගය.



අදහස් (2)

මැති ඇමැති පවුල්වල පාර්ලිමේන්තු සවාරි නවත්වයි

ජයරත්න Saturday, 07 May 2022 02:32 PM

මැති ඇමැති වරප්‍රසාද.. ඉතිං මේවා දාල යන්නේ නෑ.. මේ නඩේ වක ගැහිගැහී ඉන්න බලනවා මිසක්...

:       0       7

U.d.a.perera Saturday, 07 May 2022 05:46 PM

පාර්ලිමේන්තුවට තේරී පත්වූ අය ජනතා නියොජිතයින් බව ඛේදවාචකයකි. ගරු සේවයක් ලෙස සලකනු ලබන මේ අය ජනතාව මුලාකරමින් අසීමිත වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතාවගේ උරමතින් පාර්ලිමේන්තුවට. පැමිණ අද අසරණ ජනතාවට පන්න පන්නා පහර දීම ආරම්භ කර ඇත. රජයේ මුදල් අවභාවිතා කරමින් අසීමිත බලය පාවිච්චි කර ජනතාව තවදුරටත් විපතට පත්කිරීම වහාම නැවැත්විය යුතුයි. පෙන්ෂන් අවලංගු කළ යුතුයි. වැඩ කරන ජනතාව නිවසින් කෑමවේල රැගෙන එන ආකාරයටම මොවුන්ටද තම නිවස තුළින් කෑම සපයා ගැනීමට නව නීති සම්පාදනය විය යුතුයි. විදෙස් ගමන් සීමා පැනවිය යුතුයි. හරවත් ජනතාවට ඵලදායි අදහස් පමණක් සාකච්ජා කිරීමට කථානායක වගබලා ගත යුතුයි. එක් වාහනයකට පමණක් අවසර ලබාදී ජනතාවට සවන්දීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. වරදට දඬුවම් ලබාදිය යුතුය. අවම පහසුකම් ලබාදී ආදර්ශමත් විය යුතුයි. මතු සම්බන්ධයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 319 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 912 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2366 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2628 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 771 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site