IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි

 

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබි්‍ර, වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබි්‍ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබිණි.

ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කළහ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බව වාර්තා විය.

එම නිවෙස්වල තිබූ රථ වාහන පවා පහරදීම් සහ ගිනි ඇවිලීම් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබිණි.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබිණි.

බස්නාහිර පළාත තුළ පමණක් බස් රථ ඇතුළු වාහන 97කට පහර දී ගිනි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් වාහන ගනණාවක් අරලියගහ මන්දිරය අසල බේරේ වැවට ද තල්ලු කර තිබෙනු දක්නට ලැබිණි.

ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ අතර, වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුව තිබිණි.

ඉමදූව ප්‍රාදේශීව සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා ද තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇත.

ඔහුගේ නිවසට පෙරේදා (9) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලබා ඇති සභාපතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මීට අමතරව අරලියගහ මන්දිරය අසල ඊයේ (9) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්වය අතරතුර කඳුළුගෑස් ප්‍රහාරක අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරයකු මිය ගිය අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු ද වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි.

මීට අමතරව සිවිල් වැසියන් සිවු දෙනකු ද විවිධ ස්ථානවලදී ඇතිවූ ගැටුම්වලින් මියගොස් ඇත.

කොළඹ ජාතික රෝහලට පමණක් තුවාල ලැබූ 219 දෙනකු ඇතුළත් කර ඇති අතර, ඉන් පස් දෙකනු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

විරෝධතාකරුවන් පිරිසකගේ පහරකෑමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඇතිවූ තත්වය පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඊයේ (9) රාත්‍රී 7.00 සිට අද‍ හෙට උදෑසන 7.00 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබිණි.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ හා රජයට සහය දක්වන විවිධ පාර්ශවකරුවන්ගේ නිවෙස් ද විරෝධතාකරුවෝ පහරදී ගිනිබත් කළහ.

හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුලම කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හෝටලයට, හිටපු අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හිටපු අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි නිවසට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබිණි.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අයත්, මහනුවර, ප්‍රිම්රෝස් උද්‍යානයේ පිහිටි සුවිසල් නිවස ද අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ අතර, හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට අයත් ගාල්ල කිතුලම්පිටිය නිවසද ගිනි තබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ දඹුල්ල, යාපාගම පිහිටි නිවසට ගිනිතැබීම හේතුවෙන් එම නිවස හා එහි පිහිටි කාර්යාලයට දැඩි හානි සිදුව ඇත.

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අයත් පැල්මඩුල්ල, රිල්හේනේ පිහිටි නිවසේ ගේට්ටුව කඩාගෙන ඇතුළු වූ පිරිසක් එහි ජනෙල්වල වීදුරුවලට හානි කර තිබිණි.
මල්වානේ පිහිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අයත් බව කියන නිවසට ද විරෝධතාකරුවෝ ගිනි තැබූහ.

හිටපු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ තිස්සමහාරාම, මාගම ප්‍රදේශයේ පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් නිවසට දැඩි හානි සිදුව තිබිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් නිවසට මෙන්ම කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන, බෝතල් ගබඩාවක්, මත්පැන් නිෂ්පාදනාගාරයක් ආදියට ද කුපිත වූ පිරිස් ගිනි තැබූහ.

ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල හොන්නන්තර නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, එහි තිබූ කැබ් රථ දෙකක් ඇතුළු දේපල රැසක් විනාශ වී තිබිණි.

මීට අමතරව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයට ද කිසියම් පිරිසක් පහර දී තිබූ අතර, ඒ අසල ටයර් පුළුස්සා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.

බේරුවල, පයාගල පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට අයත් නිවසට ද ජනතාව එල්ල කළ ප්‍රහාරවලින් හානි සිදුවිය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි  නිවසට ද ප්‍රකෝපකාරී පිරිස් ගිනි තැබූ අතර එයින් එම නිවසට හා එහි නවතා තිබූ රථවාහන රැසකට හානි සිදුවිය.

අරලියගහ මන්දිරයටයාමට පැමිණි පිරිස් පැමිණි යතුරු පැදි 25ක් පමණ ද එම නිවස පිහිටි ඉඩමේ ගාල් කර තිබියදී විරෝධතාකරුවෝ ගිනිතබා විනාශ කළහ.

හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයත් එල්ල වූ අතර, රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ බෙන්තොට, හඹුරුගල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් එහි තිබූ වානනයකට ද ගිනි තබා විනාශ කර තිබිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ සෙවණගල, කිරිඉබ්බන්ආර, සමඟිපුර පිහිටි නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, ඉන් නිවසට දැඩි හානි සිදුවිය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ කාර්යාලය පවත්වාගෙන යන අනුරාධපුර මහනගර සභා නිල නිවාසවල පිහිටි නිවසටද කුපිත වූ පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබිණි

මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතාට මෙන්ම ඔහුගේ පපුතුට හා දියණියට අයත් පුත්තලම, වාන මාර්ගයේ පිහිටි නිවාස තුනකට ද ගිනි තබා ඇති අතර, එයින් රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවූ බව පොලීසිය කියයි.

සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ මොරටුවේ පිහිටි නිවසට ද ගිනි තබා තිබූ අතර, දඹුල්ල නගරාධිපති, ජාලිය ඕපාත මහතාගේ නිවසට මෙන්ම ඔහුගේ මවගේ සහ සොහොයුරාගේ නිවෙස්වලට ද කුපිත වූ ජනතාව ගිනි තබා තිබිණි.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාපති දිල්රුක් අබේකෝන්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ යන මහත්වරුන්ගේ නිවාසවලට ද කුපිත වූ ජනතාව විසින් පහර දී තිබූ අතර, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතාට අයත් හෝටලයකට සහ හබරාදූව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ සංචාරක නිවස්නයකට ද පහර දී හානි කර ඇතැයි වාර්තා විය.

මහනුවර නගර මධ්‍යයේ ස්ථාපිත කර තිබූ ‘ගෝඨා ගෝ ගම’ ශාඛාවට ප්‍රහාරයක් එල්ල කළ මහනුවර නාගරික මන්ත්‍රී සංගීත් ද සිල්වා මහතාගේ බෝගම්බර පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස මහතාගේ නිවසටද ගිණි තබා විනාශ කර ඇත.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් මහතාගේ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර නිවසට අලාභ හානී කර තිබිණි.

අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන කුමුදුණී ගුණසේන මහත්මියගේ අනුරාධපුර පරණ බස්නැවතුම අසල පිහිටි නිවසටද පහරදී ගිණි තබා තිබිණි.

අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේ නිවෙස්වලට ද විරෝධතාකරුවෝ පහර දුන්හ.

අනුරාධපුර දේවාලයක් පවත්වාගෙන යන ඥාණා මෑණියන් (ඥාණා අක්කා) නම් කාන්තාවගේ අනුරාධපුර අළුත් නුවර පාර පිහිටි නිවසට හා හෝටලයටද ගල් මුල් වලින් පහරදී ගිණි තබා විනාශ කර තිබෙන අයුරු දැක ගත හැකි විය.

ජනාධිපති ගෝඨාශය රාජපක්‍ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ දෙමාපියන් වන ඩී.ඒ රාජපක්‍ෂ මහතාගේ සහ දන්දිනා රාජපක්‍ෂ මහත්මියගේ මැදමූලන පිහිටි ස්මාරකයන් ද කඩා බිඳ දමා තිබෙනු දක්නට ලැබිණි.

ඇතැම් ස්ථානවල ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ජනතාව පාලනය කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළහ.

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්නොවිය යුතු බව පවසමින් ඔහුට සහය පළ කිරීම සඳහා ඊයේ (9) අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් සොයා ජනතාව ඇඳිරි නීතිය ද නොතකා රාත්‍රිය පුරා රටපුරා මාර්ගවල ගමන්ගත් වාහන පවා පරීක්‍ෂා කළහ.

ඔවුන් වාහන එකිනෙක නවතා පරීක්‍ෂා කරමින් අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් හමුවූ විට පහරදීම මෙන්ම එයට ජනතාව රැගෙන ගිය රථ සොයා පහර දී ගිනිතැබීම ද සිදුවිය.

පොලු, යකඩ බට ආදිය රැගෙන මාර්ගවලට පැමිණි විරෝධතාකරුවන් විවිධ ස්ථානවල දී මාර්ග අවහිර කිරීම හේතුවෙන් රැකියා හා දෛනික කටයුතුවලට ගොස් ආපසු නිවෙස් කරා පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්විය.

ගෝඨා ගෝ ගම සහ මටිනා ගෝ ගම බන්ධනාගාරවලින් රැඳවියන් ගෙන්වා තිබූ බව ද වාර්තා වූ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ රැඳවියන් රැගෙන ගොස් තිබුණේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා බවයි.

මෙම සිද්ධීන් අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවට තොරතුරු ලැබීමත් සමඟ ජනතාව රට පුරා රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරනු ද දක්නට ලැබිණි.

මහින්ද රාජපක්‍ෂ මහතා අද (10) අළුයම වන තුරුත් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයේ රැඳී සිටි අතර, ජනතාව එය වටලා විරෝධය දක්වමින් ඒ තුළට පිවිසීමට උත්සාහ කිරීමේදී තත්වය සමනය කිරීමට ආරක්‍ෂක අංශ කිහිපවරක්ම කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේය.

අරලියගහ මන්දිරයේ රැය පහන් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් අද (10) අළුයම හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට කැඳවාගෙන ගොස් ඇතැයි ද වාර්තා විය.
එම පුවත පළවීමත් සමඟ ජනතාව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.

එමෙන්ම දේශපාලනඥයින් හා ඇතැම් දූෂිත නිලධාරීන් විදේශගත වනු ඇතැයි පැතිර යන ආරංචි හේතුවෙන් ජනතාව කටුනායක ගුවන් තොටුපලට පිවිසෙන මාර්ග අවහිර කරමින් එදෙසට ගමන් ගන්නා වාහනවල සිටින පිරිස් පරීක්‍ෂා කළහ.

(ඩයනා උදයංගනී, ඉන්දිකා රාමනායක, දඹුල්ල කාංචන කුමාර ආරියදාස, ජේ.ඒ.එල් ජයසිංහ, ක්‍රිෂාන් ජීවක ජයරුක්, තලාව උපුල් හේරත්, නෝර්වුඩ් රංජිත් රාජපක්‍ෂ, රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා, වලව කේ.පී සුමනදාස, තෙල්දෙණිය චන්දන උඩුවාවල, සූරියවැව දිලීප් ජයසේකර, අලුත්ගම තුසිත කුමාර ද සිල්වා, දෙවලපොල කීර්ති ප්‍රනාන්දු, ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ, අනුරාධපුර විශේෂ බී.ජී චතුරංග, මල්වාන ඩබ්ලිව්.ඩී.එම් විතානගේ, දෙල්ගොඩ සුදත් පුබුදුකීර්ති, උණවටුන ඩී.ජී සුගතපාල, අහංගම සුමතිපාල දීයගහගේ, පිටිගල ඩී.ජේ විජේසිංහ, වාරණ ආනන්ද ඉ. ජයකොඩි, වාරියපොළ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද, කුරුණෑගල අජන්ත රත්නායක සහ හිඟුරානේ නවරත්න සමරතුංග)

 

 



අදහස් (17)

මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි

Rohana Wednesday, 11 May 2022 07:13 AM

සියළු ප්‍රචන්ඩකාරී ක්‍රියා අතහරිමු. ඒවායින් සිදුවන්නේ රට අරාජිකවීමයි. හමුදාවට සහ පොලිසියට ප්‍රචන්ඩකාරීක්‍රියා අවිබලයෙන් යටපත්කිරීමට සිදුවන අතර ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇත. එමගින් ජීවිත හා දේපල හානි තවදුරටත් ඉහලයනු ඇත . එබැවින් අවිහිංසාවාදීව අරගලය උද්ඝෝෂන වලට පමණක් සීමාකරමු. අරමුන ජයගැනීමට හොදම ක්‍රමය එයයි.

:       0       0

anura Wednesday, 11 May 2022 08:06 AM

ඇස් අන්ද වෙලාද? මේක සාමකාමී උද්ඝෝෂණයක් වෙන්නේ කොහොමද? සාමකාමී නම් අතීතයේ ,වර්තමානයේ හා අනාගතයේදී සාමකාමී විය යුතුය,

:       0       0

siriwardena Wednesday, 11 May 2022 08:17 AM

පසුගිය මාසෙ ම තිබුන විරෝධතාවල ඔය කියන නීතියට අවනත වීම් තිබුනේ නැහැ. පොලීසිය කෙතරම් උත්සාහකලත් ඒ වෙලාවෙ පුහු වීරොයො (අරගල කරුවන් යැයි කියාගත්ත අය​) නීතිය සමච්චලයට ලක් කලා. අන්තිමට පොලිසියෙන් අධිකරන නියෝග ගන්න බැලුවා. ඒත් ඒවා ගැන අධිකරනත් එතරම් උනන් දු උන බවක් පෙනුනේ නැහැ. මේකෙ උච්චතම අවස්ථාව උදා උනේ රඹුක්කනදී. තත්වය පාලනය කරන්න බැරිම තැන පැය 15 ට පසුව උපරිම වැර දරා අන්තිමට වෙඩි තිබ්බා. අන්තිමට ඒ නිලධාරීන් රිමාන්ඩ්. මේකෙන් ඊට පසු තිබුන බොහෝ උද්ඝෝශන දෙස බලන්න​. පොලීසිය මෙන්ම බොහෝ ආරක්ශක අංශ ඇල්මැරුනු ආකාරයෙන් තමයි කටයුතු කලේ. රඹුක්කන සිද්ධියේදී වාසි ගත්ත අරගලකරුවන්, පුහුදේශපලුවන්, ජනමාධ්‍ය සහ විශේශයෙන්ම නීති අංශ මේවාටත් යම් ප්‍රමනයක් වග කියන්න ඕනෙ. කොච්චර වෙඩි තියන්න කීවත් ඔය කිසිම නිලධාරියෙක් මින් පසුව වෙඩි තියන්නේ නැහැ. වෙන දෙයක් බලා ඉන්නවා හැරෙන්නෙ. ඔන්න ඕකයි තත්වෙ.

:       0       0

GAMUNU Wednesday, 11 May 2022 08:32 AM

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් ගේ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා ඔවුන්ගේ පාලන රජයක් යටතේම විනාශ කර ඇත. දේපලවලට පහර දී ගිනිතබා විනාශ කිරීම් කිසි සේත්ම අනුමත නොකරන නමුත් විනිවිද බාවයකින් තොරව අයාතා ලෙස උපයන ලද මුදල් නිවාස සියල්ල සහ කරන ලද සියල්ල විනාශ වේ.

:       0       0

Pradeep Kumara Wednesday, 11 May 2022 08:55 AM

කුමන තත්වයක් මත හෝ දේපල විනාශ කිරීම අනුමත නොකරමි. මේ අයුරින් විනාශ වී යන්නේ අප රටේම සම්පත් මිස අනෙකක් නොවේ. නමුත් මෙයට මූලිකම හේතුව වූ සාමකාමී අරගලයට පහර දුන් සහ එය සැලසුම් කල හිටපු අගමැති, ජොන්ස්ටන්, සහ සනත් නිශාන්ත ඇතුළු අනෙකුත් අය මෙහි සම්පූර්ණම වගකීම භාරගත යුතු අතර වහාම ඔවුන්ව අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න.

:       0       0

කිරි පුතා Wednesday, 11 May 2022 09:49 AM

මෙ⁣ම ලිපිය පටන් අරන් ඇත්තේම අනෙක් සියලු වැරදි සාධාරණ කිරීමේ අරමුණ ඇතිවග පෙනේ... එක වරදක් නොව සියලු වැරැදි වැරැදි ලෙස දකිනතුරු සමාජය යහමගට ගත නොහැක.

:       31       63

රසික Wednesday, 11 May 2022 11:19 AM

ඇත්ත දකින්න. ප්‍රචණ්ඩත්වයේ ඇරඹුම එතන නොවේ නම් කොතැනද?

:       38       23

AnuraWednesday, 11 May 2022 11:21 AM

ඒකත් හරියට කිරි පුතා රාජපක්ෂලාගේ හැමවැඩක්ම සාධාරනීකරණය කරන්න මෙතැනට එනවා වගේ..

:       27       25

ගමේ එකාලාWednesday, 11 May 2022 05:35 PM

බොරු බේගල් ගහලා,සවුබාග්‍ය දැක්ම පෙන්නලා ජනතාවගේ චන්දෙන් බලයට ආපු දුශිත දේසපාලුවෝ අන්තිමට මහජනතාව මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා. ජනතාව කුපිත නොවී ඉන්දිවිද. අනුරාධපුරයේ වැදපුදාගෙන ඇවිත් පහුවදා රට ගිනි අවුලුවන තැනට වැඩ සිද්ද කෙරුවා. තමුන් මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ.?

:       0       0

Kumara Wednesday, 11 May 2022 11:06 AM

දැන් මයිනාට, ගොබ්බයින්ට සැපද, සනීපද?

:       20       31

ashok Wednesday, 11 May 2022 11:10 AM

උගත් දේශපාලන නායකයෝ රටට ඕනෑවෙලා තියෙන අවස්ථාවක්. එදා හිටපු උගත්, පලපුරුදු අගවිනිසුරු තුමිය එළියට දැම්මේ මේ අනුවණ මැර දේශපාලන නායකයෝ නේද? ඒ වගේ මැර දේශපාලනය කරගෙන යාමේ ප්‍රතිඵල නේද අද මේ භුක්ති විඳින්නේ. ආදර්ශමත් නායකයෝ රටට අත්‍යාවශ්‍ය වෙනවා.

:       9       25

Samantha Wednesday, 11 May 2022 11:12 AM

ප්‍රචණ්ඩත්වයට කවදාකවත් දිනිය නොහැකිය.

:       2       48

Sarath Wednesday, 11 May 2022 11:16 AM

සියලු දේපල විනාශ කිරීම්, ජීවිත නැතිවීම් සහ තුවාලවීම් සඳහා සාධාරණ වන්දි මුදලක් සියලු මාධ්‍ය ආවරණ සහිතව ලබාදිය යුතුයි. මිනිසුන් ඉගෙන ගන්න ඕනෑ දැන්වත් ගිනිතැබීමෙන් කිසිවක් ලබාගත නොහැකි බව..

:       3       45

Rata Perata Wednesday, 11 May 2022 11:31 AM

ඉතා හොඳින් ලියා ඇති ලිපියක්... කරුණු සත්‍ය වශයෙන්ම සිද්ද වුණු ආකාරයට ලියලා තියෙනවා.

:       15       15

රණදිංග Wednesday, 11 May 2022 02:25 PM

ඇඳිරි නීතිය පවතින කාලය තුළ විරෝධතාකරුවන් ඇතුළු කිසිවකුට නිවෙස්වලින් පිටත සිටිය නොහැක. සාමකාමී මාර්ගය එයයි

:       0       0

විපරමා Wednesday, 11 May 2022 06:11 PM

සමහර දූෂිත දේසපාලුවන් ගේ මන්දිර වගේ නිවාස දිහා බැලුවම ගසාකාලා හම්බකරගත්තු හැටිත් පේනවා.

:       0       0

Nuwan P Wednesday, 11 May 2022 11:09 PM

බන්දුල ගුණවර්ධන මේ නිවස හැදුවේ ඔහුගේ ටියුෂන් මුදලින්.ඔහුගේ ගාස්තු ඉතා සාධාරණ විය. ඔහුට සිසුන් දහස් ගණනක් සිටියහ. මගේ පන්තියේ ඔහුට සිසුන් දහසකට වඩා සිටි අතර සෑම වසරකම ඔහුට නවක සිසුන් 5000 කට වඩා සිටියහ. ඔහුගේ ඉගැන්වීම විශිෂ්ට විය. මම ඔහුගේ දේශපාලනය අනුගමනය කරන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර දැන් මට උපාධි 5 තියෙනවා.මට ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ හොඳ ව්‍යාපාර තිබේ.ඔහු මට උසස්පෙළට නොමිලේ ටියුෂන් කාඩ් එකක් දීපු නිසා තමයි මම මෙතන ඉන්නේ. අපි ඉතා දුප්පත් වූ අතර මට උපකාරක පන්තියට යන්න සල්ලි තිබුණේ නැහැ. ඒ දවස්වල මට තිබුණේ එක කමිසයක් සහ කලිසමක් පමණයි, අපි කවදාවත් උදේ ආහාරය ගත්තේ නැහැ.නොමිලේ දීපු ටියුෂන් කාඩ් එක මගේ මුළු ජීවිතයම වෙනස් කළේ. මට තාම මතකයි, අපේ පන්තියට ඔහු නොමිලේ කාඩ්පත් 100 කට වඩා ලබා දුන් බව. දැන් මම සෑම වසරකම ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා ශිෂ්‍යත්ව 50 ක් පමණ ලබා දෙමි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 53 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 740 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 84 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 241 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site