IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාස්ක් නැතිව කඩේ ගිය ඩෙන්මාර්ක අගමැතිනියට දඩ

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් යළිත් වරක් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මුහුණු ආවරණයක් නොමැතිව, රෙදිපිළි වෙළෙඳ සැලකට ගොඩවුණු ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය මෙට් ෆෙඩ්රික්සන්ට දඩ නියම විය.

අග්‍රාමාත්‍යවරිය මාස්ක් නැතිව ඇඳුම් තෝරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන්, එරට පුවත් නාළිකා ඔස්සේ විකාශය වීමට පටන් ගත්තේ පසුගිය සිකුරාදා (3) ය. එම දසුන් රූගත කර ඇත්තේ වෙළෙඳසැලට ආ තැනැත්තකු බව ද පැවැසෙයි.

'සෞඛ්‍ය අංශ මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මා වගකීම් විරහිතව හැසිරීම ගැන කනගාටු වෙනවා. එය මා අතින් සිදුවුණු වරදක්. ඒ ගැන මා සමාව ඉල්ලා සිටිනවා' යැයි අග්‍රාමාත්‍යවරිය ප්‍රසිද්ධියේ ඩෙන්මාර්ක වැසියන්ගෙන් සමාව ඉල්ලිමක් කර තිබේ.

සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමත් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ නොපලඳින්නේ නම් ඩෙන්මාර්ක ක්‍රෝනර් 2,500 ක දඩයක් නියම කිරීම කළේ ද අග්‍රාමාත්‍යවරිය මැදිහත් වීමෙනි.

ඩෙන්මාර්කය යුරෝපා රාජ්‍යයකි. මේ වනවිට යුරෝපයේ යළි සීඝ්‍ර වශයෙන් 'කොවිඩ් 19' වර්ධනයක් දකින්න ලැබේ. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතිය ද යුරෝපා රටවල් රැසකින් වාර්තා වී තිබේ.

ඩෙන්මාර්ක සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට එරට මේ වනවිට මුහුණ දෙන්නේ 'කොවිඩ් 19' තෙවැනි රැල්ලටය. ඩෙන්මාර්කයෙන් හමුවුණු සමස්ත ආසාදිතයන් ගණන 5,06,085 කි. මරණ වාර්තා වන්නේ 2,939 ක් ලෙසය.

(රොයිටර්)



අදහස් (12)

මාස්ක් නැතිව කඩේ ගිය ඩෙන්මාර්ක අගමැතිනියට දඩ

Siri Sunday, 05 December 2021 10:35 AM

ඊයේ, පෙරේදා මොකක්ද ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට ගියා. අපේ ලොක්කයි, අයියගේ ලොක්කයි මාස්ක් නැතිව වැඳගෙන හිටියා. ‘‘එක රටක්... එක නීතියක්‘‘ වල් වැදුණා.

:       4       22

lalSunday, 05 December 2021 03:49 PM

මාස්ක් නැතිව කියන එකට වඩා හිනායනවා. ඒක හරියි, ඒ ජනාධිපතිනේ..! කියලා වීරසේකර එක් සාකච්ඡාවකදී කියපු කතාව... නියම රට... එක රටක්, එකම නීතියක්...

:       0       8

J.M.Jayabahu Senarath Sunday, 05 December 2021 10:43 AM

නීතියට ගරුකිරීම ඉතා වැදගත්... ඇය හොඳ නායිකාවක්...

:       1       20

සුරනිමල Sunday, 05 December 2021 11:19 AM

බලන් යනකොට ඒ රටවල්වල තමයි එකම රටක්... එකම නීතියක් තියෙන්නේ....

:       2       21

අගුපිලගේ Sunday, 05 December 2021 11:45 AM

සකල සිරින් පිරි සිරි ලංකාවේ නම් වීඩියෝ ගතකළ කෙනා සොයාගෙන පොලිස් ඇස අස්සක් මුල්ලක් සොයන්න ගනීවි... කෙනා බැරි වුණොත් පින්තූරයක් සකසා පුවත් පල කරාවි.. කැමරාව හෝ ෆෝන්එක පෙන්නන්න රාත්‍රියේ එක්ක යාවි. එහෙමයි ආසියාවේ ආශ්චර්ය, අපේ තියෙන්නේ එක රටක්, එක නීතියක් නොවැ...

:       3       20

ravin Sunday, 05 December 2021 12:27 PM

ආ.. එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි..?

:       0       12

Don Sunday, 05 December 2021 12:45 PM

අපේ සර්ට තරහා ගියාම මාස්ක් එක ගලවයි වටේ ඉන්න කට්ටියට බනින්න. ඉතින් වටේ කට්ටිය කෙළ නාගෙන ගෙදර යන්නේ...

:       0       8

Sriland Sunday, 05 December 2021 12:54 PM

ඔයා අයෙත් හදන්නේ කොරෝනා බොරුව ජනගත කරලා සල්ලි හම්බ කරන්න. ඉස්සර යුදායුධ විකුණපු රටවල් දැන් කරන්නේ වැක්සීන් හදලා විකුණන එක...

:       6       1

සනත් ගමගේ Sunday, 05 December 2021 01:16 PM

ආදිවාසී නායක ඇත්තෝ මාර්ස් නැතිව දානය පිළිගන්වනවා ඡායාරූපයක් පලකරලා තිබුණා දැක්කා.. ගෙදර ඇත්තෝ මියගියේ කොරෝනාවෙන් කියලාවත් නායක ඇත්තන්ට අමතක වෙලා හරි නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි...

:       3       4

අබිලින්Sunday, 05 December 2021 02:28 PM

සනත් මහත්තයෝ, කියන්නකෝ ඒකට දායකත්වය දුන්නේ කවුද කියලා..? එයත් මෙතන ඉන්නවා වගේ පින්තූරයක් දැක්කා. ඒවාට තමයි කියන්නේ නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ කියලා...

:       0       6

ලමය Sunday, 05 December 2021 01:57 PM

මෙහේ ඔය වගේ දෙයක් වුණා නම් දඩගහපු මේ වෙලාවේ වල පල්ලට ගිහිල්ලා...

:       0       6

kamani Monday, 06 December 2021 12:32 PM

මාධ්‍ය මගින් පිටරටවල දේශපාලඥයන්ගේ මේ වගේ යහපත් පුරුදු වඩ වඩාත් ප්‍රසිද්ධ කළ යුතුයි. අපේ දේශපාලුවන් ලැජ්ජාවක් නැති පිරිසක් වුනත්, මෙවැනි දේ පළ කළ විට අපේ මෝඩ ජනතාවවත් ටික ටික තේරුම් ගනීවි දේශපාලන ඉත්තො වෙලා ඉන්නේ අපි විතරයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 33 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 254 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 100 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 112 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 301 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2744 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site