IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහින්ද - මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - ඩේලි මිරර්)

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික  මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි.

ඔවුන් පොදුවේ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ  මුදලින් සියයට 57 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැය කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට 43 ක ප්‍රමාණයක් වැය කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට 2014 වසර දක්වා කාලය තුළ 2578 ක පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 630 කට වඩා (රුපියල් මිලියන 638,107,941.84) වැඩි මුදලක් වැයකර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වී තිබේ.

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2015 සිට 2019 වසර දක්වා කාලය තුළ 1317 ක පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 850 කට වඩා වැඩි මුදලක් (රුපියල් මිලියන 850,326,958.14ක්)වැය කර ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය පවත්වා ගෙන යෑම සඳහා රුපියල් 1488,434,900 ක මහජන මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙන අතර එම කාලය තුළ ඔවුන් ඔවුන් පවත්වාගෙන ගොස් ඇති කාර්ය මණ්ඩලයේ එකතුව 3895 කි.

තමන් මහජන මුදල් අවභාවිත නොකරන බවට අවධාරණය කරමින් එවකට ජනාධිපති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාද අභිභවමින් තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට අධික මහජන මුදලක් වැය කර ඇති බව තොරතුරු වලින් හෙළිවී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ලයනල් ගුරුගේ මහතා විසින් මෙම තොරතුරු 2019 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.ඉකුත් නොවැම්බර් මස 14 වැනිදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත මෙම තොරතුරු නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

බලයට පැමිණෙන රාජ්‍ය නායකයන් සිදුකරන අනවශ්‍ය රාජ්‍ය වියදම් වල ඵලවිපාක ක්ෂණිකව නොදැනුනත් එය රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් පෙනී ගොස් ඇත.

 



අදහස් (28)

මහින්ද - මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා

Asanga Friday, 02 December 2022 06:32 PM

මෙහෙමත් අපතයින් දැක්කාමයි. මේවා මේ අයගෙන් අයකරගන්න ඕනෑ..

:       24       84

PereraSaturday, 03 December 2022 04:25 PM

අයකර ගනීවි බිබික්කමක්...! 

:       7       8

නුවන්Saturday, 03 December 2022 08:35 PM

සරල ජනාධිපති කිව්වේ පොලොන්නරුවේ සිට රට පාලනය කරන බවයි. දැන් ඔහු විශ්‍රාමිකයි. ඒත් ඉන්නේ කොළඹ. පොළොන්නරුව ගැන මොකුත් කියන්නේ වත් නැහැ. අපිව රැවට්ටුවා...! එච්චරයි...

:       0       4

අනිල් Friday, 02 December 2022 07:16 PM

දැන් ඉන්න උන්දෑ කොහොම වැය කරනවාද දන්නේ නැහැ... ගියාට පස්සේ විගණනය කළා කියලා ඇති වැඩක් නැහැ. බලයේ ඉන්න කොටම නාස්තිය නවත්ත ගන්න බැරි නම්...!

:       2       63

BamunuaracchiFriday, 02 December 2022 08:21 PM

දැන් ඉන්න උන්දෑ දෙපාරක් මහ බැංකුව සුද්ද කරා මතක නැද්ද?

:       14       41

kamalSaturday, 03 December 2022 08:24 AM

මේ බමුණු මාල්ලා කියන එක ඇත්ත. මේවා ඔක්කොම බවුද්ධ්ධ නායකයින්ට මඩ ගහන්න බවුද්ද ආගම හෑල්ලු කරන්න මහමදිකයින් ගොතන බොරුකතා. හාමිනේ ඔය පුන්නක්කු ටික මෙහෙ ගෙනෙන්..

:       23       6

chandima Friday, 02 December 2022 07:21 PM

දැන් ඒවා වෙලා ඉවරයි. ඒ කියලා දඬුවම් කරන්නෙත් නැහැනේ... හිඟන්නන්ගේ තුවාලේ වගේ කිය කියා දැන් ඉන්න. ඒගොල්ලෝ හොරකම් කළේ රට හොඳට තියෙන කාලේ... දැන් ඉන්න කෙනා බකන් නිලාගෙන ආණ්ඩුක්‍රම වෙනස් කරකර, කමිටු දදා ඉන්නේ රට වැටිලා තියෙන වෙලාවේ...!

:       14       23

Demuni Uduwara Saturday, 03 December 2022 06:35 AM

No one has been permitted to spend any govt currency irregularity. Present President has the paramount duty to inquire, individually to find the beneficiaries of such a colossal amount.

:       0       7

Kumara Friday, 02 December 2022 08:15 PM

බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා පෙන්නලා, මිලියන ගාණක් නාස්ති කරලා... අපූරු පොළොන්නරුවේ සරල ගැමියා...

:       0       63

Kapila Friday, 02 December 2022 10:10 PM

නාස්ති කරපුව මෙච්චර නම් හොරාකාපුව කොච්චර ඇත්ද?

:       0       37

බද්රානි Friday, 02 December 2022 10:54 PM

දැන් ඉතින් ඔය පහුගිය දේවල් ගණන් හදල පලක් නැහැ. ඉදිරියෙදේ කල යුතු වන්නේ, මොවුන් දෙදෙනා ඇතුළු සියලුම දේශපාලන නායකයින්ගේ වරප්‍රසාද අහිමි කොට, විශ්‍රාම වැටුපක් පමණක් ලබා දීමයි. ඒ වගේම අනිසි ආකාරයෙන් උපයා ඇති වත්කම් සියල්ල රාජසන්තක කල යුතුයි. මොවුන්ගෙ දරුවන්ගේ වත්කම් ගැන විමර්ශනය කල යුතුයි. ඒ වගේම මේ හොර තක්කඩින්ව සිරගත කල යුතුයි. එසේ, නැති නම් ඉතින් මේ රටේ පව්කාර ජනතාව හා අනාගත දරු පරම්පරාව මේ හොරුන්ගේ පව් (හොරාකාපු මුදල්වල ණය) ගෙවිය යුතුයි..

:       12       34

ජගත් ලියනගේ Friday, 02 December 2022 11:24 PM

හරි පොඩ්ඩයි . තව වියදම් කරන්න තිබ්බ .

:       2       12

මැක්ස් Saturday, 03 December 2022 12:27 AM

සරළ ලෙස තමාගේ පුද්ගලික නිවසේ සිිටිමින් රට කළ මනුස්සයා නායකයා එලවා ගත් ලංකාවේ මිනිසුන්ට ගැලපෙන්නේ බෝල් පොයින්ට් සිරිසේන වැනි රට කපටි ය.

:       23       17

Rata Perata Saturday, 03 December 2022 01:10 AM

මුන් ඔක්කොම කාළකන්නි අපතයෝ. එච්චරයි. දැන්වත් මුන්ට ඡන්දෙ දෙනකොට දෙපාරක් හිතන්න. දෙන්න එකෙක් නැත්නම් ඡන්දය අවලංගු කරන්න.

:       1       11

Demuni Uduwara Saturday, 03 December 2022 06:22 AM

Mahinda Rajapaksa held Presidency since Nov.19, 2005 to Jan 08, 2015 and Maithrpala Sirisena held Presidency since Jan. 09 2015 to Nov.16, 2019. Hence, Mahinda Rajapaksa held Presidency since 2005 but 2010 as erroneously stated here. We should understand that Presidency is a liability to our country and this should be definitely abolished soon.

:       1       6

LGPJ Saturday, 03 December 2022 07:01 AM

Inferior records by both political gangs in Sri Lanka. !!!!!!

:       0       9

Hemantha kumara Saturday, 03 December 2022 07:14 AM

මුං සේරම එකයි.

:       0       11

Sunil Saturday, 03 December 2022 09:11 AM

රට කාබාසිනියා කරමින් සිනාසෙන ලස්සන...

:       0       11

බෙම්පි Saturday, 03 December 2022 10:25 AM

කරලා ඉවරුණාට පස්සේ සතේට ගණන් හිලව් කියනවා වැඩක්ද? බලයේ ඉන්නකොට කිසිකෙනෙක් මේවා ගැන කථා නෑ. හොයන්නේ නෑ. දැන් ඉන්න කෙනත් ගියාට පස්සේ ගණන් කියන්න හොයලා බලලා. මේ රටට මෙහෙම නොවී තියේද? දුක් විඳලා මුදල් හොයන මිනිස්සු හැමදාම දුකේ, ඒවා වියදම් කරලා සැප විඳින පිරිස් හැමදාම සැපේ.

:       0       14

නිහාල් Saturday, 03 December 2022 10:53 AM

ඉස්සෙල්ලාම දඬුවම් දෙන්න ඕනෑ වැඩේ වුණාට පස්සේ ගණන් හිලවු කියන උදවියට...

:       0       13

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 03 December 2022 11:40 AM

වංචාව, දූෂණය, නාස්තිය සිදුකරන තෙක් ඉඳලා පස්සේ නිවැරදි ඉලක්කයටම ගණන් හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට මේ රටේ ඇතැම් උදවිය හරිම දක්ෂයි. රට කෑ හා කන පල්හොර දේශපාලුවන් හට නිසි දඬුවම් දෙන්න. කිසියම් දිනෙක අන්ධ ජනතාව ක්‍රියා කරනවා යැයි කියලා සිතේ සැනසිල්ලට හෝ සිතමු. සාටක ශාපය හා ග්‍රාම නිලධාරියාගේ ශාපය ගැන කිසියම් දිනෙක අන්ධ ජනතාවට නිසි අයුරින් කරුණු අවබෝධ වූ දිනෙක ඔවුන් එකාමෙන් නැඟී සිට රට කෑ එවුන්ට නිසි අයුරින් සලකනු ඇත. ඒත්, ඒ දිනය හා වකවානුව දැනට සිහිනයක් පමණි.

:       0       6

Santhu Saturday, 03 December 2022 12:47 PM

"මේ ඔක්කොම කාලකන්නි අපතයින්. රට කාබාසිනියා කරමින් සිනාසෙන ලස්සන.. මේ සේරම එකයි. දැන් ඉන්න උන්දෑ දෙපාරක් මහ බැංකුව සුද්ද කරා මතක නැද්ද? " මෙවැනි දේ කිසිම ඵලක් නොවන කවදත් කියන ලියන දේ පමණක්මය. හෙට වෙනත් දෙයක් ඒත් මෙහෙමයි. නමුත්, මේ පාලන තන්ත්‍රය යටතේ කළ අනිසි වැය, දේශපාලනයට සම්බන්ධ අනිකුත් ඡනාධිපතිවරුන් සහ නොවන අයත් යම් තරමකින් හෝ මේ තම පාලන කාලය තුළ පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ ගණනත් ඇතුළත් විය යුතුයි නේද? වෙනත් රට වල මෙවැනි අයට නීතිය නිසි දඞුවම් දෙනවා. අන්න ඒවාට අපි පෙල ගැසෙමු කිව්වාට කිසිම ඵලක් නැහැ. මේ දූෂිත ක්‍රියා නතර නොවේ.

:       0       6

ganegoda Saturday, 03 December 2022 06:01 PM

මොවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ බැංකු ගිණුම් පිරිලා, ඉතිරිලා දෝරෙ ගලනවා.

:       0       1

විපරමා Saturday, 03 December 2022 06:34 PM

ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් රටම හොරාකාලා කාබාසිනියා කෙරුවා. සුනාම් හොරා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත, බලලෝභියෙක් කියලා ලෝකෙම දන්නවා. තාත්තාත් නිකම් ඉඳලා නැහැ.... මේ කාබාසිනියා කරලා තියෙන්නේ අම්මා, අප්පගේ බූදලේ නෙවෙයි. මහජනතාවගේ බදු මුදල්...

:       1       1

චන්දිම Saturday, 03 December 2022 06:48 PM

මේ දවස්වල ජනතා මුදල් ලක්ෂ ගණන් නාස්ති කරලා සූට්කේස් හදා ගන්නවා. මැතිවරණ කිට්ටු වුණාම මිනිස්සුන්ට මේවා ඔක්කොම පිළිවෙලකට මතක් කරලා දෙන්න නිසි වැඩපිළිවෙලක් ඉදිරියේදී රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනෑ...

:       1       0

සුරංගොඩ Saturday, 03 December 2022 07:15 PM

1952 වර්ෂයේ සිටවූ පොල් ගසේ හැදුණු එක වල්ලෙ පොල් කියලා කියන්න ඕනෑ නැහැ නේද?

:       0       1

වස්සා Saturday, 03 December 2022 09:28 PM

දැන් කාලේ ආහාර ද්‍රව්‍ය හරි ගන්නේ නේද. මොනවා කාලා හරි කමක් නෑ ඊළඟ චන්දේ එනකන්........

:       0       0

බද්රානි Sunday, 04 December 2022 12:29 AM

මේ මුහුණවල් දකිද්දී මට නම් අප්‍රියයි. ජාතින් ජාතිත් මේ වගේ අය උපදින රටක හෝ ජාතියක අපි, මතු භවයකදී නොඋපදීවා!!

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 417 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 824 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 627 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1472 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2954 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1910 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site