IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහජන බැංකුවේ නිලවරණය වලකමින් වාරණක්

(මනෝප්රිය ගුණසේකර)

මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම ලබන 17වැනිදා දක්වා වලකාලමින් කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය අද (03) වාරණ නියෝගයක් නිකුත් කළාය.

සංගමයේ ව්යවස්ථාවට පටහැනි අන්දමින් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව පවසමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරිය මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනන ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නිකුත් කළාය.

බන්ධුල වසන්ත කුමාර, ඩී.සී. සපරමාදු සහ වික්ටර් ජයවර්ධන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය, එහි සභාපති එච්.එම්. ජයවර්ධන මහතා ඇතුළු එහි නිලධාරීන් 31 දෙනෙකු නම් කොට ඇත.

එස්.බී. දිසානායක ඇෂෝෂියේට්ස් නීතීඥ සමාගම මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ තම සංගමයේ 7000 කට අධික පිරිසක් සාමාජිකත්වය දරණ බවත් රුපියල් බිලියන 50 කට ආසන්න මුදලකට හිමිකම් ඇති බවත් මාසිකව රුපියල් මිලියන 20 ක් පමණ කලමණාකරණය කරන බවත් සඳහන් කොට ඇත.

මහජන බැංතුවේ විශ්රාමිකයින්ගේ සංගමයේ ව්යවස්ථාව අනුව සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නේ නම් වාර්ෂික මහසභා රැස්වීමකදී ඡන්ද විමසීමකින් නිලධාරීන් පත් කර ගත යුතු බවත් එසේ නිලවරණයක් පැවැත්වීමට හැකියාව තිබියදීත් වගඋත්තරකරවෝ 2019 වර්ෂයේ සිට එසේ කොට නැතැයිද ඔවුන් 2022/2023 වර්ෂය සඳහා සංගමයට නිලධාරීන් පත් කර ගැනීම සඳහා කණ්ඩායම් වශයෙන් නාම යෝජනා කැඳවා ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මහසභා රැස්වීමක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීමකින් තොරව සංගමයේ 2022/2023 වර්ෂය සඳහා නිලධාරීන් පත් කර ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කරති.

7000කට අධික පිරිසක් සාමාජිකත්වය දරණ මහජන බැංතුවේ විශ්රාමිකයින්ගේ සංගමයේ ව්යවස්ථාව අනුව වාර්ෂික මහසභා රැස්වීමකදී ඡන්ද විමසීමකින් නිලධාරීන් පත් කර ගත යුතු බව සඳහන්ව තිබුණත් වගඋත්තරකරුවන් ඊට පටහැනි ආකාරයට කටයුතු කරමින් මහසභා රැස්වීමකදී ඡන්ද විමසීමකින් තොරව කණ්ඩායම් වශයෙන් නාමයෝජනා කැඳවා සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව පවසන පෙත්සම්කරුවෝ එය නීතීවීරෝධී බවට තීන්දු කරන්නැයිද වගඋත්තරකරුවන් සංගමයේ ව්යවස්ථාව උල්ලංඝණය කරන බවට තීන්දු කරන්නැයිද ඉල්ලා සිටිති.

ඡන්ද විමසීමකින් හැර කණ්ඩායම් වශයෙන් නාමයෝජනා කැඳවා සංගමයේ නිලවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන්ට හිමිකමක් නොමැති බවටද සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම වළකන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

මෙම පෙත්සම ඉදිරිපත් කරමින් නීතීඥ තරිඳු වීරසේන මහතා සමඟ පෙනී සිටි ජධිපති නීතීඥ එස්”කේ” ලංකාතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ තත්වය අනුව මහජන බැංතුවේ විශ්රාමිකයින්ගේ සංගමයට 2022/2023 වර්ෂය සඳහා නිලධාරීන් පත් කරගනු ලැබුවහොත් පෙත්සම්කරුවන්ට අප්රතිකාරි පාඩුවක් සිදුවන බවව පෙන්වා දුන්නේය.

එහෙයින් පෙත්සම්කාර සංගමයේ 2022/2023 වර්ෂය සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා කණ්ඩායම් වශයෙන් නාම යෝජනා කැඳවමින් පසුගිය සැප්තැම්බර් 12 දාතමින් යුතුව නිකුත් කළ ලේඛණය අනුව නිලවරණයක් පැවැත්වීම වළකන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ජධිපති නීතීඥ එස්.කේ. ලංකාතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළ විනිසුරුවරිය මෙම පෙත්සම එදින යළි කැඳවීමටද නියම කළාය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් එස්”බී” දිසානායක ඇෂෝෂියේට්ස් නීතීඥ සමාගමේ උපදෙස් මත නීතීඥ තරිඳු වීරසේන මහතා සමඟ ජධිපති නීතීඥ එස්.කේ. ලංකාතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (2)

මහජන බැංකුවේ නිලවරණය වලකමින් වාරණක්

RIGHT TO INFORMATION Tuesday, 04 October 2022 01:49 AM

"තම සංගමයේ 7000 කට අධික පිරිසක් සාමාජිකත්වය දරණ බවත් රුපියල් බිලියන 50 කට ආසන්න මුදලකට හිමිකම් ඇති බවත් මාසිකව රුපියල් මිලියන 20 ක් පමණ කලමණාකරණය කරන බවත් සඳහන් කොට ඇත." ඉතා සංවෙිදී ප්‍රවෘත්තියක්. මෙි වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවන්නේ අහිංසක ගිණුමි හිමියන් ගේ සොචිචමි මුදලින්. මෙි මුදල් අවභාවිතය වෙි නමි මෙහි නිලධාරින් වගකිව යුතුයි.

:       0       0

චන්ද්‍රසිරි රණධීර Tuesday, 04 October 2022 11:53 AM

නිල් දරුවන්ගේ ඒකාධිපති වියරුවට එරෙහිව නීතියෙ සරණ පැතු සැමට අනාගත ජය නියතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1188 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 382 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 455 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 360 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 540 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4476 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site