(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරිම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරැ අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසීය.
ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව අසලට පැමිණෙන විටත් මහනුවර සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය වීම නිසා ආරක්ෂිත ගේට්ටුව වසා තිබූ බවත් බස් රථයට ඉදිරියෙන් ත්‍රිරෝද රථ කිහිපයක් රේල් ගේට්ටුව විවෘත කරන තෙක් නතර කර තිබියදී පෞද්ගලික බස් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කර ඇති බවත් පොලිසිය කීය.
එම දර්ශන අසල තිබූ වෙළදසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව ද පොලිසිය කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බසයක් මගීන් එක්ක දුම්රිය දැක දැකත් හරස් පාරෙන් දමලා
ගුණරත්න Sunday, 20 July 2025 05:29 PM
මිනී මැරීමට තැත්කිරීම යටතේ මේකා හිරේ දාලා ලයිසන් එක ජීවිත කාලෙටම තහනම් කරන්න ඕනෑ...
Samare Sunday, 20 July 2025 05:34 PM
මිනී මරන්න තැත් කළා කියලා දිගටම රිමාන්ඩ් භාරයේ තියන්නේ නැතුව මේ වගේ අයට ඇප දුන්නාම ඉතුරු අයත් තවතවත් ඔය වැරැද්දම නැවතත් නොකරයිද?
Jagath Leanage Sunday, 20 July 2025 05:58 PM
පුදුමාකාර රියදුරන් ඉන්නේ. කෝච්චිය ආවා නම් බසයේ සිටි සියලුම මගීන් අනතුරට පත්වෙනවා. උපරිම දඬුවම් ලැබේවි...!
NIMAL Sunday, 20 July 2025 06:30 PM
මෙවැනි කලබලකාරී රියැදුරන්ගේ රියදුරු බලපත් අහෝසි කර මොවුන්ට නැවත වාහන පැදවීම තහනමට ලක්විය යුතුවේ. දඬුවමින් පසු වෙනත් රැකියාවක් කිරීමට අවස්ථාව ඇත.