
(කේ. බුද්ධික කුමාරසිරි)
මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු කතරගම වන්දනාවේ ගිය අතරතුර දී නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ට වැඩි මුදලක් සොරා ගත් එම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සේවය කල පුද්ගලයකු සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් සමග අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
ඉකුත් වෙසක් පොහොය නිවාඩුව වෙනුවෙන් අදාල ව්‍යාපාරිකයා තමන් ළඟ සේවය කළ සේවකයන් සියලුම දෙනාට නිවාඩු ලබා දී ඔහු තම පවුලේ අය සමග කතරගම දේවාලය වෙත වන්දනා ගමනක් යෑමට කටයුතු කර තිබුණි.
වෙසක් පොහොය දින දෙක නිවාඩු දින වීමත් පොහොයට පසු දින ලැබීමට තිබූ භාණ්ඩ බහලුමකට මුදල් ගෙවීමට තිබූ නිසා පොහොය දින දෙකට පෙර ව්‍යාපාරික ස්ථාන වලින් එකතු වූ මුදල් නිවසේ කාමරයක ආරක්ෂිතව තබා නිවස වසා දමා වන්දනා ගමන පිටත්ව ගොස් ඇත.
මෙම අවස්ථාවේදී නිවාඩු ලබා දී සේවකයන් පිටත්ව සැකකාර සේවකයා ද ගම්බිම් බලා යන බවට පවසා පිටත්ව ගියද අතරමග ව්‍යාපාරිකා ඇතුළු පිරිස නිවසින් පිටත්ව යනතුරු රැදී සිට නිවැසියන් පිටත්ව ගිය පසු අලවංගුවක් ද රැගෙන නිවසට ඇතුලු වී එහි තිබූ මුදල් සොරා ගෙන බෑගයක දමා ගෙන යන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි.
පසුව අදාල නිවසෙහි ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී මුදල් සොරා ගන්නා පුද්ගලයා මෙම සැකකරු බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd