IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා මාස 6ක් තුළ විභාග නොකළොත් අවලංගුයි

(ඩයනා උදයංගනී)

 

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරන්නට ගොස් මානව හිමිකම් නඩු පවා වැටී ඇතැයි කී ඇමතිවරයා එවැනි අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය. 

එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර ඇති නිලධාරීන්  ද සිටින බව කී වීරසේකර මහතා 35 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබූ බවද කීවේය. 

එම තත්වයට හේතුව යාන්ත්‍රණයේ තිබූ අඩුපාඩුකම් බැවින් අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සමඟ එක්ව ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බවද පැවසීය. 

ඒ අනුව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා සති කිහිපයක් තුළ එම ගැටලු විසඳන බව කීය.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනට එක්වෙමිනි.

 



අදහස් (20)

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා මාස 6ක් තුළ විභාග නොකළොත් අවලංගුයි

චන්දන Saturday, 16 October 2021 12:24 PM

ඕක සමස්ත රාජ්‍ය සේවයටත්, සියලු සිවිල් පුරවැසියන්ටත් අදාල විය යුතුයි...

:       0       37

පිටිගල මිලානෝ Saturday, 16 October 2021 12:40 PM

අනුන්ගේ සල්ලි වලින් ජිනීවා ගොස් ලොකු ෂෝ පෙන්නපු මෙයා ඇත්තටම ඒ ගමන් වලින් ලංකාවට අත්කර දුන්නේ මොනවද? ඇයි දැන් ජිනීවා යන්නේ නැත්තේ...? ඡන්දෙ ඉවර නිසාද...? රට බේරාගන්න ජිනීවා යනවා කියලා ඉතාලියේ මෝදෙනාහි කෝටිපති කීර්ති රත්නලා එක්ක සවාරි ගැහුවද? නැත්නම් ඇත්තටම ජිනීවා ගොස් රට බේරාගත්තද?

:       6       41

swene Saturday, 16 October 2021 12:45 PM

සැබෑ කාර්යක්ෂම යාන්ත්‍රණයක් නොමැති නම් පැමිණිලි පාර්ශ්වය අගතියට පත්වෙනවා. එවැනි යාන්ත්‍රණයක් වහාම ඇතිකළ යුත්තේද ඔය කියන අයම නොවේද?

:       1       43

S.P.Dissanayake Saturday, 16 October 2021 02:44 PM

ඔබතුමාට තිබුණු තත්ත්වය ඔබතුමා විසින්ම නැති කරගත්තා. තව චුට්ටක් හරි මිනිසුන් තුළ තිබෙනවා නම් ගෞරවයක්.. එයත් නැතිවෙන්න මොනව මොනවා හරි කරන්න. පොලිසියට ඒ වගේ විශේෂ වර්ප්‍රසාද දුන්නාම සාමාන්‍ය ජනතාවට කාගේ පිළිසරණක්ද..? එහෙම වුණොත් අනිවාර්යයෙන් පොලිසියේ අයට යෙදෙන චෝදනා පොලිසිය විසින්ම ප්‍රමාද කරනවා. එක රටක් එක නීතියක් කියා නේද කිව්වේ..?

:       0       45

පොලිස් පොඩ්ඩා Saturday, 16 October 2021 03:18 PM

මෙයා කරන්න හදන්නේම මරි මෝඩ අමන වැඩ. චෝදනා පත්‍ර කඩිනමින් විසඳන්නේ නැත්නම් ඒවා කඩිනමින් විසඳෙන යාන්ත්‍රණයක් හදන එක රජයේ වගකීම. එහෙම නැතිව වැරදි කළ අය මාස හයෙන් නිදහස් කරලා දානවා නම් මොකක්ද පැමිණිලි කාරයගේ තත්වය. චෝදනා කඩිනමින් විසඳන්නේ නැත්නම් ඒක පැමිණිලිකාරයාගේ වරදද..?

:       0       50

වර්ණකුලසූරිය Saturday, 16 October 2021 05:19 PM

සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් බලනවිට ඔබේ අදහස නිවැරදියි. රටට වෙන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි. මෙතුමා ගමේ කියන ගණන්කාර චරිතයක් තමයි රඟදක්වන්නේ.

:       0       14

Lalith M Saturday, 16 October 2021 03:24 PM

මේ තරම් තනතුරෙන් ඉදිමුණු කවුරුත් මේ ආණ්ඩුවේවත් නෑ. ප්‍රායෝගික නොවන දේ කියන කරන කෙනෙක්.

:       1       39

Prabha Saturday, 16 October 2021 03:28 PM

ෆයිල් එක මාස 06ක් යට ගහගත්තොත් ගොඩ... ඒකද මේ කියන්නේ?

:       1       39

Sriland Saturday, 16 October 2021 03:51 PM

ඔය ක්‍රමය මුළු ජනතාවටම පොදු නීතියක් කරන්න. අන්තිමට ඕකෙන් වාසි ගන්නේ දේශපාලකයන්ට කඩේ ගිය හොර, අපරාධකාරයින් සෙට් එක...

:       0       29

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 October 2021 04:33 PM

අපූරු පොලිස් ඇමැති. නීතිය පිළිබඳ සෑහෙන පරිණත බවක් තිබෙනු පෙනේ...

:       0       30

lankasri Saturday, 16 October 2021 04:45 PM

පනින රිළවුන්ට ඉනිමං බඳිනවා වගේ... අතීසාරෙට අමුඩ ගහන් නැතිව නඩු හබ කාර්යක්ශම කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මහත්මයා...

:       0       23

Atul Rathnayake Saturday, 16 October 2021 05:24 PM

මේ නීතියෙන් වෙන්නේ පොලිස් සෙට් එකත් නීති උල්ලංගනය කරලා, මේ නීතියේම නිදොස් වී නිදහස් වෙයි. මේක පොලිසියට විවිධ අපරාධ කිරීමට අතදීමක්... පොලිස් ඇමති කළොත් කරන්නේ ඔය වගේ රටට කිසිම වැඩදායක නැති ගොන් වැඩක්මයි. ඉස්සර නම් හෙන පොර ටෝක්... පළාත් සභා අහෝසි කරනවා කිව්වා. බුර්කා තහනම් කරනවා කිව්වා. ඇත්තටම හෙන පුස්වෙඩි කාරයෙක්. සරත් ෆොන්සේකා මේ වගේ අය එක්ක කොහොම යුද්ධ කළාද මන්දා...

:       0       15

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Saturday, 16 October 2021 06:47 PM

මම විදුහල්පතිවරයෙක්... මගේ රාජකාරි වැඩ තහනම් කරලා අවුරුදු දෙකකට පස්සේ තමයි විනය පරීක්ෂණය පැවැත්වූයේ... ඒකත් අවුරුදු පහක් තිස්සේ පැවැත්වූවා. මා රාජ්‍ය මුදල් වංචාවක නිරතව නොමැති බවත්, පෙර වැරදි කිසිවක් නොමැති බවත්, දීර්ඝ කාලයක් රජයේ ගුරුවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත් සඳහන් කර මා සේවයෙන් නෙරපා නොහරින ලෙස ගරු ඒක පුද්ගල විනිශ්චය සභාව ලිඛිත උපදෙස් දී තිබියදී මගේ විනය බලධරයාද නොවන දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා මා සේවයෙන් නෙරපා හැරියා. එහෙම කළේ දකුණු පළාත් මහ ඇමැතිට පාසල් ඉඩම් අත්පත් කර ගැනීමට මා සහයෝගය නොදැක්වූ නිසා. මේක තමයි රටේ තත්වය. මම පොලිසියට කිව්වා. පොලිස් කොමිසමේ සභාපතිට මා කිව්වේ මගේ උස අඩි 5 යි අගල් තුනයි. නමුත් මට සිදුකල අසාධාරණය පිළිබඳ ගොනුකළ ලිපිගොනුවල උස අඩි 6 ක් වන බවයි. පොලිස් කොමිසමද කළේ තනිකරම බොරුවක්. මම ලැහැස්තියි මේ ගැන ඉදිරිපත් වෙලා කරුණු කියන්න. මට කළ අසාධාරණය දැක්කොත් පුදුම හිතෙනවා. ඉදිරියේදී මම රටටම කරුණු දැනගන්නට සලස්වනවා. අඩුම තරමින් මූලික විමර්ශන නිලධාරියාවත් මට එරෙහි පරීක්ෂණයට සාක්ෂි දීමට කැඳවීමට කටයුතු කළේ නැහැ...

:       0       20

Anuruddha Saturday, 16 October 2021 06:58 PM

ඊළඟට මෙවැනි ක්‍රමයක් දේශපාලකයන්ටත් හදාගන්න. නියමයි එතකොට... !!! 

:       0       16

Ruwan Saturday, 16 October 2021 10:09 PM

අනේ ඉතින්

:       0       8

sampath Saturday, 16 October 2021 10:25 PM

මිට වඩා පහසුයි පැමිණිලි භාරගන්නේ සිද්ධිය වෙලා පැය 6ක් ඇතුලත කියල කිව්වනම්.

:       0       14

damith Sunday, 17 October 2021 04:55 AM

මෙතන කට්ටියගේ භාෂාව සංවර වැඩියි. හැමෝගෙම හිතට එන වචන ලියන්න බෑ.

:       0       2

Perera Sunday, 17 October 2021 05:50 AM

ඔය නීතිය ශානි අබේසේකර මහතාට අදාල වෙනේ නැහැ නේද ඇමතිතුමා.?

:       0       3

Senarath Sunday, 17 October 2021 09:40 AM

අපිට ඔබ ගැන යම් පැහැදීමක් තිබුනා. ඒත් මේ වගේ වැඩ කරනකොට...

:       0       1

Prasad Sunday, 17 October 2021 09:49 AM

පොලිසියට තියෙන චෝදනා විමර්ශනය නොවන එකයි ඇත්තම ගැටලුව. ඕනතරම් චෝවනා තියෙනව විමර්ශන වෙන්නෙ නෑ ඔවුන් ඒ තනතුරුවල එහෙමම ඉන්නවා. පුරුදු විදියටම වැරදිත් කරගෙනම. පොලිසියේ 99% තියෙන්නෙ චෝදනා විතරමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 13 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1449 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 446 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 531 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 400 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 566 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site