(ප්‍රසාද් රුක්මල් )

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලු වූ කිසියම් පිරිසක් ප්‍රාදේශීය ලේකම් වරයාගේත්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරයාගෙත් ආසනවලට මඩ ගසා තිබු බවත් පොලිසිය කියයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ තිබු ලිපිගොනු අවුස්සා පොඩිකර ඉරා දැමීමෙන් අනර්ථයක් මෙන්ම පාඩුවක් සිදුවී තිබෙන බවත් , දැනට සිදු කළ විමර්ශනවලට අනුව කිසිදු දේපලක් සොරාගෙන යාමක් පෙනී නොයන බවත් පොලිසිය සදහන් කලේය .

නමුත් මෙහි අයුතු ඇතුල්වීමක් සිදුව ඇති බව පොලිසිය පැවසීය .

විශේෂයෙන් රජයේ නිවාඩු දිනක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක් ජනේලයක් පමනක් මෙසේ අගුලු නොදමා විවෘතව තබා තිබිම පිළිබදව සැකයක් පවතින බවත්, මෙය කිසිවකු විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකර ඇති බවටත් සැකයක් මතුවන බවද බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

මෙම සිද්ධිය වූ දින රාත්‍රි වෙනත් ස්ථානයක මොවුන්ගේ සුහද හමුවක් පැවති බවත්, ඒ සදහා සේවක පිරිසෙන් කොටසක් එයට සහභාගි වී ඇති බවටත් දැනට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කර සිටියේය.