IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රසන්නගේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා රෝහලේ ප්‍රතිචාරය

(විමුක්ති එස් රුද්‍රිගු)

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ලංකා රෝහලේ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය වල සැරිසරණ තොරතුරු සම්බන්ධයෙන් එම රෝහල අද නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

" ශ්‍රී ලංකාවේ තෘතීය සත්කාරක රෝහලක් ලෙස ලංකා රෝහල රැකවරණය සහ උපදේශනය අවශ්‍ය රෝගීන් වෙත ඒ සඳහා පහසුකම් සහ සේවා සපයනු ලබයි. වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක.

වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.

අප රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පිළිබඳ වගකීම අප බාරගන්නා බවට මහ ජනතාවට සහතික වන්නෙමු.සෑම අවස්ථාවකම රෝගීන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු".

 

 



අදහස් (6)

ප්‍රසන්නගේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා රෝහලේ ප්‍රතිචාරය

Krasinghe Arachchil Monday, 09 May 2022 09:58 AM

සදාචාරාත්මක රෝහල් සේවයට සිදුවූ අවමානයක් නේද? 

:       13       9

රට වැසියා Monday, 09 May 2022 10:23 AM

රෝහල පුද්ගලික නිසා වෛද්‍යවරයාට විරුද්ධව කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැක! - මෙම වෛද්‍යවරයා සියලුම දේශපාලකයින්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන්නේද? ‌මෙම රෝහල එය අනුමත කරන්නේද? - දේශපාලන හේතුමත රෝගියෙකුට ප්‍රතිකාර නොකිරීම, එරට වැසියෙකු හෙලාදකිමි...!

:       16       9

Dr. Nandana Monday, 09 May 2022 12:37 PM

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය ලෙස අපි සියලු සිසුන්ට උගැන්විය යුතුයි. දොස්තරවරුත් එකම දේ කළ යුතුයි.

:       0       3

මේඝවර්ණාභය Monday, 09 May 2022 05:54 PM

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන්නේ අප වැනි සාමාන්‍ය පුද්ගලයින්ය. වඩාත් සුදුසු වන්නේ මේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සහ විශ්ව විද්‍යාල මහා ඇදුරන්ගෙන් මේ පිළිබඳ විමසා බැලීමයි. එවිට ඔවුන්ගේ වෘත්තීය පිළිගැනීම, ප්‍රතිපත්තිය සහ එයට පදනම් වූ හිපොක්‍රටීස් දිව්රුම පිළිබඳවද කරුණු කියාපානු ඇත. ඒ අනුව බහුතරයක් වෛද්‍ය මහාචාර්යවරුන් හා වෛද්‍යවරුන් ඔවුන්ගේ වෘත්තිකභාවය එයට බැඳුණු යාන්ත්‍රණයන් අපහට එළිදරව් කරනු ලබයි. අවසානයේ සමාජයේ වෙසෙන කුඩා මනුස්සයෙක් වශයෙන් මහාචාර්යතුමාගෙන් කුඩා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි. එහෙනම් මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින 225 ක් වූ දේශපාලකයින්ටත් ඔවුන් හා බැඳුණු පළාත් සභා පළාත් පාලන ප්‍රාදේශීය සභාව විසිදාහක් පමණ දේශපාලකයින්ටත් ඔබගේ මේ ප්‍රතිකාර නොකිරීමේ පිළිවෙත රැකිය හැකිද? ස්තුතියි...!

:       0       0

L p. Weerakkody Monday, 09 May 2022 08:01 PM

ප්‍රසන්න මටද ප්‍රසන්න නැත. කොතරම් අප්‍රසන්න වුණත් රෝගියකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහේ.. වෛද්‍ය සභාව වෙත පැමිණිලි කළ යුතුයි...

:       1       1

නම ලියන්න බයයි. Monday, 09 May 2022 09:53 PM

වෛද්‍ය වරයෙකුවීමේදී දුන් ප්‍රතිඤාව උල්ලංඝනය කර ඇත. පාර්ලිමේන්තු, පලාත්සභා, ප්‍රාදේශීයසභා මන්ත්‍රීන් 20,000 කගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 80,000 න් කෙනෙක්, මුදලුත් ගෙවා ඔබගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියහොත් ඔවුන්ටත් අත්වන්නේ එම ඉරනමද? නැතිනම් වෛර⁣යෙන් ඔවුන්ට අවැඩක් කරනවාද? වෛද්‍යවරයා පවසාඇකි පරිදි රොගීන්ට ප්‍රතිකාර නොකිරීමට හැකියාව තිබේද? LANKA HOSPITAL S මෙයට ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 910 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 437 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 572 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 348 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1780 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 882 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site