IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණයෙන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම්  තාක්ෂණය ඔස්සේ අද සවස 3.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රටේ පවතින තත්වය සහ  පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇතැයි කතානායක කාර්යාලය පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුව රැස් නොකිරිමට කතානායකවරයා දැනටමත් තීරණය කර ඇත.



අදහස් (2)

පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණයෙන්

Lelwala Wednesday, 11 May 2022 11:12 AM

මොන නායකය ආවත් මහජනයාට අවශ්‍ය වි ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර, ගෑස්, ඉන්ධන, බෙහෙත්, සහන මිලට අඛණ්ඩව හිඟයකින් තොරව ලබාදීම... එසේ කළ නොහැකිනම් කාන්තාවන්ගෙන් ගුටිමුර...

:       1       8

ඉන්දික Wednesday, 11 May 2022 11:12 AM

ඇති යන්තම්. දැන්වත් තේරෙනවද ඇයි මිනිස්සු මේ වයසක අය එපා කියන්නේ කියලා...? ඔබතුමාලා අද ලෝකය යන විදියට යන්නේ නෑ. එක තැනම ඉන්නවා. නැත්නම් ඇයි ඔය පාර්ලිමේන්තු රැස්වීම්, අර රැස්වීම්, මේ රැස්වීම් ඔන්ලයින් තියන්න බැරි...? කොච්චර වියදමක් ඉතිරි වෙනවාද...? කෝටි ගාණක්... ඔය පාර්ලිමේන්තු බිල්ඩින් එක ඕනෙත් නෑ. කට්ටිය ඇහැට දකින්නෙම නැතුව ඉන්න බැරිනම් මාසෙකට එක වතාවක් වගේ කොහේ හරි හෝටලයක රැස්වෙන්න. ඒත් ලාභයි. පාර්ලිමේන්තුව රැස් කරන්න යන ඍජුවියදම් වලට අමතරව වක්‍රව කොච්චර වියදම්ද? දැන්වත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙන ගන්න... අවුරුද්දකට පාර්ලිමේන්තුව වහලා ඔන්ලයින් රැස්වීම් තියන්න. ඔය මැති ඇමතිවරුන්ගේ දීමනා අඩු කරන්න. පුළුවන් නම් ඔය ලොකු ලොකු වාහන ටික කොහේ හරි රටකට විකුණලා ඩොලර් ටිකක් ගන්න බලන්න. රට සුඛිත මුදිත වුණාම ආයේ ගන්න පුළුවන් ඕනේ නම්... එතකොට මන්ත්‍රීවරු කවුරුත් කොළඹ ඉන්න ඕනේ නෑ. ඒ ගොල්ලන්ට කොළඹින් ගෙවල් දෙන්න ඕනෙත් නෑ. තමන්ගේ ගෙදර ඉඳන් ඔන්ලයින් රැස්වීම් වලට සහභාගී වෙන්න කියන්න. තෙල් වියදම්, කාර්යාල වියදම් අඩු කරන්න. එහෙට වෙලා තමන්ගේ දිස්ත්‍රික්කේ දියුණු කරන්න කියන්න.

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 631 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2032 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1494 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 843 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2055 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site