IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නිදහස ඉල්ලා වැලිකඩ රැඳවියෝ වහළයට නගිති

(නිමන්ති රණසිංහ)

මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් 150 දෙනෙකු පමණ අද (25) සිට ආහාර වර්ජනයක නිරතවෙමින් සිටිති.

තවත් සිරකරුවන් 12 දෙනකු අද (25) පෙරවරුවේ සිට වැලිකඩ බන්ධනාගාරයෙන් වහලය මත නැගී විරෝධාවක නිරත වන බව ද බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මහර බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටින රැඳවියන් පිරිසක් ඊයේ (24) දහවල් ප්‍රථමයෙන් මෙම ආහර වර්ජනයක් ආරම්භ කළ අතර පසුව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන්ද එම වර්ජනයක් ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.

රැඳවියන් ඉල්ලා සිටින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින අතර ක්‍රමානුකූලව එම ගැටලුවට විසඳුම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.

මෙම විරෝධතාවයේ යෙදී සිටින රැඳවියන් සිය ඉල්ලිම් සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

නිදහස ඉල්ලා වැලිකඩ රැඳවියෝ වහළයට නගිති

nalin Friday, 25 June 2021 11:26 AM

ඔව්, ඉතින් එක මිනීමරුවෙකුට, දෙන්නෙකුට විතර විශේෂයක් දක්වන්න පුළුවන්ද? අනිත් මනුස්සයින් ලංකාවේ මිනිස්සු නෙමෙයිද? මේ ගොල්ලන්ටත් සාධාරණ අයිතියක් තියෙනවා නිදහස ඉල්ලන්න..

:       0       0

Sri Lanka Friday, 25 June 2021 12:20 PM

කතාව ඇත්ත

:       2       30

Ravi Friday, 25 June 2021 01:11 PM

ඔහොම ඉනන කඩේ ගියේ නැත්තනම්

:       2       41

සල්ලි Friday, 25 June 2021 01:48 PM

උද්ඝෝෂණ කරොලා වැඩක් නැ

:       1       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 0 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 9 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 52 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 123 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1234 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 519 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1493 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site