(අංජුල මහික වීරරත්න)
නැගෙනහිර පළාතේ වගාව බිම් හෙක්ටයාර් ලක්ෂයකට වඩා ආපදාවෙන් විනාශ වී ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය.
ආණ්ඩුකාරවරයා මේ බව කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා රාත්‍රියේ පැවති සූම් සාකච්ඡාවේදීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා මෙහිදී අදහස් දක්වමින් කීවේ මහනුවර සහ මාතලේ විසන්ධි වූ විදුලි බලය බොහෝ ප්‍රමාණයක් මේ වන විට යළි ස්ථාපිත කර තිබෙන බවයි.එහි ජල සැපයුම් සැපයීමේ ප්‍රශ්නයක් තවම තිබෙන බව කී ආණ්ඩුකාරවරයා මහවැලි ගඟේ ජල පොම්පාගාරයේ මඩ ඇතුලට ගොස් තිබීම ඊට හේතුව බව කීය.
ගලගෙදර, මාතලේ සහ මහියංගන මාර්ග වල එක් මං තීරුවක් බැගින් විවෘත කර තිබෙන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්වරයා කීවේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය ,අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර වල බිඳවැටුණු පහසුකම් යළි ස්ථාපිත කිරීම සඳහා දළ වශයෙන් මිලියන 8100ක් පමණ අවශ්‍ය වෙතියි ඇස්තමේන්තු කර තිබෙන බවයි.
ඉදිරියේදී අනිවාර්යයෙන්ම එළවළු හිඟයක් ඇතිවිය හැකි බවද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා මෙහිදී කීය. වයඹ ප්‍රධාන ලේකම්වරයා පැවසූයේ වී වගා බොහොමයක් නැවත වගා කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා බිත්තර වී අවශ්‍යතාවයක් පවතින බවයි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා කීවේ තම පළාතේ කුඹුරු හෙක්ටයාර් 650ක්,බඩ ඉරිඟු හෙක්ටයාර් 889 ක්,සහ අතිරේක භෝග වගා හෙක්ටයාර් 189 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි.
ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසූයේ ඌව පළාතේ වී වගාවෙන් සියයට 20ක් පමණ ආපදා නිසා විනාශ වී ඇති බවයි.එළවළු වගා හෙක්ටයර් දස දහසකට හානි වී තිබෙන බවද ඇය කීවාය. බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් කීවේ ගංවතුරට බස්නාහිර මාර්ග කිලෝමීටර් 142ක් පමණ යට වූ බවයි.
2025 නොවැම්බර් මස 21
285
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1248
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නැගෙනහිර වගා හෙක්ටයාර ලක්ෂයක් ඉවරයි