IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නව අගමැතිට සජබයෙන් කිසිඳු සහායක් නෑ

(නිමල කොඩිතුවක්කු)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවද ඔහු පැවසීය.

රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගෙන ඇති බවත් මහ ලේකම්වරයා තවදුරටත්  කීවේය.

 



අදහස් (23)

නව අගමැතිට සජබයෙන් කිසිඳු සහායක් නෑ

Lalith M Thursday, 12 May 2022 09:31 PM

දැනටම ඕකෙන් පනින අය සාකච්ඡාවට ගිහිල්ලා ඇති. විපක්ෂ නායක... ඊළඟට අගමැති කියන වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය සජිත් බිඳ දැම්මාද...?

:       0       0

chandima Thursday, 12 May 2022 09:37 PM

අන්තිමේ පොදු පෙරමුණේ තැනගන්න තවත් විපක්ෂයක් හැදුවා නේද? ඔය පක්ෂයේ කවුරුවත් මහජනතාවගේ නියම නියෝජිතයෝ ඉන්නවාද?

:       0       0

chandima Thursday, 12 May 2022 09:50 PM

ඔව්, ඔව් නැතිනම් මීළඟ ඡන්දෙට විපක්ෂයක් නැතිව යවන්නේ..! පක්ෂයේ වෙනම උන්නාට කට්ටිය ඒ පැත්තට යවනවනේ තුනෙන් දෙක හදාගන්න... නේද?

:       0       0

chandima Thursday, 12 May 2022 09:54 PM

ඒක හොඳයි.. නැතිනම් ලබන වතාවේ ජෙප්පන්ට රට යනවා...

:       0       1

සංහිද Thursday, 12 May 2022 09:54 PM

එපා... රටේ මිනිස්සු කන්න නැතුව මැරුණාට පස්සේ මොනවා කරන්නද? මොකද තව අවුරුදු ගාණකට කන්න එකතු කරගෙනනේ ඉන්නේ...

:       0       0

de silva Thursday, 12 May 2022 10:00 PM

ඇමැති මණ්ඩලයක් හදාගන්න එක අසීරු වේවි..! ගෝඨා සහ රනිල් යටතේ ඇමැතිකම් අරන් ගමේ යන්න බැරිවේවි...!

:       0       1

Lankikaya Thursday, 12 May 2022 10:13 PM

අපි බලමු...!

:       0       0

Saththaya Thursday, 12 May 2022 10:39 PM

ජනතාවට දැන් වහාම තෙල් ටික, ගෑස්, කෑම බීම සහ කිරිපිටි අවශ්‍යයි. ඔබලාගේ බල පෙරේතකම ඔහෙලාම තියාගන්න. සල්ලි අච්චු ගහලා ඩීල් දැම්මේ කව්ද දන්නේ නැහැ.. හොඳට මිනිසුන් කාලා බීලා ඉද්දී අරය එක්ක ඩීල් දාලා ලොකුකම ගන්න ආණ්ඩු පෙරලුවේ කව්ද දන්නේ නැහැ . ඒවා ඩීල් නෙමේද? අන්තිමට අද ජනතාව මහපාරේ ඉන්නේ. ඒ නිසා දැන් වහාම ජනතාව මේ කරදරෙන් මුදවා ගන්න කෙනෙක් අවශ්‍යයි. පුළුවන් නම් ඊට පස්සේ ඔය ගොල්ලෝ රජකම ගන්න. සහයෝගය අවශ්‍ය වෙන එකක් නැහැ මම හිතන්නේ... අපිට දවසක්වත් ඉන්න බැහැ. කන්න නැහැ. අරගල භූමියට යන්න දුර වැඩියි...

:       0       2

S P Dissanayake Thursday, 12 May 2022 11:02 PM

ගොන් කතා එපා. අවස්ථා දුන්නාම ගත්තේ නැහැ... කොන්දේසි දදා හිටියා. රටේ මිනිස්සු දුක් විඳිනවා. ඉක්මණින් ඔක්කෝමලා එකතුවෙලා උත්තර හොයන්න ඕනෑ කියන එකවත් මේ අයට තේරෙන්නේ නැහැ... දැන් පරක්කු වැඩියි.

:       0       4

LK Thursday, 12 May 2022 11:53 PM

රනිල්ට උදව් කරන්න එපා.. ආර්ථික අර්බුදයට එරෙහිව කටයුතු කරන්න.

:       0       3

සෙනවි Friday, 13 May 2022 12:21 AM

නරියත් කිව්වා මිදි තිත්තයි කියලා...

:       0       2

AMAL Friday, 13 May 2022 12:48 AM

ඔයාලා ඉතිහාසගත අවස්ථාවක් මගහැර ගත්තා. ඔච්චර කුහක වෙන්න එපා.

:       0       2

මධුර Friday, 13 May 2022 04:42 AM

සජාබයේ සජිත් පිලෙන් සහායක් නෑ කිව්වා නම් තමයි හරි. කටට වැටෙන්න ගිය මිදි වල්ල එපා කියලා දැන් වෙනකෙනෙක් ඒක කෑවාම කෑගහලා හරි යනවද?

:       0       3

Deepal Nirosh Friday, 13 May 2022 05:39 AM

සජබ සහාය නැතුවාට කමක් නැහැ මහත්තයෝ... සජබ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර සහාය තියනවා නම්...

:       0       3

ANTA Friday, 13 May 2022 06:21 AM

මේ අවස්ථාවේ හොඳම තුරුම්පුව තමයි ගහලා තියෙන්නේ...

:       0       2

යෝගා Friday, 13 May 2022 06:25 AM

මිදි මාර තිත්තයි නේද?

:       0       1

දහනායක Friday, 13 May 2022 07:51 AM

සජබ වෙනුවෙන් ඡන්දය දුන්නු කෙනෙක් ලෙසට කියන්න වෙනවා මේ වෙලාවේ රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගැනීමට අගමැතිට සහාය දියයුතුයි කියලා මම හිතන්නේ නැහැ. රනිල් මෙවර මෙම තනතුර රැගෙන රට තරමක් හෝ ශක්තිමත් කිරීමෙන් පසුව නැවතත් දේශපාලනය කරාවි කියලා සජබ පිරිස් ඔවැනි තීරණ ගතහොත් සේන අම්බලන්ගොඩ මහතා පුන පුනා කියන 2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාරගේ ජයග්‍රහණය වැළැක්විය නොහැක.

:       0       1

සමන්\ Friday, 13 May 2022 08:59 AM

අනේ, තමුන්ට මහින්ද ගිය වෙලාවේ රජය බාරගන්න තිබුණා. බයට, බැරිකමට මේස අස්සේ හැංගිලා ඉඳලා දැන් පොරටෝක් දෙනවා. මහින්ද අයින් වුණා කියලා ගැසට් එක ගහලත් බකන් නිලාගෙන හිටියේ තමුන්ලාට බැරිකම නිසා වෙන කිසිදෙයක් නොවේ රටයි, අපේ අනාගතයයි කාලකන්නි කරන්නේ නැතිව දැන්වත් පැත්තකට වෙලා ඉන්න මේක රටක්..., සෙල්ලම් ගෙදරක් නොවෙයි.

:       1       36

Senarath Friday, 13 May 2022 09:06 AM

සජබේ මොනවද පසුගිය දවස් 40ක් විතර කළේ? නිකන් කාලය කා දමලා රට තවත් අගාධයට යනකන් බලාගෙන හිටියා. කිසිම වැඩපිළිවෙළක් යෝජනා කළාද? අගමැතිකම අරගෙන රට ගොඩනගන්න කිසිදු උත්සාහයක් ගත්තද? නැහැනේ.... නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව පොඩ්ඩක් ඕනෙ වගේ තමයි හැසිරුණේ. රටට ආදරයක් තිබේනම්, දැන් රනිල් අගමැතිට සහාය දීලා තව අවුරුද්දකින් හෝ දෙකකින් පාර්ලිමේන්තු ඡන්දෙන් බලය ලබාගන්න. අපිත් රනිල්ට පුද්ගලිකව කැමැති නැහැ. ඒ වුණාට මේ වෙලාවේ අඩුම තරමේ ප්‍රශ්නෙ හරියට අඳුරගෙන ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු කිහිප දෙනාගෙන් කෙනෙක් එතුමා. ඒ වගේම ජාත්‍යන්තරයෙන් යම් උදව්වක් ගන්න තරම් සබඳතා තියෙන්නෙත් එතුමාට විතරයිනේ..

:       3       26

ලොක්කා Friday, 13 May 2022 09:17 AM

අවශ්‍යත් නෑ..

:       1       21

Fernando Friday, 13 May 2022 10:08 AM

සජිත් කරන්නෙත් ඒකම තමයි.. මහින්දලාව රකිනවා.

:       2       11

pakeer Friday, 13 May 2022 11:10 AM

කවුරු ආවත් වැඩක් නැහැ. මේ ක්‍රමය මාරු නොකර... ඉදිරිපත් කරපල්ලා ක්‍රමයක්... ඔය කවුරු ආවත් එතකොට කමක් නැහැ. එන කෙනාට තියෙන්නේ ඒ ක්‍රමයට මේක කරන එක...

:       5       13

Lelwala Friday, 13 May 2022 12:15 PM

ඔවුන්ට පිට කොන්දක් නැහැ. ඔහු විපක්ෂ නායකකමට සුදුසු නැහැ.

:       3       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 104 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 350 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 593 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1022 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 714 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1575 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site