IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අගමැති ධූරය බාරගන්නැයි සජිත්ට ආරාධනා ?

(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා  සඳුදා  (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු  පක්ෂවලට ආරාධනා කර, සර්ව  පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ  ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව  ස්වාධීන වූ මන්ත්‍රී  කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.



අදහස් (26)

අගමැති ධූරය බාරගන්නැයි සජිත්ට ආරාධනා ?

Pradeep Kumara Saturday, 07 May 2022 11:12 AM

ඉඟුරු දීලා මිරිස් ගන්න වගේ කල්පනාව...

:       33       142

කිරි පුතා Saturday, 07 May 2022 11:21 AM

දැන් ඉතින් කට්ටයට තියෙන්නේ මෙච්චර කලෙයක් කටින් හිටවපු බතල කොළ මුල් ඇදෙන විදිහට වැඩ කරන්න.

:       11       124

Prabha Saturday, 07 May 2022 11:27 AM

මරු තේරීම..!

:       6       74

මැක්ස් Saturday, 07 May 2022 11:39 AM

අන්තිම සතේටත් ඔට්ටුයි, විපක්ෂයේ කිසි කෙනෙක් ඕක බාර ගන්නේ නෑ. කයිවාරු ගහනවා වගේ කරන්න බෑ කියලා දන්නා නිසා...!

:       14       118

GayanSaturday, 07 May 2022 11:56 AM

අනිවාර්යයෙන්, ගන්න කිව්වට කවුරුවත් ගන්නේ නෑ...ඕක ශුවර්. ඒත් කියයි ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා..., කට විතරයි.

:       16       74

චින්තක Saturday, 07 May 2022 12:01 PM

කයිවාරු නොවෙයි, මැකෝ 20 සංශෝධනය තියෙද්දී පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. බලය තියෙන්නේ ජනාධිපති අතේ... එහෙම තියාගෙන සජිත් අගමැති වුණොත් ඊළඟ වතාවේත් ජනාධිපති වෙන්නේ ගෝඨාභය තමයි..

:       62       57

saaliSaturday, 07 May 2022 12:14 PM

සජිත්, අනුර.. කර ඇරියට, චම්පික ඉදිරිපත් වේවි. රනිල් වුණත් බැහැ කියන්නේ නැහැ. ඒත් 113 ගන්න එක ප්‍රශ්නයක් වේවි. වරින්වර මුදලට යටවෙන කට්ටිය නිසා.

:       26       39

චන්දන Saturday, 07 May 2022 12:18 PM

ඒ කියන්නේ සටන නතර කරන්න වෙන්නේ නැති පාටයි..

:       3       63

asank Saturday, 07 May 2022 12:28 PM

මුළු රටේම හැම තැනකම කියන්නේ අගමැති විතරක් නොවෙයි, ජනාධිපතිත් ඉවත්විය යුතුයි කියලා...

:       15       44

Dharmatileke Saturday, 07 May 2022 12:37 PM

ඡන්දය දීපු අපි කියනවා ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා... වෙන කිසිම දෙයක් කාටවත් ඕනෑ නැහැ.

:       12       44

මහසෙන් Saturday, 07 May 2022 12:38 PM

මේ තවත් වැඩ බැරි ටාසන් කෙනෙක් පමණයි. නොකෙරෙන වෙදමට කෝඳුරු තෙල් හත්පට්ට්යකුයි, තව ටිකකුයි ඕනෑ කියනවානේ. දැන් මේ මහදැන මුත්තයි, ගෝලයින් ටිකයි කතන්දර වපුරයි. මේ වෙලාවේ රටට ඕනෑ මේ කුණාටුව මැද නැව පදවන්න ආත්ම ශක්තියක් ඇති දැක්මක් ඇති නායකයෙක්. නමුත් එහෙම කෙනෙක්...?

:       8       30

සනත් Saturday, 07 May 2022 12:49 PM

දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි.. අන්තරේටයි, යූ ටියුබ් කාරයින්ටයි රට බාරදීම පමණයි.

:       26       43

කිරි පුතාSaturday, 07 May 2022 01:21 PM

ඒක නම් හරි. ඒ දෙගොල්ලන්ම කරන්නේ පිස්සන් කරන වැඩනේ...

:       25       36

Nihal Saturday, 07 May 2022 12:49 PM

චම්පික රණවක සුදුසුයි. හොඳම නුවණ...

:       49       23

Kapila Saturday, 07 May 2022 12:51 PM

මේ වගේ සහනාධාර මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් අගමැතිකමට සුදුසු නෑ. තියෙන සොච්චමත් මිනිස්සුන්ට කන්න බෙදලා දෙයි. සජිත් කරන ප්‍රකාශ වලින් ඒ බව පේනවා. අගමැති තනතුර උගත්, බුද්ධිමත් කෙනෙකුට දෙන්න. හර්ෂ, චම්පික වගේ කෙනෙක් තමයි සුදුසු...

:       14       37

රටවැසියා Saturday, 07 May 2022 01:17 PM

ඇයි යුද විරුවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ජනාධිපතිකමටත් හොඳයි. අඩුම තරමින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා කතා කරන්න පුළුවන් කෙනෙක් නම් වඩාත්ම හොඳයි. එවිට සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන්.. ඒ අතරම සෑම පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවල මන්ත්‍රීන්ටත් පළාත් පාලන ආයතනවල සභාපති හා උප සභාපතිවරුන්ටටත් තමන්ගේ භාෂාවට අමතරව දෙවැනි භාෂාව කතාකිරීමට හැකියාව සුදුසුකමක් වියයුතුයි..

:       30       9

saaliSaturday, 07 May 2022 01:40 PM

එයා කට ඇරියොත් ඔක්කොම ඉවරයි.. කතාවෙන් කොහොමද ආර්ථිකය හදන්නේ?

:       1       31

Mo77Saturday, 07 May 2022 06:35 PM

ඔයාටත් කට තිබ්බට වැඩ නෑ. සාමාන්‍ය පෙළ විතරයි. ජනාධිපතිට, අගමැතිට හොඳ ඉගෙනගත්ත ප්‍රායෝගික අත්දැකීම් තියෙන පුද්ගලයෙක් එන්න ඕනේ... මම හිතන්නේ හර්ෂ ද සිල්වා තමයි හොඳ. චම්පික රණවක වුණත් අගමැතිකමට හරි.

:       6       5

Nihal Saturday, 07 May 2022 12:52 PM

රටවිරුවෝ මුදල් එවන එක නැතිවෙලාම ගියා.

:       4       19

ගමේ එකාලා Saturday, 07 May 2022 02:45 PM

මොළහතා හොඳා කියලනේ ඒ කාලේ කිව්වේ..?

:       2       13

Dharma Saturday, 07 May 2022 02:55 PM

රනිල්, හැමදාම පුරුදු ඩීල් එක ආයෙත් ගහන්න. මිනිස්සුන්ගේ බඩවල් පුරවපු ඩීල් එක.. රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරපු ඩීල් එක... ගෑස්, තෙල්, පෝලිම් නැතිව මිනිස්සු ජීවත් කරවපු ඩීල් එක... නීතියේ බලයට යටින් පාලකයින් හිටවපු ඩීල් එක.. ඔප්පු කරන්න බැරි වුණත් මහ බැංකු හොරා කියද්දීත් මාධ්‍ය නිදහස ආරක්ෂා කළ ඩීල් එක...

:       6       20

Mama Saturday, 07 May 2022 02:56 PM

තවමත් ජනාධිපති ගෝඨාභයද? කිසිම රජයකට උදව් කරන්න එකඟවෙන්න අවශ්‍ය නැහැ... මෙයා ගෙදර යනතුරු.

:       13       18

අතුල සෞදි Saturday, 07 May 2022 05:01 PM

ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී...

:       0       8

අරගල රාළ Saturday, 07 May 2022 07:50 PM

චිචී අගමැති කරමු... රොකට් යවන්නත් පුළුවන් එයාට.. කවදාවත් රස්සාවක් නොකරපු කෙනා නිසා හොඳටම කරයි..

:       4       6

fairoos Sunday, 08 May 2022 01:19 PM

අරගල කරන අය ඉල්ලන ආණ්ඩුවක් හදන්න නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

:       0       0

වර්ණකුලසූරිය Sunday, 08 May 2022 02:50 PM

අද ජනතාව ඉල්ලන්නේ හිටපු සහ ඉන්න කොට්ටෝරුවන්ගේ පාලනයක් නොවේ. අද ජනතා මතය විමසා ගොඩනැගෙන ශක්තිමත් පාලනයක් රටේ අවශ්‍යතාවයයි. ජනාධිපතිවරයා සහ රජය හෝ විපක්ෂය මේ මොහොතේ ජනතා කැමැත්ත නොවේ. මේ නිසා අයිතියේ හිමිකරුවා වීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නැත. අර්බුදයක් ගොඩනගපු අයට ඒ තුළ හිමිකමක් තිබිය නොහැකියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 574 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 255 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 713 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 725 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 288 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 467 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site