ඇමෙරිකාවේ ධවල මන්දිරය පරිශ්‍රයෙන් පිටතදී වෙඩි තැබීමක් සිදු කිරීමෙන් පසු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය සැකකරු කවුරුන්දැයි ආරක්ෂක අංශ හදුනාගෙන ඇත. සැකකරු 21 හැවිරිදි නසීර් බෙස්ට් බව පැවැසෙයි

නසීර් බෙස්ට් මීට පෙර ද 2025 වසරේ ජූලි මාසයේදී බලහත්කාරයෙන් ධවල මන්දිරය තුළට ඇතුළු වීමට දැඩි උත්සාහයක් දරා තිබූ බව සඳහන් වෙයි.

එම අවස්ථාවේදී ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඔහුව වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙනු ලැබූ බව ද පැවැසෙයි.